ඌවෙන් පැමිණිලි 141ක්

ඌවෙන් පැමිණිලි 141ක්
ඌව පළාත් සභා මැතිවරණයට අදාළව මේ වනවිට සිදුවීම් 141 ක් පිළිබඳව තොරතුරු වාර්තා ඇති බව කැෆේ සංවිධානය පවසයි.ඒ මොණරාගල දිස්ත්‍රික්කයෙන් 104 ක් සහ බදුල්ල දිස්ත්‍රික්කයෙන් 30 ක් සහ වෙනත් සිදුවීම් 7 ක් වශයෙනි.අද(31) මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කැෆේ සංවිධානය...

සෑම් විජේසිංහ මහතා අභාවප්‍රාප්ත වෙයි

සෑම් විජේසිංහ මහතා අභාවප්‍රාප්ත වෙයි
පාර්ලිමේන්තුවේ හිටපු මහ ලේකම්වරයෙකු වන සෑම් විජේසිංහ මහතා අභාවප්‍රාප්ත වී තිබේ.අනු තුන් හැවිරිදි ඒ මහතා කොළඹ පිහිටි සිය නිවසේදී අභාවප්‍රාප්ති වී ඇති බව ඒ මහතාගේ පවුලේ ඥාතීන් සඳහන් කළ...

ISIS අන්තවාදය බිහි කළ අමෙරිකාව වගකීම බාරගත යුතුයි

ISIS අන්තවාදය බිහි කළ අමෙරිකාව වගකීම බාරගත යුතුයි
ලොව විශාලතම බෞද්ධ විහාරය ලෙස සැලකෙන බොරෝබුදුර් විහාරයට ප‍්‍රහාරයක් එල්ල වුවහොත් එහි වගකීම අයි.එස්.අයි.එස්. අන්තවාදය බිහි කොට පෝෂණය කළ අමෙරිකා එක්සත් ජනපදය බාර ගත යුතු යැයි ජාතික නිදහස් පෙරමුණ පවසයි.අද(31) කොළඹ දී පැවැති මාධ්‍ය හමුවකදී ජාතික නිදහස් පෙරමුණේ...

මීගලෑවේ දරුවා පැහැරගැනීමට සහයෝගය දුන් තවත් අයෙක් දැලේ

මීගලෑවේ දරුවා පැහැරගැනීමට සහයෝගය දුන් තවත් අයෙක් දැලේ
මීගලෑව ප්‍ර දේශයේ දී දරුවෙකු පැහැරගෙනයාමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන්ට ආධාර අනුබල ලබාදුන් බව කියන පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ඊයේ(30) අත්අඩංගුවට ගත් සැකකරු අද දිනයේ ගල්ගමුව මහේස්ත්‍රාත් අධිකරණය...

හොර පාරෙන් යන බස් ගැන විශේෂ මෙහෙයුමක්

හොර පාරෙන් යන බස් ගැන විශේෂ මෙහෙයුමක්
බලපත්‍ර රහිත දුර ගමන් සේවා බස් රථ සම්බන්ධයෙන් විශේෂ මෙහෙයුමක් ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පවසයි.ඔහු පවසන්නේ මඩකලපුව, ත්‍රීකුණාමලය, කල්මුණ හා අක්කරෙයිපත්තුව ආදී ප්‍රදේශවලට නීත්‍යානුකූල බලපත්‍ර රහිතව බස්...

විදෙස් ගමන් මලු තුනක් ගල්වෙයි

විදෙස් ගමන් මලු තුනක් ගල්වෙයි
විදේශයකින් මෙරටට එවන ලද ගමන් මලු තුනක තිබූ භාණ්ඩ වෙනුවට එම ගමන් මලුවලට පත්තර සහ කොන්ක්‍රීට් පතුරු දමා වංචා සිදුකළ තැපැල් නිලධාරීන් සිව් දෙනෙකු ඇතුළු පුද්ගලයින් අට දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.පසුගිය මැයි මස තුන්වන දින ඩුබායිහි සිට මෙරටට එවන ලද විදේශ ගමන්මලු...

පුද්ගලයින් 4ට බඹරුන්ගෙන් ප්‍රහාරයක්

පුද්ගලයින් 4ට බඹරුන්ගෙන් ප්‍රහාරයක්
තෙල්දෙණිය, ගොඩමුන්න ප්‍රදේශයේ දී පුද්ගලයින් සිව් දෙනෙකු බඹර ප්‍රහාරයකට ලක්ව තිබේ.අද උදෑසන වෙළෙඳසැලක් වෙත දියර කිරි රැගෙන යමින් සිටියදී අදාළ පිරිස බඹර ප්‍රහාරයට ලක්ව ඇති බව අද දෙරණ වාර්තාකරු සඳහන් කළේය.තුවාල ලැබූවන් අතර වයස අවුරුදු හතරාමාරක පමණ වන දරුවෙකු...

