වර්ජනය කරනවා- සෞඛ්‍ය සේවා අඩාල කරන්න එපා රජය

වර්ජනය කරනවා- සෞඛ්‍ය සේවා අඩාල කරන්න එපා රජය


වැටුප් විෂමතා, දීමනා ඇතුළු ඉල්ලිම් 6ක් මුල් කර ගනිමින් හෙද, පරිපුරක, අතුරු වෛද්‍ය සේවය ඇතුළු වෘත්තීය සමිති 16ක් හෙට(01) දිනයේ සංකේත වැඩ වර්ජනයක නිරත විමට තීරණය කර තිබේ.




එම ඒකාබද්ධ බල මණ්ඩලයේ කැඳවුම්කරු සමන් රත්නප්‍රිය මහතා කියා සිටියේ හෙට(01) උදෑසන 7.00 සිට පැය 24ක කාලයක් මෙම වර්ජනය ක්‍රියාත්මක කරන බවයි.කෙසේ වෙතත් රිජ්වේ ආර්යා ළමා රෝහල, සිරිමාවෝ බණ්ඩාරනායක ළමා රෝහල, මහමෝදර රෝහල, මහරගම පිළිකා රෝහල, කාසල් විදිය කාන්තා රෝහල, ද සොයිසා රෝහල අදාළ වර්ජනය සඳහා දායක කර නොගන්නා බව වැඩි දුරටත් සමන් රත්නප්‍රිය පවසයි.


සෞඛ්‍ය ක්‍ෂේත‍්‍රයේ බොහෝ වෘත්තීය ඉල්ලීම් රජය විසින් ඉටුකර ඇති අතර මෙම වැඩවර්ජනය පැවැත්වීමෙන් වළකින ලෙසත්, අසරණ රෝගීන් පිළිබඳව දැඩි අවධානය යොමු කර මානුෂිය හැගීමෙන් සමස්ත නිදහස් සෞඛ්‍ය සේවා අඩාල නොවී පවත්වාගෙනයාමට සහයෝගය දෙන ලෙසත්, සියළු වෘත්තීය සමිති වලින් සෞඛ්‍ය අමාත්‍යාංශය ඉල්ලා සිටිනවා.


හෙට දිනයේදී ක‍්‍රියාත්මක කිරීමට සැළසුම්කර තිබෙන වැඩවර්ජනය පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශය නිකුත් කරන නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කලේ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේ වෘත්තීය සමිති සමග කටයුතු කරනුයේ ඉතාමත් සමීප සම්බන්ධතාවයන් මතයි. සෞඛ්‍ය ක්ෂේත‍්‍රය තුල ක‍්‍රීයාත්මක වෘත්තීය සමිති විසින් ඉදිරිපත් කරන සාධාරණ ඉල්ලීම් සියල්ලම ලබාදීමට සෑමවිටම මෙම අමාත්‍යාංශය පියවර ගෙන ඇත. එමෙන්ම එම වෘත්තීකයින් විසින් ලබාදෙන සේවාව සෑමවිටම ඇගයීමට ලක්කර ඇත.


එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර තිබෙන්නේ හෙට දින වැඩවර්ජනය සඳහා සහභාගි වන සෞඛ්‍ය වෘත්තිකයින් ඉදිරිපත් කරන ලද ඉල්ලීම් සම්බන්ධයෙන් අදාල සුදුසු නිර්දේශ මේ වනවිටත් මුදල් අමාත්‍යාංශය සහ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය වෙත ඉදිරිපත් කර තිබෙන බවයි.


එම අමාත්‍යංශය සඳහන් කලේ පසුගිය කාලය තුල එක් එක් සේවාවන් සඳහා ඉදිරිපත් කළ ඉල්ලීම්, ඔවුන් යෝජනා කළ ප‍්‍රමාණයනුත් ඉක්මවා යමින් ඉටු කිරීමට පියවර ගන්නා ලද්දේ සෞඛ්‍ය සේවයේ උන්නතිය සඳහා බවයි. නිදසුන් වශයෙන් අතුරු වෛද්‍ය සේවාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු සඳහා රු. 10,000 නිල ඇදුම් දීමනාව ප‍්‍රමාණවත් නොවන බව දැනුම් දුන් විට එය රු. 13,000 දක්වා වැඩි කරන ලදි. එමෙන්ම පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන්ට ලබාදුන් රු. 10,000 ක නිල ඇදුම් දීමනාව වෙනුවට එය රු. 12,000 දක්වා වැඩිකරන ලදි.


එමෙන්ම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු සඳහා ගමන් වියදම් දීමනාව 1250 සිට 1750 දක්වාත්, පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන්ගේ ගමන් වියදම් දීමනාව රු 250 සිට රු 750 දක්වා වැඩි කරනු ලැබීය. එමෙන්ම අතිකාල දීමනා සඳහා රේට් ක‍්‍රමයක් ඇරඹු අතර, 111ශ්‍රේණිය සඳහා රු. 90 ක් ද, 11 ශ්‍රේණිය සඳහා රු. 115 ක් ද, 1ශ්‍රේණිය සඳහා රු. 165 ක් ද විශේෂ ශ්‍රේණිය සඳහා රු. 190 ක් ද වශයෙන් අතිකාල දීමනා වැඩි කර තිබේ.


පරිපුරක වෛද්‍ය සේවා ගත් විට ඔවුන්ට ලබා දෙන අතිකාල දීමනා ද පසුගිය කාලය තුල ඉහළ දමා ඇත. 2013.01.01 දින සිට ඒ ඒ ශ්‍රේණීන් සඳහා රු. 95 - 195 දක්වා වැඩි කරන ලද අතර, අනතුරු දීමනා කාණ්ඩ දෙකක් යටතේ රු. 450 ක් සහ 350 ක් වශයෙන් මාසික අනතුරු දීමනා වැඩිකර තිබේ.


