ෆොන්සේකාට කියන්නේ ‘කණේ මයිල්’ කියලා - Dayasiri Jayasekara

සරත් ෆොන්සේකාට කියන්නේ කනේ මයිල් කියලා යයි එම පක්‍ෂයේ මන්ත‍්‍රීවරයෙක් තමන් සමඟ පැවසූ බව වයඹ පළාත් මහ ඇමති දයාසිරි ජයසේකර මහතා පවසයි.කුලියාපිටියේ පැවති රැස්වීමකදී ඒ මහතා සඳහන් කලේ ප්‍රභාකරන්නේ මයිල් ගස්වල සයිස් එකද සරත් ෆොන්සේකා සොයා ඇති බවයි.

එහිදී අදහස් පල කල ඒ මහතා මෙසේද කීය.

'ෆොන්සේකා මහත්තයා කියලා තියනවා ප්‍රභාකරන්ගේ මයිල් ගහක් තරම්වත් මහින්ද රාජපක්ෂ මහත්තයාව වටින්නේ නෑ කියලා. කොහෙන්ද මයිල් ගැන්නේ කියලා මම අහන්නේ. ඒ කියන්නේ ප්‍රභාකරන්නේ මයිල් ගස්වල සයිස් එක සරත් ෆොන්සේකා මහත්තයා හොයලා තියනවා. පසුගිය කාලයේ ඔය වගේ කතා කියලා තමයි ඡන්ද ටික කඩාගත්තේ. පසුගිය කාලයේ උද්ඝෝෂණයක් තිබුණා. සරත් ෆොන්සේකා මහත්තයාගේ රැස්වීම වෙනම තියනවා. එක්සත් ජාතික පක්ෂයේ රැස්වීම වෙනම තියනවා. හැබැයි කියන්නේ ඒකාබද්ධ විපක්ෂය කියලා.

මට එතුමාගේම පක්ෂයේ මන්ත්‍රීවරයෙක් කිව්වා අපේ ලොක්කාගේ කට හොඳ නෑ කියලා. කනේ මයිල්ම ගිහින් රැස්වීම් තියාගන්නවා. කනේ මයිල් කියන්නේ සරත් ෆොන්සේකා මහත්තයට. මේක මේ තම තමන්ගේ පෞද්ගලික අරමුණු බේරාගැනීමට කරණ ව්‍යාපාරයක්. අපි ඕවට කලබල වෙන්න ඕනේ නෑ.


අද ආණ්ඩුව විදියට ප්‍රශ්ණ කීපයකට මුහුණ දෙන්න අපට සිදුවෙලා තියනවා. ඒ වගේම මේ තරම් වැඩ කරපු ආණ්ඩුවක් මම මගේ ජීවිත ඉතිහාස කාලයේ දැක්කේ නෑ. අපිට Dayasiri-winලක්ෂ 3750 ක් එක ආසනයකට ගානේ දිස්ත්‍රික්කයටම මිලියන 6294 ක් ලැබිලා තියෙන්නේ. ඒක වියදම් කරන්නේ කොහොමද, පොළොවට තල්ලු කරගන්නේ කොහොමද කියලා තමයි අපි බලන්නේ. අපි ඒවගෙන් ගම්වල පොදු වැඩටික කරන්න ඕනේ. මෙච්චර වියදම් කරන්න සල්ලි ඉතුරු වුනේ යුද්ධය නිමාවුණු නිසා. සමහරු කියනවා රාජපක්ෂවරු සල්ලි බෙදාගෙන කියලා.

එහෙම නෙමෙයි රාජපක්ෂවරු සල්ලි ගම්වලට බෙදනවා. ආර්ථික සංවර්ධන අමාත්‍යංශය යටතේ දිවි නැගුම, ගම නැගුම සහ සමෘධි ව්‍යාපාර වලට මුදල් වැඩි වෙලා තියෙන්නේ. ඒ සල්ලි ටික එන්නේ ගමට'

IFTTT

Put the internet to work for you.

via Personal Recipe 6136013

Post a Comment