එල්.ටී.ටී.ඊ. සම්බාධක අභියෝගයට ලක්කළ තීන්දුවට එරෙහිව අභියාචනයක්

එල්.ටී.ටී.ඊ. සංවිධානයට පැනවු සම්බාධක අභියෝගයට ලක් කරමින් යුරෝපානු අධිකරණයක් විසින් ලබාදුන් තීන්දුවට එරෙහිව අභියාචනයක් ගොණු කිරීමට යුරෝපානු සංගම් කවුන්සිලය තීරණය කර තිබේ.

මෙරට යුරෝපානු සංගම් කාර්යාලය විසින් නිවේදනයක් නිකුත් කරමින් මෙය ප්‍රකාශ කර ඇති බව සඳහන්ය.


අදාළ යුරෝපානු අධිකරණය ලබාදුන් තීන්දුව මගින් යුරෝපානු සංගම් කවුන්සිලය එල්.ටී.ටී.ඊ. සංවිධානයට එරෙහිව පැනවු ඇතැම් සම්බාධක අවලංගු වී ඇති බව එම කවුන්සිලය පවසයි.


ඒ අතරට එල්.ටී.ටී.ඊ. සංවිධානය ත්‍රස්ත සංවිධානයක් ලෙස නම් කිරීම සහ එම සංවිධානයට ලැබෙන ආධාර මුදල් අත්හිටුවීම යන කරුණු ඇතුළත්ව ඇති බව සඳහන්ය.


කෙසේ වෙතත් අදාළ යුරෝපානු අධිකරණය විසින් එල්.ටී.ටී.ඊ. සංවිධානයට එරෙහිව පැනවු සම්බාධක අභියෝගයට ලක් කරමින් ඔවුන්ට හිතකර පරිදි තීන්දුවක් ලබා දී ඇති බව එම කවුන්සිලය පවසයි.


එල්.ටී.ටී.ඊ. සංවිධානයට එරෙහිව යුරෝපානු සංගම් කවුන්සිලය පනවා තිබු සම්බාධක අභියෝගයට ලක් කරමින් යුරෝපානු අධිකරණයක් විසින් පසුගිය ඔක්තෝබර් මස 16 වැනිදා තීන්දුවක් ලබාදී තිබුණි.



Post a Comment