එසේම හෙද සේවාව ගත් විට එම වෘත්තීකයින්ට ද එම දීමනාවන් වැඩි කරන ලදි. ඒ අනුව මසකට රු. 400 ක් වශයෙන් ගෙවනු ලැබු අනතුරු දීමනාව පසුගිය කාලය තුල කාණ්ඩ දෙකක් යටතේ රු. 600 ක් සහ 750 ක් වශයෙන් වැඩිකරන ලදි.


ෙමි අන්දමින් නිල ඇදුම් දීමනාව රු. 9000 ක් වු අතර, එය පසුගිය මාස කිහිපය තුල රු. 13,000 දක්වා වැඩි කරනු ලැබීය. එසේම ඇමතුම් දීමනාව මසකට රු. 2000 ක් දක්වා වැඩිකළ අතර, ඉගැන්වීෙමි දීමනාව රු. 5000 - 10000 දක්වාත් වැඩි කරන ලදි.


සමස්තයක් වශයෙන් ගත් කළ සියයට 65 ක්ව තිබු අතිකාල දීමනා අනුපාතය සියයට 100 දක්වා වැඩිකරනු ලැබීය. නමුත් ඔවුන් විසින් දැනට එම දීමනාව සියයට 200 දක්වා වැඩි කරන ලෙස කරන ඉල්ලීම කිසිසේත්ම සාධාරණ නොෙවි. මක් නිසා ද යත් එය සමස්ත රාජ්‍ය සේවාව තුලම ගැටළු සහගත තත්ත්වයක් නිර්මාණය කළ හැක්කකි. එමෙන්ම දැනට ඔවුන් විසින් ඉල්ලා තිබෙන මාසිකව රු. 10,000 ක දීමනාව ද වැඩි කිරීම සමස්ත රාජ්‍ය සේවාවටම බලපාන කාරණයක් වුවත්, දැනට ඒ සම්බන්ධයෙන් සමාලෝචනය කෙරෙමින් පවතී.


කෙසේ වුවද ගත වු කාලය තුල අතුරු වෛද්‍ය, හෙද, පරිපූරක, යන සියළු අංශවල ඉල්ලීම් සළකා බලමින් ඔවුන් අපේක්ෂා කළ ප‍්‍රමාණයටත් වඩා එම ඉල්ලීම් ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගත්තේය. එම නිසා හෙට දින ක‍්‍රියාත්මක කිරීමට යෝජිත වර්ජනයට සම්බන්ධ සියළු වෘත්තීය සමිති වෙත ඉහත කරුණු අවධාරණය කර තිබේ.


පසුගිය වර්ෂ කිහිපයේ දී මෙන්ම විශේෂයෙන් මෑත භාගයේ බොහෝ වෘත්තීය ඉල්ලීම් රජය විසින් ඉටුකර ඇත. ඒ අනුව මෙම වැඩවර්ජනය පැවැත්වීමෙන් වළකින ලෙසත්, අසරණ රෝගීන් පිළිබඳව දැඩි අවධානය යොමු කර මානුෂිය හැගීමෙන් සමස්ත නිදහස් සෞඛ්‍ය සේවා අඩාල නොවී පවත්වාගෙනයාමට සහයෝගය දෙන ලෙසත්, සියළු වෘත්තීය සමිති වලින් සෞඛ්‍ය අමාත්‍යාංශය ඉල්ලා සිටි.



TNA ට තියෙන්නේ එක අරමුණයි

TNA ට තියෙන්නේ එක අරමුණයි


දෙමළ ජාතික සංවිධානයේ බෙදිමක් පෙන්නුම් කලද ඔවුන් සියළු දෙනාගේ අරමුණ වන්නේ,ඊළම දිනා ගැනිම බව දේශ හිතෙයිෂි ජාතික ව්‍යාපාරයේ සභාපති ආචාර්‍ය ගුණදාස අමරසේකර මහතා පවසයි.




ඒ මහතා මේ බව ප්‍රකාශ කලේ ඊයේ (30) කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදිය.එහිදි වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ,සම්බන්ධන්,විග්නේශ්වරන් එක් පැත්තක සිට කටයුතු කරන අතරම,ස්වාජ ලිංගම්,සේනාධි රාජා ඇතුළු පිරිසක් තවත් ආකාරයකින් කටයුතු කරන බවයි. කෙසේ වෙතත් සම්බන්ධන්ට අවශ්‍යව පවතින්නේ ඉන්දියාව මාර්ගයෙන් ඊළම ලබා ගැනිම බවද ඒ මහතා මෙහිදි පෙන්වා දුන්නා.දෙමළ ජාතික සන්ධානයේ සෙසු අයට උවමනාවි පවතින්නේ ප්‍රභාකරන් අනුගමනය කරමින් ඔහු මාර්ගයේ ගමන් කිරිම බව ගුණදාස අමරසේකර මහතා මෙහිදි අවධාරණය කර සිටියා.



පෝෂණය සදහා ක්‍රියාකාරි සැලැස්මක්

පෝෂණය සදහා ක්‍රියාකාරි සැලැස්මක්


පෝෂණය සදහාවු විවිධ ක්ෂේත්‍රයන්හි ක්‍රියාකාරි සැලැස්ම සදහා අද දිනයේදි කැබිනට් අනුමැතිය ලැබි තිබේ.