නීති විරෝධී මත්පැන් පෙරීමේ ස්ථානයක් වටලයි

නීති විරෝධී මත්පැන් පෙරීමේ ස්ථානයක් වටලයි
වෙන්නප්පුව, බෝලවත්ත ප්‍රදේශයේ පවත්වාගෙන ගිය නීති විරෝධී මත්පැන් පෙරීමේ ස්ථානයක් වටලා තිබේ.වෙන්නප්පුව පොලීසියට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදුකර ඇති බව වාර්තා වෙයි.එහිදි නීති විරෝධී මත්පැන් බෝතල් 100ක් සහ මත්පැන් පෙරීමට භාවිත කරන උපකරණ පොලීසිය භාරයට ගෙන...

නවපිල්ලේගේ වැඩ ඉවරයි - සෙයිද් අල් හුසෙන් වැඩ අරඹයි

නවපිල්ලේගේ වැඩ ඉවරයි - සෙයිද් අල් හුසෙන් වැඩ අරඹයි
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කවුන්සිලයේ නව මහ කොමසාරිස්වරයා ලෙස සෙයිද් අල් හුසෙන් කුමරු හෙට(01) සිය ධුරයේ වැඩ ආරම්භ කිරීමට නියමිතව තිබේ.එම ධුරයේ කටයුතු කළ නවනීදන් පිල්ලෙයි මහත්මිය‍ගේ හය වසරක සේවා කාලය අවසන් වීම හේතුවෙන් නව පත් කිරීම සිදුකෙරුණි.සෙයිද්...

එ.ජා.ප. නියෝජ්‍ය නායක ධූරය සජිත්ට?

එ.ජා.ප. නියෝජ්‍ය නායක ධූරය සජිත්ට?
එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක ධුරය ඇතුළු තනතුරු රැසක් පිරවීමට කඩිනමින් කටයුතු කරන බව එම පක්ෂයේ මහලේකම් තිස්ස අත්තනායක මහතා පවසයි.ඔහු පෙන්වා දෙන්නේ මේ මස මුල් සතියේ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේ දී මේ සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බවයි.නියෝජ්‍ය නායක ධුරය...

ලෝකයම ජයගත හැකි තරුණ පරපුරක් රට තුළ ගොඩනැගෙමින් තිබෙනවා

ලෝකයම ජයගත හැකි තරුණ පරපුරක් රට තුළ ගොඩනැගෙමින් තිබෙනවා
සාමයෙන් සහ සංවර්ධනයෙන් පිරි රටක් පිළිබඳ ජනතාවට ලබාදුන් අපේක්ෂා නිසි අයුරින් ඉටුකරන තුරු රජයේ ගමන නවතා නොදමන බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ සංවර්ධනයේ ප්‍රතිලාභ සියලු දෙනා භුක්ති විඳින රටක් මෙන්ම ලෝකයම ජයගත හැකි තරුණ පරපුරක්...

සෞඛ්‍ය වර්ජනය පැය 48ට අත්හිටුවයි

සෞඛ්‍ය වර්ජනය පැය 48ට අත්හිටුවයි
පරිපුරක වෛද්‍ය වෘත්තිකයින් දියත් කර ඇති වැඩ වර්ජනය ත‍ාවකාලිකව අත්හිටුවා තිබේ.අද පස්වරුවේ සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ලලිත් දිසානායක මහතා සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුව අදාළ තීරණය ගත් බව පරිපූරක වෛද්‍ය වෘත්තිකයින්ගේ සම්මේලය සඳහන් කළේය.සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍යවරයා...

රූපලාවන්‍යාගාර පරීක්ෂණ කටයුතු සාර්ථකයි

රූපලාවන්‍යාගාර පරීක්ෂණ කටයුතු සාර්ථකයි
දිවයින පුරා පිහිටි රූපලාවන්‍යාගාර පරික්ෂාවට ලක් කිරිමේ වැඩසටහන සාර්ථකව සිදුකරන බව විලවුන් උපකරණ හා ඖෂධ අධිකාරිය පවසයි.පසුගිය සති තුනක කාලය තුළ සිදුකළ වැටලිම් 26ක ප්‍රමාණයෙන් ප්‍රමිතියෙන් තොර රූපලාවන්‍යාගාර තුනක් සොයාගැනිමට හැකි වු බව එහි අධ්‍යක්ෂ වෛද්‍ය...

දක්ෂිණ අධිවේගයේ අනතුරක් - 14ක් රෝහලේ

දක්ෂිණ අධිවේගයේ අනතුරක් - 14ක් රෝහලේ
දක්ෂිණ අධිවේගි මාර්ගයේ ගාල්ල පින්නදූව පිටවීමේ දොරටුව අසළ දි සිදුවු රිය අනතුරකින් පුද්ගලයින් 14 දෙනෙකු තුවාල ලබා තිබේ.අද දහවල් 12.00 ට පමණ මෙම අනතුර සිදුව ඇත බව පොලිසිය පැවසුවේය.කොට්ටාව සිට ගාල්ල බලා ධාවනය වූ ලංගම බස් රථයක් ප්‍රවේශ පත්‍ර ගැනිම සඳහා නවතා...

ශ්‍රී ලංකාවට විශිෂ්ට ජයක්

ශ්‍රී ලංකාවට විශිෂ්ට ජයක්
ශ්‍රී ලංකාව සහ පකිස්ථානය අතර පැවැත්වුණු තෙවන එක්දින ක්‍රිකට් තරඟයෙන් ඉතා විශිෂ්ට ජයක් හිමිකර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.පළමුවෙන් පන්දුවට පහරදුන් පකිස්ථාන ක්‍රිකට් කණ්ඩායම සියලුම කඩුළු දැවි ලකුණු 102 ක් රැස්කර ගන්නා ලදී.ජයග්‍රහණ බලාපොරොත්තුවෙන්...

කතක් ඝාතනය කර රන් සොරාගත් 2ක් අත්අඩංගුවේ

කතක් ඝාතනය කර රන් සොරාගත් 2ක් අත්අඩංගුවේ
කාන්තාවක ඝාතනය කර රන් භාණ්ඩ කොල්ලකෑමකට සම්බන්ධ පුද්ගලයින් දෙදෙනෙකු මහරගම ප්‍රදේශයේ දි අත්අඩංගුවට ගෙන තිබේ.මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් එක්කයේ නිලධාරින් කණ්ඩායමක් සිදුකළ විමර්ශනයකදි සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.අදාළ පුද්ගලයින් දෙදෙනා 2012 වසරේ ජනවාරි මාසයේ...

වන අලි ප්‍රහාරයකින් කතක් මරුට

වන අලි ප්‍රහාරයකින් කතක් මරුට
විල්ගමුව, හඳුන්ගමුව ප්‍රදේශයේ දි වන අලි ප්‍රහාරයකට ලක්ව කාන්තාවක මියගොස් තිබේ.අදාළ කාන්තාව සිය සහෝදරියගේ නිවසට යමින් සිටින අවස්ථාවේදි වන අලි ප්‍රහාරයට ලක්ව ඇති බව සඳහන් වෙයි.පහර කෑමට ලක් වු කාන්තාව හඳුන්ගමුව රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇති...

පොලීසිය නිසි ක්‍රියාමාර්ගගෙන නෑ

පොලීසිය නිසි ක්‍රියාමාර්ගගෙන නෑ
මොණරාගල දිස්ත්‍රික්කයේ පවතින තත්ත්වය පාලනය කිරීම සඳහා පොලිසිය මේ දක්වා නිසි ක්‍රියාමාර්ග ගෙන නොමැති බව මැතිවරණ නිරීක්ෂණ සංවිධාන පවසයි.මැතිවරණ නිරීක්ෂණයේ නිරත පැෆ්රල් සංවිධානය සඳහන් කළේ මොණරාගල දිස්ත්‍රික්කයේ දේශපාල පක්ෂ කාර්යාල වලට පහර දිමේ සිද්ධීන්...

තරඟයට වාර්ෂාවෙන් බාධා

තරඟයට වාර්ෂාවෙන් බාධා
ශ්‍රී ලංකාව සහ පකිස්ථානය අතර පැවැත්වෙන තුන්වන එක්දින ක්‍රිකට් තරඟට වර්ෂාවෙන් බාධා ඇති වීම හේතුවෙන් මේ වන විට තරඟය තාවකාලිකව අත්හිටුවා තිබේ.තරඟය අත්හිටුවන අවස්ථාවේදී පකිස්ථාන කණ්ඩායම කඩුළු 8ක් දැවී ලකුණු 81 ට සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත්...