ඒ අද (31) රැස්වු කැබිනට් තීරණ දැනුම්දිමේ රැස්විමේදිය.මෙම සැලැස්ම ක්‍රියාත්මක කිරිම සදහා යෝජනාව ඉදිරිපත් කර තිබෙන්නේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසිනි.ජනගහණයේ සියලුම වයස් කාණ්ඩවල ,පාර්ශව වල පෝෂණ තත්වයන් අවශ්‍ය මට්ටමට වැඩි දියුණු කිරිමේ කාර්‍ය සෞඛ්‍ය අංශයට පමණක් සීමා නොවන නිසා අනෙකුත් අංශවල මැදිහත් බව අවශ්‍යව පවති.එබැවින් පෝෂණ ක්ෂේස්ත්‍රයට බහු ආංශික මැදිහත් විමක් අත්‍යවශ්‍ය වන බව හදුනාගෙන තිබේ.එසේම මෙරට පෝෂණ මට්ටම ඉහළට ගෙන ඒම සදහා ජාතික මට්ටමේ ක්‍රියාකාරි සැලැස්මක්ද මේ වන විටත් සකස් කර තිබේ.



කොළඹ - කටුනායක අධිවේගයට පුද්ගලික බස්

කොළඹ - කටුනායක අධිවේගයට පුද්ගලික බස්


කොළඹ - කටුනායක අධිවේගි මාර්ගයේ මගි ප්‍රවාහන කටයුතු සිදු කිරීම සඳහා පුද්ගලික බස් රථ යෙදවීමට අවසර ලබා දීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව තිරණය කර තිබේ.




ඒ අනුව බස්රථ 18ක් කොළඹ කටුනායක අධිවේගි මාර්ගයට යෙදවීමට ගමනා ගමන කොමිෂන් සභාව තිරණය කර තිබේ.සුඛෝපභෝගි බස් රථ 9ක් සහ අධි සුඛොපභෝගී බස්රථ 9ක් යෙදවිම සඳහා ටෙන්ඩර් කැඳවීම මෙම සතිය තුළ සිදු කිරිමට නියමිතව තිබේ.ප්‍රවේශ පත්‍ර ගාස්තුව රුපියල් 125ක් සහ අධි සුඛෝපභෝගි බස් රථ ප්‍රවේශ පත්‍ර ගාස්තුව රුපියල් 180ක් ලෙස නියම කිරිමටද ගමනා ගමන කොමිෂන් සභාව තිරණය කර තිබේ.



ඩෙංගු රෝගයෙන් පීඩා විඳි දීපිකා නිවාඩු නොදී රාත්‍රී වැඩට යෙදවීමෙන් මරු වැළඳගත් හැටි


ඊයේ මැරුණා නම් 
මගේ කඨිනේ වැඩ 
ඔක්‌කොම අවුල් 
වෙනවා කියල...

කොළඹ ජාතික රෝහලේ 30 වැනි වාට්‌ටුවේ රාජකාරී කළ ආදේශක කනිෂ්ඨ සෞඛ්‍ය කාර්ය සහායකවරියක (රෝහල් උපස්‌ථායිකාවක) වන දීපිකා ප්‍රියදර්ශනී නැමැති තරුණිය ඩෙංගු රෝගයෙන් පීඩා විඳිද්දී නිවාඩු අනුමත නොකර රාත්‍රී වැඩවලට යෙදවීම නිසා මිය ගොස් තිබෙන පුවතක් අප වෙත වාර්තා වෙනවා.

ඇය මිය යැම සම්බන්ධව රෝහල් සේවකයන් අතර මතුව තිබූ දැඩි නොසන්සුන්තාවය ගැන සොයා බැලීමට පෙරේදා (29 වැනිදා) දහවල් අප රෝහලේ 30 වැනි වාට්‌ටුවට ගිය මොහොතේ ඉතා ආවේගශීලීව එහි සේවකයන් මෙසේ පැවසුවා.

''දීපිකා නිවාඩු ඉල්ලා තිබෙනවා. නමුත් නිවාඩු අනුමත නොකර දීපිකා රාත්‍රී වැඩවලට යොදවලා තිබෙන්නේ ඇය ඩෙංගු රෝගයෙන් පීඩා
විඳිමින් සිටියදීයි. ඇයට බොහොම අකාරුණික විදියටයි සලකළා තිබෙන්නේ'' යෑයි කොළඹ ජාතික රෝහලේ තිහේ වාට්‌ටුවේ කනිෂ්ඨ කාර්ය සහායකයන් පිරිසක්‌ ''අප වෙත පැවසුවා.

මීට අමතරව ඇය ඩෙංගු උණ රෝගය නිසා නේවාසිකව ප්‍රතිකාර ලැබූ 56 වැනි වාට්‌ටුවෙන් ඇයට ප්‍රතිකාර හරිහැටි නොකළ බවත් රෝහල් සේවකයන් චෝදනා කළා.

මෙලෙස මිය ගොස්‌ තිබුණේ මැදිරිගිරිය බිසෝ බණ්‌ඩාර ප්‍රදේශයේ පදිංචිව සිටි දීපිකා ප්‍රියදර්ශනී කරල්ලියද්ද නමැති 28 හැවිරිදි අවිවාහක තරුණියකි.

අප එම 30 වැනි වාට්‌ටුව ඉදිරිපිට සැරිසරන විට ''පොඩි උන්ට අයි. සී. යූ. නැත. ලොකු උන්ට මිස්‌ ''මැරුණ එකා මැරුණා 30 මෙහෙම කියයි'' කඨිනෙ දවසෙ නැතුව මෙයා අද මැරුණ එක හොඳයි 30 කියයි'' ''මෙහෙම උන්ද කඨිනෙ කෙරුවේ'' යනාදී පුවරු ප්‍රදර්ශනය කර තිබෙන අයුරු අපට දැකගත හැකි විය.

මෙහිදී අදහස්‌ දැක්‌වූ එම රෝහලේ කනිෂ්ඨ කාර්ය සහායකයන් මෙසේද
පැවසුවා.

''දීපිකා කියන්නේ තිහේ වාට්‌ටුවේ හොඳ වැඩ කරපු අපේ සහෝදරියක්‌. එයාට ඩෙංගු හැදිලා තියෙද්දිත් රෝහලේ රාත්‍රි වැඩත් කළා. දීපිකා වාට්‌ටුවේ සිස්‌ටර්ගෙන් නිවාඩු ඉල්ලලත් තිබෙනවා. නමුත් එය දෙන්න සිස්‌ටර් කැමැති වෙලා නැහැ. 


දීපිකාට අමාරු වුණාට පසු එයාව පනස්‌ හයේ වාට්‌ටුවට ඇතුළත් කර තිබෙනවා. දීපිකා අසාධ්‍ය තත්ත්වයෙන් පසුවෙන කොටත් එයාව අයි. සී. යූ. එකට දැම්මේ නැත්තේ අපි පොඩි සේවකයින් හින්නද.....? මේ වගේ වෙලාවට තමයි මනුෂ්‍යකම අවශ්‍ය.

නමුත් පනස්‌ හයේ වාට්‌ටුවේ බලධාරීන් ඒ ගැන සැලකිලිමත් වුණේ නැහැ. දීපිකා ගැන හොඳට බැලුවා නම් තවමත් ඇය ජීවතුන් අතර. අප මේ සම්බන්ධයෙන් රෝහල් ලේකම් හරහා අධ්‍යක්‍ෂතුමා දැනුවත් කරලයි තිබෙන්නේ.'

''අපේ සොයුරිය ගැන සැලකිල්ලෙන් බැලුවා නම් ඇයට මේ වගේ විපතක්‌ වෙන්නේ නැහැ. රෝහල් සේවකයන්ට මේ වගේ අය මෙහෙම නම් සාමාන්‍ය රෝගියාට මේ අය කොහොම සලකයිද?

''තිහේ වාට්‌ටුවේ සිස්‌ටර් කියලා තිබෙනවා අපේ සහෝදරිය හොඳ වෙලාවට අද මැරුණේ කියලා. ඊයේ මැරුණා නම් මගේ කඨිනේ වැඩ ඔක්‌කොම අවුල් වෙනවා කියල. 


මේ වගේ මිනිස්‌සුද රෝහල්වල සේවයට යොදවන්නේ. කිසිම හිතක්‌ පපුවක්‌ නැති මනුෂ්‍යයෝ. අර බුදුහාමුදුරුවෝ කියලා තියෙනවනේ දිට්‌ඨ ධම්මවේදනීය කර්මය කියලා දෙයක්‌. ඒවා ඒ ඒ අය අරන් යාවි.''

අප ඉන්පසු රෝහලේ පනස්‌ හයේ වාට්‌ටුවට රෝහල් සේවකයන් එල්ල කරන චෝදනාව සම්බන්ධයෙන් දැනගැනුමට එම වාට්‌ටුවට ගිය අවස්‌ථාවේ එහි වෛද්‍යවරුන් මේ පිළිබඳව ඉහළ අවසරයක්‌ නොමැතිව කිසිවක්‌ ප්‍රකාශ කළ නොහැකි බව පැවසූහ.

පසුව අප මේ ගැන අවසන් වශයෙන් කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්‍ෂ වෛද්‍ය අනිල් ජාසිංහ මහතාගෙන් විමසූ විට මෙසේ
පැවසුවා. ''මට මේ සිද්ධිය සම්බන්ධයෙන් කිසිදු පැමිණිල්ලක්‌ තාම ලැබිලා නැහැ. මා මේ ගැන සොයා බලන්නම්.''

IFTTT

Put the internet to work for you.

via Personal Recipe 6135997

පිළිකාව දැන් මරාලයක් වෙලා

පිළිකාව දැන් මරාලයක් වෙලා


පිළිකා රෝගය හේතුවෙන් දිනකට විශාල ලෙස මිනිස් ජිවිත අපට අහිමිවි යන බව සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි.




අද (31) කොළඹ බණ්ඩාරණායක අනුස්මරණ ශාලාවේ පැවති උත්සවයකදි අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කලා.එහිදි වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ,පසුගිය දිනවලදි අමාත්‍යවරයා සහභාගිවු අවමංගල්‍ය උත්සව 11න් මරණ 07ක්ම සිදුව පවතින්නේ පිළිකා රෝගය හේතුවෙන් බවයි.මේ දිනවලදි පිළිකා රෝගය කැස්ස,සෙම්ප්‍රතිශ්‍යාව,තරමටම සුලභ රෝගයක් බවට පත්වි ඇති බව අමාත්‍යවරයා මෙහිදි පෙන්වා දුන්නා .මේ හේතුව නිසවෙන් රෝග වළක්වා ගැනිම සදහා වන අධ්‍යාපනික දැනුම මහජනතාවට ලබා දිම ඉතාමත් වැදගත් බවද කියා සිටියා.පසුගිය දිනවලදි මෙම රෝගය නිසා වටිනා ජිවිත රැසක් අපට අහිමිවු බව පෙන්වා දුන් අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ රෝග පිළිබද අධ්‍යාපනික දැනුම හැකි ඉක්මණින් මහජනතාවට ලබා දිය යුතු බවයි.



අපි හොද හීනයක් දකිනවා

අපි හොද හීනයක් දකිනවා


අධිරාජ්‍යවාධින්ගෙන් නිදහස ලැබූ බොහෝ රටවල් හා ලෝකයේ දියුණු ජාතින් රවල් අතර සංසන්ධය කිරීමේදී රටක් වශයෙන් ජාතියක් වශයෙන් ලංකාව විශාල පසුගාමී බවක් ප්‍රදර්ශනය කර තිබෙන බව යෞවන කටයුතු නිපුණතා අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.