දුම්රියට බිලිවූයේ කවුරුන්දැයි තාම හඳුනාගෙන නෑ

දුම්රියට බිලිවූයේ කවුරුන්දැයි තාම හඳුනාගෙන නෑ
මරදාන සිට මාතර බලා ධාවනය වූ දුම්රියකට බිලි වීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වී තිබේ.බෙන්තොට ප්‍රදේශයේදී මෙලෙස දුම්රියට බිලිවී ඇත්තේ වයස අවුරුදු 45-50 විය හැකි පුද්ගලයෙකු බවට පොලීසිය සැක පළකරයි.එසේ වුවද ජීවිතක්ෂයට පත්ව ඇත්තේ කවුරුන්ද යන්න මෙතෙක් අනන්‍යතාව...

රක්ෂිතයේ අක්කර 5ක් ඉවරයි

රක්ෂිතයේ අක්කර 5ක් ඉවරයි
නුවරඑළිය-බෝගුරුඇල්ල රක්ෂිත ප්‍රදේශයේ ඇතිවූ ගින්නකින් අක්කර 5ක පමණ ප්‍රදේශයක් ගින්නෙන් දැවී ගොස් ඇති බව අද දෙරණ වාර්තාකරු පවසයි.නුවරඑළිය නගර සභා ගිනි නිවන ඒකකය, පොලීසිය හා ප්‍රදේශවාසීන් එක්ව මේවන විට ගින්න මැඩපවත්වා ඇති බව සඳහන්ය.ගින්නට හේතුව මෙතෙක් අනාවරණය...

පකිස්ථානය පිත්ත අතට ගනියි

පකිස්ථානය පිත්ත අතට ගනියි
ශ්‍රී ලංකාව සහ පකිස්ථානය අතර පැවැත්වෙන තුන්වන එක්දින ක්‍රිකට් තරඟයේ කාසියේ වාසිය ලබාගත් පකිස්ථානය පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කර තිබේ.අද තරඟය දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි.දෙරට අතර පැවති දෙවන එක්දින තරඟයේ ජයහිමි කර ගරනීමට ශ්‍රී...

බස් රථය අවසන් ගමන් යවයි

බස් රථය අවසන් ගමන් යවයි
මන්නාරම, බස් නැවතුම්පොළේ ප්‍රධාන දොරටුව අසළ දී පුද්ගලයෙකු බස් රථයකට යටවීමෙන් මියගොස් තිබේ.බස් රථය බස් නැවතුම්පලට ඇතුල් කිරීමට උත්සාහ කිරීමේ දී ඉදිරියෙන් ගමන් කළ මගියෙකු එම බස් රථයට යටවීමෙන් මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය පැවසුවේය.අනතුරින් තුවාල ලැබු...

බඹර ප්‍රහාරයකින් අයෙක් මරුට - 6ක් රෝහලේ

බඹර ප්‍රහාරයකින් අයෙක් මරුට - 6ක් රෝහලේ
හැටන්, දිඹුලපතන ප්‍රදේශයේ දී බඹර ප්‍රහාරයකට ලක්ව පුද්ගලයෙකු මියගොස් තිබේ.බඹර ප්‍රහාරයෙන් කාන්තාවන් සිව් දෙනෙකු ඇතුළු තවත් පුද්ගලයින් 06 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බව පොලිසිය පැවසුවේය.මියගොස් ඇත්තේ හැටන්, දිඹුලපතන ප්‍රදේශයේම පදිංචිව සිටි 55 හැවිරිදි...

වර්ජනය තවදුරටත් - අධිකරණ නියෝගය ගැන දැනුවත් නෑ

වර්ජනය තවදුරටත් - අධිකරණ නියෝගය ගැන දැනුවත් නෑ
පරිපුරක වෛද්‍ය වෘත්තිකයින් දියත් කර ඇති වැඩ වර්ජනය තවදුරටත් ක්‍රියාත්මක කරන බව පරිපුරක වෛද්‍ය සේවා වෘත්තීය සමිති ඒකාබද්ධ බල මණ්ඩලය පවසයි.එම බල මණ්ඩලයේ ප්‍රධාන ලේකම් අජිත් තිලකරත්න මහතා පවසන්නේ ඊයේ(29) රාත්‍රී සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍යවරයා සමඟ පැවති සාකච්ජාව...

ජාතික ගුරු මාරු ප‍්‍රතිපත්තියට පටහැනිව නම් කිරීම ප‍්‍රජාතන්ත‍්‍රවාදී නොවන අත්තනෝමතික ක්‍රියාවක්

ජාතික පාසල්වල අතිරික්ත යයි හඳුනාගත් ගුරුවරුන්ගේ නාම ලේඛනයක් අධ්‍යාපන ලේකම්වරයා විසින් වයඹ පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවට යොමු කොට එම ගුරුවරුන් ජාතික පාසල් වලින් පළාත් පාසල් වලට ස්ථාන මාරු කිරීමට මේ දිනවල කටයුතු යොදමින් තිබෙන බව ලංකා ගුරු සංගමය පවසයි.මාධ්‍ය...

කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවයි

කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවයි
කොළඹ ප්‍රදේශ කිහිපයකට සැප්තැම්බර් මස පළමු වැනි දින ජලය සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.ඒ අනුව අදාළ දිනය තුළ පෙරවරු 8.00 සිට පස්වරු 5.00 දක්වා පැය නවයක කාලයක් මෙලෙස ජලය සැපයුම අත්හිටුවන බව එම මණ්ඩලය සඳහන් කළේය.නුගේගොඩ, හයිලෙවල්...

ඒක පුද්ගල ආදායම වැඩිවීමෙන් පමණක් සෑහෙන්න බෑ

ඒක පුද්ගල ආදායම වැඩිවීමෙන් පමණක් සෑහෙන්න බෑ
ඒකපුද්ගල ආදායම වැඩි කිරීමෙන් පමණක් සෑහීමකට පත් නොවී තම පාලන කාළය තුළ දූගී දුප්පත් කමින් තොර ආර්ථික වශයෙන් ශක්තිමත් ගම් දනව් මේ රට පුරා ඇති කිරීම ජනාධිපතිතුමාගේ අරමුණ යැයි මුදල් අමාත්‍යංශ ලේකම් ආචාර්ය පී.බී.ජයසුන්දර මහතා පවසයි.අද(29) රත්නපුර නව නගරයේ...

කුඩු ළඟ තබා ගත් කතුන් 2ක් ඇතුළු 7ක් අත්අඩංගුවේ

කුඩු ළඟ තබා ගත් කතුන් 2ක් ඇතුළු 7ක් අත්අඩංගුවේ
හෙරොයින් ළඟ තබා ගෙන සිටි කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයින් 07 දෙනෙකු ඌරගස්මං හන්දිය තුඩුව ප්‍රදේශයේදී අත්ඩංගුවට ගෙන තිබේ.ඌරගස්මං හන්දිය පොලිසියකට ලැබුණු තොරතුරකට අනුව සිදු කළ වැටලිමකදී සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඔවුන් සතුව...

පරිපූරක වෛද්‍ය සේවා වර්ජනයට එරෙහිව අතුරුතහනම් නියෝගයක්

පරිපූරක වෛද්‍ය සේවා වර්ජනයට එරෙහිව අතුරුතහනම් නියෝගයක්
පරිපූරක වෛද්‍ය සේවා වෘත්තිකයින් විසින් කරගෙන යනු ලබන වැඩවර්ජනය අත්හිටුවන ලෙස කොළඹ දිසා අධිකරණයෙන් අතුරුතහනම් නියෝගයක් නිකුත් කර තිබේ.රෝගියෙකු විසින් ගොනු කළ පෙත්සමක් සලකා බලා අධිකරණය විසින් එළඹෙන සැප්තැම්බර් මස 12වන දින දක්වා බලපැවැත්වෙන පරිදි මෙම අතුරුතහනම්...

ඩෙල්ෆ් සභාපති ඝාතනයේ උතුරේ හිටපු විපක්ෂ නායකට ඇප ලැබෙයි

ඩෙල්ෆ් සභාපති ඝාතනයේ උතුරේ හිටපු විපක්ෂ නායකට ඇප ලැබෙයි
ඩෙල්ෆ් ප‍්‍රාදේශීය සභාවේ හිටපු සභාපති 44 හැවිරිදි ඩැනියෙල් රෙක්සියන්ගේ ඝාතනයේ ප‍්‍රධාන සැකකරු වන උතුරු පළාත් සභාවේ හිටපු විපක්ෂ නායක කන්දසාමි කමලේන්ද්‍රන් යන අය අද (29) ඇප මත නිදහස් කර තිබේ.සැකකරු අද අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු යාපනය මහාධිකරණ විනිසුරු...

සිවිල් ආරක්ෂකයෙක් මරා පුළුස්සා ලක්ෂ 2ක් කොල්ලකෑ සැකකරුවෙක් රිමාන්ඩ්

සිවිල් ආරක්ෂකයෙක් මරා පුළුස්සා ලක්ෂ 2ක් කොල්ලකෑ සැකකරුවෙක් රිමාන්ඩ්
රාජකාරියට යමින් සිටි සිවිල් ආරක්ෂක සෙබ‍‍‍ළෙකු ඝාතනය කර පුළුස්සා දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවෙකු රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.සිද්ධියට අදාළ නඩුව අද (29) කැඳවු අවස්ථාවේ සැකකරු ලබන 12 වනදා දක්වා රක්ෂිත බන්දනාගාර ගත කරල ලෙස අනුරාධපුර...