අද (30) පෙරවරුවේ අධ්‍යාපන අමාත්‍යංශයේ පැවති ජාතික වෘත්තීය සුදුසුකම් ක්‍රමවේදය (NVQ) සමාරම්භක උළෙල අමතමින් අමාත්‍යවරයා කියා සිටියේ රටක වශයෙන් පසුගාමී වීමට හේතු ඉදිරිපත් කිරීමට කොතරම් සිටියත් අප පසුගාමී වී ඇති බව ප්‍රථමයෙන් පිළිගත යුතු බවයි.


එහිදී අදහස් දැක්වූ අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා....


ලෝකයේ රටක දියුණුව මණින දර්ශක අපේ රටට ගැලපීමේදී අපේ ප්‍රධාන දර්ශක සියල්ලම තියෙන්නේ ඉහළ ස්ථානයක. සාක්ෂරතාවය ,විරැකියාව,ළදරු මරණ අනුපාතය යන මේ සියල්ලගෙන්ම අපි රටක් වශයෙන් ඉන්නේ ඉහල කලාපයක. නමුත් අවාසනාවකට ආර්ථික දර්ශක වලින් අපට ඉහල කලාපයකට ඇතුලත් වෙන්න හැකියාවක් ලැබුනේ නෑ. අපි ඉන්නේ පහල ස්ථානයක. නමුත් තාර්කිකව පිළිගන්න බෑ අපි පහල ස්තානයක සිටින බව.


ඒ වගේම අපි හොද හීනයක් දකිනවා. බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයාත් මමත් හීන දකිනවා. අපිට හීන පේනවා. හීන පේන්නේ නැති අය ඒකට හිනා වෙනවා. ඒත් අපි කියන්නේ හිනා පේන්න නම් නිදා ගන්න ඕනේ කියලා. නින්ද යන්නේ නෑ කියන්නේ ඒක ලෙඩක්. නමුත් අප හොද හීනයක් අද දකිනවා. ඒ හීනේ කොටස් කරුවන් ලෙස අද මෙම ජාතික වෘත්තීය සුදුසුකම් ක්‍රමවේදයට සහභාගී වූ ගුරු මහතුන් හා මහත්මියන් අයත් වෙනවා. ඒ වගේම අනාගතවාදී තින්දුවක ප්‍රධාන මෙහෙයුම්කරුවන් ,කොටස් කරුවන් ලෙස මේ ආයෝජනයට එකතු එය ඔබේ ආයෝජනයක් බවට පත් කර ගත යුතු බව අමාත්‍යවරයා වැඩි දුරටත් මෙහිදී පැවසීය.



රාජ්‍ය නායකයින් 37ක් CHOGM එනවා

රාජ්‍ය නායකයින් 37ක් CHOGM එනවා


මෙවර පැවැත්වීමට නියමිත පොදු රාජ්‍ය මණ්ඩල නායක සමුළුව සඳහා රටවල් 37 ක රාජ්‍ය නායකයින් ස්ථීර වශයෙන්ම සහභාගි වන බව ජනමාධ්‍ය හා තොරතුරු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.




අමාත්‍යවරයා මේ බව පැවසුවේ මේ වන විට ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැත්වෙන කැබිනට් තීරක මණ්ඩල රැස්වීමේදීය.


ගියවසරේ රාජ්‍ය නායක සමුළුවට වඩා මෙවර ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත සමුළුවේදී සහභාගි වන රාජ්‍ය නායකයින් පිරිස වැඩි බවද අමාත්‍යවරයා පවසයි.



මම එලිපිටම සතුටු වෙන කෙනෙක්!

මම එලිපිටම සතුටු වෙන කෙනෙක්!


සංචාරකයින් මෙරටට පැමිණෙන්නේ පංචශිලය සමාදන්වි,කතෝලික ආගම,ගල් මුල් බලා යාමට නොව විනෝදාස්වාදයක් ලැබිමට බව ප්‍රවාහන අමාත්‍ය කුමාර වෙල්ගම මහතා පවසයි.




අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (30) පැවති උත්සවයකදිය.එහිදි වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ,මෙරටට පැමිණෙන සංචාරයකයින් සදහා සියළු පහසුකම් සැලසිමට රජය කටයුතු කල යුතු බවයි.


"අපිත් ඔය රටවල්වලට යනවා.. සතුටු වෙන්න... බොරු කියන්න ඔනෑ නෑ. අනික මම නම් මේ රටේ උනත් එලිපිටම සතුටු වෙන කෙනෙක්. "


කිසියම් රටකට සංචාරකයන් පැමිණෙන්නේ විනෝදවිමට පමණක් බවත් ඒවා ලබා දිමට අප සෑම අවස්ථාවකදිම කටයුතු කල යුතු බවයි අමාත්‍යවරයා පෙන්වා දුන්නේ.අප වුවත් වෙනත් රටකට පිටව යන්නේ විවේකි සුවයෙන් කටයුතු කර විනෝදාස්වාදය ලැබිමට බවත් එය අපේ රටට එන සියළු සංචාරකයින්ට ලබා දිමට කටයුතු කල යුතු බවයි අමාත්‍යවරයා මෙහිදි අවධාරණය කර සිටියේ.



කාන්තාවන් විදේශ ගත වීම පහලට

කාන්තාවන් විදේශ ගත වීම පහලට


පසුගිය මාස 9 තුල කාන්තාවන් විදේශ ගත විම 12% න් පහළ වැටී, පිරිමි ශ‍්‍රමිකයින් විදේශ ගතවීම 18% කින් වර්ධනය වී ඇති බව විදේශ රැකියා ප‍්‍රවර්ධන හා සුභසාධන අමාත්‍ය ඩිලාන් පෙරේරා පවසයි.




අමාත්‍යවරයා මේ අදහස් පළකළේ ඊයේ (29) ලක්‍ෂමන් කදිරගාමර් මධ්‍යස්ථානයේ සංවිධානය කර තිබූ උපාධිධාරීන් සඳහා වූ විදේශගත ශ‍්‍රමිකයින්ගේ මෙහෙයුම් නියාමනය පාඨමාලාවේ සහතික ප‍්‍රදානය කිරීමේ උත්සවයට සහභාගි වෙමිනි.


එහිදී අමාත්‍යවරයා පවසා සිටියේ වාර්ශිකව ලංකාවෙන් 250,000 ට වැඩි ප‍්‍රමාණයක් විදේශ රැකියා සඳහා පිටත් වන බවත් ඉන් වැඩි ප‍්‍රමාණයක් නියෝජනය කලේ ගෘහ සේවිකාවන් වුවත් මේ වන විට ගෘහ සේවිකාවන් අඩුවී පිරිමි ශ‍්‍රමිකයින් වැඩියෙන් විදේශ ගත වීමත් පෙන්නුම් කරන බවයි.


වර්තමාන ලෝකයේ සමස්ථ ජනගහනයෙන් මිලියන 215ට ආසන්න පිරිසක් විදේශ ශ‍්‍රමිකයින් බවත් ඉන් මිලියන 1.6 ක් ශ‍්‍රී ලාංකික රටවිරුවන් බවත් විදේශ රැකියා ප‍්‍රවර්ධන හා සුභසාධන අමාත්‍ය ඩිලාන් පෙරේරා පවසයි. විදේශ ශ‍්‍රමිකයින් යොමු කරවන රටවල් සියල්ලේම ආදායම වාර්ශිකව ඇමරිකන් ඩොලර් බිලියන 450 ක් වන අතර ලංකාවේ රටවිරුවන් උපයන ආදායම ඇමරිකන් ඩොලර් බිලියන 6.1 පමණ වන බවද මේ නිසා ලෝක ආර්ථිකයේ විශේෂ වැදගත්කමක් විදේශ ගත ශ‍්‍රමිකයින්ට හිමිවන බව ද අමාත්‍යවරයා පවසා සිටියා.


එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා කියා සිටියේ විදේශ ගත ශ‍්‍රමිකයින්ගෙන් පසුගිය වසරේ ඇමරිකන් ඩොලර් බිලියන 6.1 ක් ලැබුනු බවත් මේ වසරේ ඉලක්ක ගත ආදායම ඇමරිකන් ඩොලර් බිලියන 7 ක් බවයි. ඇඟළුම් අපනයනයෙන් වාර්ශිකව ඇමරිකන් ඩොලර් බිලියන 4ට ආසන්න මුදලක් ලැබෙන අතර සංචාරක කර්මාන්තයෙන් ඇමරිකන් ඩොලර් බිලියන 1.5ක් ලැබේ. ඒ අනුව පෙනී යන්නේ අනෙකුත් විදේශ විනිමය ලැබීම් අභිබවා විදේශ ගත ශ‍්‍රමිකයින්ට ලැබෙන ආදායම ඉහළ ගොස් ඇති බවයි.


විදේශ ගත විමේ සමස්ථ ප‍්‍රවණතාව වර්ධනය වෙමින් තිබෙන බවත් ගෘහ සේවිකාවන් විදේශ ගත විම අවම කිරීමට පසුගිය කාලයේදි කි‍්‍රයාවට නැංවූ සැලසුම්ද සාර්ථක වී ඇති බවත් අමාතක්‍යවරයා පවසා සිටියා. ගෘහ සේවිකාවන් වෙනුවට ගෘහ පාලිකාවන් හා අනෙකුත් වෘත්තිය රැකියා සඳහා කාන්තාවන් ඇතුළු ශ‍්‍රමිකයින් යොමු කිරීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික ආයතන සමඟ ඇති කර ගත් ගිවිසුම් , ජාතික නිපුනතා සහතික 3 වන මට්ටම අනිවාර්ය කිරීම, පවුල් පසුබිම් වාර්ථාව අනිවාර්ය කිරීම, හා ගෘහ පාලිකාවන් සඳහා අවම වයස් මට්ටමක් නියම කිරීම ප‍්‍රධාන වන බව ද අමාත්‍යවරයා පවසා සිටියා. මේ සඳහා දිවයින පුරා පිහිටි රටවිරු සංවිධාන මඟින් කාන්තාවන් දැනුවත් කිරීමද මීට හේතු වු බව අමාත්‍යවරයා මෙහිදී කියා සිටියා.



කාන්තාවක් හප්පා වාහනකරු පලාගිහින්

කාන්තාවක් හප්පා වාහනකරු පලාගිහින්


කනංකේ, ගාල්ල අකුරැස්ස ප‍්‍රධාන මාර්ගයේ 14 කනුව ආසන්නයේදි අද (31) අලූයම 2 ට පමණ මාර්ගයේ ගමන් කරමින් සිටි කාන්තාවක් වාහනකරවකු විසින් හප්පා පලාගොස් තිබේ.




මෙම අනතුරින් තුවාල ලත් කාන්තාව මියගොස් ඇති අතර මෙතෙක් හදුනාගෙන නොමැත. මිය ගිය තැනැත්තිය වයස අවුරුදු 75 ක් 80 ක් පමණ පෙනුමැති සුදු ඉරි සහිත හැට්ටයක් සහ සුදු මල් සහිත ච්ත්ත රෙද්දක් ඇද සිටින අයෙකි. මෘතශරිරය මාතර රෝහලේ මෘතශරිරාගාරයේ තැන්පත් කර තිබේ. රියදුරු මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් කනංකේ පොලිසිය මගින් වැඩිදුර විමර්ශන පවත්වාගෙන යනු ලබයි.