පකිස්ථානු සරණාගතයින්ගේ නඩුවේ තීන්දුව සැප්තැම්බර් 1දා

පකිස්ථානු සරණාගතයින්ගේ නඩුවේ තීන්දුව සැප්තැම්බර් 1දා
නීතී විරෝධි අයුරින් මෙරට රැඳී සිටින පාකිස්ථානු ජාතික සරණාගතයින් රටින් පිටුවහල් කිරීම අත්හිටුවමින් පනවා ඇති තහනම් නියෝගය ඉවත් කරන්නේ ද නැද්ද යන්න සම්බන්ධයෙන් වු තීන්දුව සැප්තැම්බර් මස 01 වනදා ප්‍රකාශයට පත් කරන බව අභියාචනාධිකරණය දැනුම් දී තිබේ.පකිස්ථානු...

පියා, මව හා පුතු මැරූ 2ක් පෝරකයට

පියා, මව හා පුතු මැරූ 2ක් පෝරකයට
2002.02.12 දින ගාල්ල උඩුගම, හෝමගලවත්තේ වතු බංගලාවකදී පියෙකු, මවක හා පුතෙකු කපා කොටා ඝාතනය කළ බවට වරදකරුවන් වූ පුද්ගලයින් දෙදෙනෙකුට ගාල්ල පළාත්බද මහාධිකරණය අද (29) මරණ දඬුවම නියම කර තිබේ.ගාල්ල පළාත්බද අභියාචනාධිකරණයේ විනිසුරු පද්මා පලිහක්කාර මහත්මිය විසින්...

සෞඛ්‍ය ඇමතිත් අසරණයි

සෞඛ්‍ය ඇමතිත් අසරණයි
සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වැඩවර්ජන සමග ඇතිවී ඇති අර්බුදය හමුවේ සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතාද අසරණවී ඇති බව එ.ජා.ප පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතා පවසයි.රාජපක්ෂවරුන්ගේ හොරකම් නිසා එම ගැටළු විසඳීමට නොහැකිව ඇති බව මන්ත්‍රීවරයා කියා සිටියේ...

කරාපිටියේ බෙහෙත් ඇත්තේ තව දින 2යි - ඉබි යතුරු කඩලා බෙහෙත් ගන්නවා

කරාපිටියේ බෙහෙත් ඇත්තේ තව දින 2යි - ඉබි යතුරු කඩලා බෙහෙත් ගන්නවා
කරාපිටිය රෝහලේ බෙහෙත් ඇත්තේ තවත් දින දෙකකට ප්‍රමාණවත් බැවින් ඖෂධ ගබඩාවල ඉබි යතුරු කඩා හෝ ඖෂධ ගන්නා බව එම රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය ජයම්පති සේනානායක මහතා කියයි.රෝහල් පරිපූරක සේවක වර්ජනය හේතුවෙන් රෝගීන්ට ලබාදීමට ඉතිරිව ඇත්තේ තවත් දින 2ට ප්‍රමාණවත්...

දිවි පැටවුන් විකිණීමේ ජාවාරමක් වව්නියාවෙන් - නිවැසියන් අතුරුදන්

දිවි පැටවුන් විකිණීමේ ජාවාරමක් වව්නියාවෙන් - නිවැසියන් අතුරුදන්
දිවි පැටවුන් විකිණීමේ ජාවාරමක් හෙළි කර ගැනීමට වවුනියාව වනජිවි අඩවි වන නිලධාරීන් හා වවුනියාව පොලිස් නිලධාරීන් සමත්ව තිබේ.වවුනියාව වනජිවි අඩවි ආරක්ෂක නිලධාරි එම්.ඩී.එල් ලයනල් මහතා පැවසුවේ විකිණීමට රැගෙනවිත් තිබු දිවි පැටියෙකු වවුනියාව, කුරුමන්කාඩු ප‍්‍රදේශයේ...

උසස් පෙළ උත්තර පත්‍ර බැලීම හෙට සිට

උසස් පෙළ උත්තර පත්‍ර බැලීම හෙට සිට
අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ පළමු අදියරේ පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු හෙට (30) ආරම්භ කෙරේ.විභාග දෙපාර්තමේන්තුව සදහන් කළේ ලබන 12 වෙනි දින දක්වා තෝරා ගත් පාසල් 10 ක් ඒ සඳහා යොදා ගන්නා බවයි.ඒ අනුව කොළඹ රාජකීය, විශාඛා, කළුතර තිස්ස මධ්‍ය විද්‍යාලය,...