විශාලතම ප‍්‍රහාරක නෞකාව ඇමරිකාවෙන් - USS Zumwalt

ඇමරිකානු නාවික හමුදා ඉතිහාසයේ විශාලතම ඩිස්ට්‍රෝයර් වර්ගයේ ප‍්‍රහාරක නෞකාව මෙයින්හි කෙනබෙක් ගංගාවට දියත් කර ඇතැයි වාර්තා වේ. පසුගිය කාලයේ අසාර්ථක නෞකා ව්‍යාපෘති වලින් අනතුරුව මෙම ව්‍යාපෘතිය හරහා සාර්ථක ප‍්‍රතිඵල අත්කරගත හැකිවේ යයි නාවික හමුදා නිලධාරීන් විශ්වාසය පළ කරති. 

යූ.එස්.එස්. සම්වෝල්ට් ලෙස නම් කර ඇති මෙම නෞකාව නාවික හමුදාවේ ඇති අනෙක් ප‍්‍රහාරක නෞකාවලට වඩා අඩි සියයක් පමණ දිගින් වැඩි අතර රේඩාර් සංඥා අපවර්තනය කරන සුවිශේෂී හැඩයකින් යුතු බව කියවේ. 

දියුණු සෝනාර් උපකරණ සහ පරිඝනකගත මිසයිල මෙන්ම අවි හිසක් සැතපුම් 100ක දුරකට එල්ල කළ හැකි විශේෂ රොකට් බලගැන්වුම් අවියක්ද මෙහි අන්තර්ගතකර තිබේ. ලෙක්සින්ටන් ආයතනයේ ආරක්ෂක විශ්ලේෂක ලොරෙන් තොම්ප්සන් පවසන්නේ මෙය පැරණි නෞකා සම්ප‍්‍රදාය සහ නවීන තාක්ෂණයේ මිශ‍්‍රණයක් බවයි. 

නෞකාවේ ක‍්‍රියාකාරකම් වැඩි ප‍්‍රමාණයක් පරිඝනකගත කර ඇති අතර නෞකාවේ කාර්ය මණ්ඩලය 158කට සීමාවනු ඇතැයි පැවසේ. එය වෙනත් ප‍්‍රහාරක නෞකාවකට සාපේක්ෂව දෙගුණයක අඩුවීමකි. කෙසේවෙතත් තාක්ෂණික භාවිතය හේතුවෙන් අතිවිශාල මුදලක් වැයවෙන බැවින් ව්‍යාපෘතිය අතරමග නවතා දැමීමටද ඇතැම් නිලධාරීන් විසින් යෝජනා කරනු ලැබූ බව පැවසේ. 

අවසානයේදී යෝජිත නෞකා 20ක් වෙනුවට 3ක් පමණක් නිෂ්පාදනය කිරීමට නාවික හමුදාව තීරණය කර තිබේ. සම්වෝල්ට් නෞකාව සඳහා ඩොලර් බිලියන 3.5ක මුදලක් වැයවෙන නමුදු අසාර්ථක වෙරළබඩ ප‍්‍රහාරක නෞකා ව්‍යාපෘතියෙන් සිදුවූ අලාභයට සාපේක්ෂව මෙය සැලසුම්සහගත කාලයට සහ මුදලට අනුව නිර්මාණය කෙරෙන බව ආරංචි මාර්ග වාර්තා කරයි.









IFTTT

Put the internet to work for you.

via Personal Recipe 6136013

CHOGM රාජ්‍ය නායකයන් 33ක් සහභාගීත්වය ෂුවර් -ජි.එල්.

නොවැම්බර් 15 සහ 16 වැනිදා පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්‌ඩල සමුළුව සඳහා රාජ්‍ය නායකයන් 33 ක්‌ පැමිණෙන බව මේ වන විට රජයට දැනුම්දී ඇතැයි විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් මහතා පවසයි. 

පොදු රාජ්‍ය මණ්ඩලය රටවල් 53කින් සමන්විත බව අතර මෙම රාජ්‍ය නායක සහභාගීත්ව තහවුරුව, ඊයේ (30) දිනයට පවතින ඉලක්කම බවත්, තවත් අලූත් රාජ්‍ය නායකයින් පිරිසක් සමුළුවට සහභාගී වීම ස්ථීර කිරීම ඉදිරි දින කිහිපයේදී සිදු කිරීමට නියමිත බවත් ඔහු කියා සිටියි. 

මෙම සමුළුවට සහභාගි නොවන බව දැනුම්දී ඇත්තේ කැනඩා අගමැති ස්‌ටීවන් හාපර් මහතා පමණි. පොදු රාජ්‍ය මණ්ඩල ව්‍යාපාරික සමුළුව සදහා රටවල් 67ක, නියෝජිතයන් 500කට අධික ප‍්‍රමාණයක් සහභාගී වන බවද ඊයේ වනවිට සහතික කොට ඇත. 

සමුළුවට විදෙස්‌ රාජ්‍ය නායකයන් පැමිණීම වැළැක්‌වීම සඳහා විදෙස්‌ රාජ්‍ය නොවන සංවිධාන 30 ක්‌, විදෙස්‌ මාධ්‍ය ආයතන 10 ක්‌, විදෙස්‌ රූපවාහිනී සේවාවක්‌ වූ චැනල් ෆෝ සහ විදේශීය මාධ්‍ය පාර්ශ්වයන් 10 ක්‌ සහ එල්.ටි.ටි.ඊ. හිතවාදී සංවිධාන 8 ක්‌ දැඩි උත්සාහයක්‌ දරා තිබෙන බව රජය පවසයි.

IFTTT

Put the internet to work for you.

via Personal Recipe 6136013

සිරිකොතට ගල් ගෑසු අය වැරදී නෑ

සිරිකොතට ගල් ගෑසු අය වැරදී නෑ


එක්සත් ජාතික පක්ෂය ඉදිරියේදි හොදින් හෝ නරකින් ජයග්‍රහණය කිරිමට ක්‍රියාපිළිවෙතක් අනුගමනය කරන බව,ජාතික සේවක සංගමයේ උප සංවිධායක ආනන්ද පාලිත මහතා පවසයි.