ගැබිණි මව යටකළ රියදුරු රිමාන්ඩ්

ගැබිණි මව යටකළ රියදුරු රිමාන්ඩ්
යාපනය, අච්චුවේලි, නවක්කීරි ප‍්‍රදේශයේදි ගර්භණි මවකට මරු කැඳවමින් ටිපර් රථයක් ධාවනය කළ රියදුරා සැප්තැම්බර් 11 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට යාපනය මල්ලාකමි අධිකරණය විසින් නියෝග කර තිබේ.යාපනය කොක්කුවිල් ප‍්‍රදේශයේ පදිංචි 52 හැවිරිදි ටිපර් රථ රියදුරෙකු...

උපාධිධාරී තරුණිය ඔස්ට්‍රේලියාවේදී මැරුණ හැටි ගැන විශේෂ පරීක්ෂණයක්

උපාධිධාරී තරුණිය ඔස්ට්‍රේලියාවේදී මැරුණ හැටි ගැන විශේෂ පරීක්ෂණයක්
උපාධිධාරී ශ්‍ර්‍රී ලාංකික තරුණියක් ඔස්ට්‍රේලියාවේ, සිඩ්නි හි ඔයක ගිළී මියයාම සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීමට විශේෂ පොලිස් කණ්ඩායමක් පත්කර තිබේ.ඔස්ට්‍රේලියාවේ, සිඩ්නි, මොන‍ාකෝ හි නිවාස සංකීර්ණයක එම තරුණිය, ඇයගේ සොහොයුරා හා පියා ද සමගින් වසර කිහිපයක...

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට උදව් කරනවා

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට උදව් කරනවා
මෙරට ගුවන් හමුදාවට තාක්ෂණික පුහුණුව සහ වෘත්තීය ප්‍රවිණතාව ලබාදීම සඳහා සහය දෙන බව පකිස්ථාන් ගුවන් හමුදාපති එයාර් චීෆ් මාර්ෂල් තහීර් රෆීක් බට් මහතා පවසයි.මෙරට සංචාරයක නිරතව සිටින පකිස්ථාන් ගුවන් හමුදාපතිවරයා ඊයේ ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යංශ ලේකම්...

1000 හොර එකක් කීවාට පසු 100 කොළ දෙකක් දීලා

1000 හොර එකක් කීවාට පසු 100 කොළ දෙකක් දීලා
ඉන්ධන ලබාගැනීම සඳහා ව්‍යාජ රුපියල් 1000ක මුදල් නෝට්ටුවක් ඉදිරිපත් කර පළාගිය තරුණයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.මහඔය සමූපකාර ඉන්ධන පිරවුම් හලට පැමිණි යතුරු පැදිකරුවෙකු ඉන්ධන ලබාගැනීම සඳහා රුපියල් 1000ක මුදල් නෝට්ටුවක් ඉදිරිපත් කර ඇති අතර ඉන්ධන පිරවුම් හලේ අයකැමියා...

සිලාවතුරේ ළමුන් දෙන්නෙක් දියේ ගිළී මරුට

සිලාවතුරේ ළමුන් දෙන්නෙක් දියේ ගිළී මරුට
සිලාවතුර, අරිප්පු බටහිර ප්‍රදේශයේ වෙට්ටිකුලම නැමති කුඩාවැවක දියනෑමට ගිය ළමුන් දෙදෙනෙකු දියේ ගිළී මියගොස් තිබේ.ඊයේ පස්වරුවේ අදාළ ළමුන් දෙදෙනා දියනෑමට ගොස් ඇති අතර එහිදී ඔවුන් දියේ ගිළී මියගොස් ඇති බව සිලාවතුර පොලිසිය සඳහන් කළේය.මියගොස් ඇත්තේ 13 හැවිරිදි...

ආබාධිතයින් ඡන්ද මධ්‍යස්ථානවලට ගෙන යන්න මැ.කොගේ අනුමැතිය

ආබාධිතයින් ඡන්ද මධ්‍යස්ථානවලට ගෙන යන්න මැ.කොගේ අනුමැතිය
ශාරීරික ආබාධයන්ට ලක්වූවන් සහ දෘශ්‍යාබාධිත පුද්ගලයින් ඡන්ද මධ්‍යස්ථාන කරා රැගෙන යාමට තවත් අයෙකුගේ සහය ලබාගැනීම සඳහා මැතිවරණ කොමසාරිස්වරයාගේ අනුමැතිය හිමිව තිබේ.ඒ සඳහා අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග කිහිපයක් ද මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා විසින්...

ඇන්ඩෘ ජයමාන්න දිවිසැරියට සමුදෙයි

ඇන්ඩෘ ජයමාන්න දිවිසැරියට සමුදෙයි
ජාතික හා ජාත්‍යන්තර ඇගයීමට ලක්වුණු ප්‍රවීණ කැමරා අධ්‍යක්ෂ ,චිත්‍රපට අධ්‍යක්ෂ හා නිෂ්පාදක ඇන්ඩෘ ජයමාන්න මහතා අභාවප්‍රාප්ත වී තිබේ.පිළිකා රෝගී තත්ත්වයක් හේතුවෙන් ඉතාලියේ MONZA නගරයේ VIA MONTE CASSINO, NO 08 දරණ ලිපිනයේ Casa Di Cura හි ප්‍රතිකාර ල​බමින්...

නිල ඡන්ද පත්‍රිකා අද සිට බෙදයි

නිල ඡන්ද පත්‍රිකා අද සිට බෙදයි
ඌව පළාත් සභා ජන්ද විමසීමට අදාළව නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීමේ කටයුතු අද සිට ආරම්භ කරන බව තැපැල් දෙපාර්තමේන්තුව පවසයි.මැතිවරණ මහලේකම් කාර්යාලය විසින් ඌව පළාත් සභා ඡන්ද විමසීමට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා මේ වන විට තැපැල් දෙපාර්තමේන්තුව වෙත...

ඔට්ටු සූදුව වටලන්න ගිහින් ගැටුමක් - එස්.අයි ඇතුළු 2ක් රෝහලේ

ඔට්ටු සූදුව වටලන්න ගිහින් ගැටුමක් - එස්.අයි ඇතුළු 2ක් රෝහලේ
මුදල් ඔට්ටුවට සූදු ක්‍රීඩා කරමින් සිටි ස්ථානයක් වැටලීමට ගිය අවස්ථාවේදී ඇති වූ ගැටුමකින් තුවාල ලැබූ උප පොලිස් පරීක්ෂකවරයෙකු සහ තවත් පුද්ගලයෙකු හලාවත මහා රෝහලට ඇතුළත් කර තිබේ.අද (29)අලුයම හලාවත - මුන්නේෂ්වරම ප්‍රදේශයේදී මෙම ගැටුම හට ගෙන ඇති බව අද දෙරණ...

රාජගිරිය, බත්තරමුල්ල මාර්ගයේ වාහන තදබදයක්

රාජගිරිය, බත්තරමුල්ල මාර්ගයේ වාහන තදබදයක්
රාජගිරිය, බත්තරමුල්ල මාර්ගයේ මේ වන විට දැඩි වාහන තදබදයක් ඇති වී තිබෙන බව වාර්තා වෙයි.අදාළ මාර්යේ පොල්දූව හන්දියේ ඇති පාලමේ අලුත් වැඩියා කටයුත්තක් හේතුවෙන් මෙලෙස මාර්ග තදබදයක් ඇති වි ඇති බව සඳහන් වෙයි.එසේම අදාළ මාර්ගය මගහරිමින් ගමන් ගන්නා ලෙස රියදුරු...

රහස් පොලීසියට තර්ජන කළැයි කී වාස්ට ඇප!

රහස් පොලීසියට තර්ජන කළැයි කී වාස්ට ඇප!
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසකට මරණ තර්ජනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතාට ඇප නියම කර තිබේ.අදාළ නඩුව කොළඹ මහාධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේ විනිසුරු අයිරාංගනී පෙරේරා මහත්මිය රුපියල් විසි...

අලි දෙන්නෙක් මැරුවාට ලක්ෂ 4ක් දඩ

අලි දෙන්නෙක් මැරුවාට ලක්ෂ 4ක් දඩ
වන අලි දෙදෙනෙකු මැරූ බවට චෝදනා එල්ල වී තිබූ පුද්ගලයින් දෙදෙනකුට කැබිතිගොල්ලෑව දිසා අධිකරණය රුපියල් ලක්ෂ 4ක දඩ නියම කර තිබේ.ගෙවත්තට පැමිණි වන අලි දෙදෙනෙකු විදුලිසැර වද්දවා මරා දැමූ බවට හොරොව්පතාන වනජීවී කාර්යාලය සහ වනසත්ව නියාමකවරුන් විසින් විත්තිකරුවන්ට...