ඔහු මේ බව ප්‍රකාශ කලේ ඊයේ (30) පැවති මාධ්‍ය හමුවකදිය.එහිදි වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියේ,සිරිකොතට පසුගිය දිනවලදි ගල් ගැසු අය වැරදි යැයි ප්‍රකාශ කරන්නේ "ඇම්බැට්ටයෝ "පිරිසක් විසින් බවයි.එක්සත් ජාතික පක්ෂය මහින්ද රාජපක්ෂ ආණ්ඩුව පෙරලිමට කටයුතු කරන්නේ නම්,සිරිකොතට පහරදි ප්‍රජාතන්ත්‍රවාදය ඉස්මතු කිරිමට තමන්ට අයිතියක් නොවන්නේ ඇයි යනුවෙන් ඔහු මෙහිදි ප්‍රකාශ කර සිටියා.සිරිකොත තුළ පවතින්නේ ඒකාධිපති පාලනයක්නම් ,මැර බලයක්නම් ,ජනතා විරෝධි ක්‍රියාවලිනම්,එය මැඩ පැවත්විමට එදා සිරිකොත පක්ෂ මූලස්ථානයට පහරදිම සධාරණ බවයි ඔහු පෙන්වා දුන්නේ.කෙසේ නමුත් ඉදිරියේදි එක්සත් ජාතික පක්ෂය හොදින් හෝ නරකින් ජයග්‍රහණය කිරිමට ක්‍රියාපිළිවෙතක් අනුගමනය කරන බව ඒ මහතා මෙහිදි වැඩිදුරටත් කියා සිටියා.



රුවන්වැල්ලේ අභිරහස් මරණ 3ක්

රුවන්වැල්ලේ අභිරහස් මරණ 3ක්


රුවන්වැල්ල ,ගල්පාත ප‍්‍රදේශයේ නිවසක තිබියදි පිරිමි පුද්ගලයෙකුගේ , කාන්තාවකගේ සහ කුඩා දරුවෙකුගේ මළ සිරුරු 03ක් රුවන්වැල්ල පොලිසිය විසින් ඊයේ (30) සොයා ගෙන තිබේ.




මිය ගොස් තිබෙන්නේ වයස අවුරුදු 48ක් වයසැති ගල්පාත ප්‍රදේශයේ පදිංචි විමලදාස,අවුරුදු 35ක් වයසැති එම ප්‍රදේශයේම පදිංචි රේණුකා ප්‍රියදර්ශනි සහ ඇයගේ දරුවා වන මාස 10 වයසැති විහග නෙත්සරයි. මරණකරු එම සිද්ධිය සිදුවු ස්ථානයේ පදිංචි කරුවෙක් වන අතර මරණයට පත්වු කාන්තාව සහ ඇයගේ පුතා අසල නිවසක පදිංචි වුවන් බව පොලිස් ආරංචි මාර්ග සදහන් කරයි. මරණකාරියගේ හා දරුවාගේ සිරුරේ කැපුම් තුවාල ඇති බවට නිරීක්‍ෂණයවී ඇති අතර එල්ලී මිය ගිය පුද්ගලයා විසින් කාන්තාව හා කුඩා දරුවා ඝාතනය කර ඇති බවට කරුණු අනාවරණයවී ඇත. මරණකාරියගේ සැමියා මේසන් වැඩ සඳහා උදෑසන නිවසින් පිටව ගොස් නැවත නිසට පැමිණ දරුවා සහ බිරිද සම්බන්ධයෙන් සොයා බැලීමේදි මෙම අපරාධය සම්බන්ධයෙන් අනාවරණයවී ඇත. මහේස්ත‍්‍රාත් පරීක්‍ෂණය මෙතෙක් අවසන්වි නොමැත. රුවන්වැල්ල පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වා ගෙන යනු ලබයි.



කොරියානු විභාගයේ ප‍්‍රථිඵල හෙට

කොරියානු විභාගයේ ප‍්‍රථිඵල හෙට


පසුගිය ඔක්තෝම්බර් 19 හා 20 දෙදින පැවති කොරියානු භාෂා ප‍්‍රවීනතා විභාගයේ ප‍්‍රථිඵල හෙට (01) දිනයේ නිකුත් කරන බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.




එම කාර්යාංශය සඳහන් කලේ කොරියානු රජයේ රැකියාවක් ලබා ගැනීම සඳහා වන මූලික සුදුසුකම වන මෙම විභාගය සඳහා අපේක්ෂකයන් 20492 දෙනෙකු පෙනී සිටි බවයි.


විභාග ප‍්‍රතිඵල www.slbfe.lk, www.eps.go.kr, www.hrdkorea.or.kr යන වෙබ් අඩවි මගින් ප‍්‍රකාශයට පත්කෙරේ. විභාගයේදී ලකුණු 200න් අවම වශයෙන් ලකුණු 80ක් හෝ ඊට වැඩි ප‍්‍රමාණයක් ලබා ගත යුතු අතර, කඩඉම් ලකුණු ප‍්‍රමාණය කොරියානු මානව සම්පත් දෙපාර්තමේන්තුව මඟින් පසුව ප‍්‍රකාශයට පත් කෙරේ. කොරියානු රැකියා ලබා ගැනීම සම්බන්ධයෙන් පුද්ගලයින් ගෙන යන ව්‍යාජ කි‍්‍රයාකාරකම් හේතුවෙන් තමාගේ විභාග අංකය හා ගමන් බලපත‍්‍ර අංකය බාහිර පුද්ගලයින්ට ලබා දීමෙන් වලකින ලෙස කාර්යාංශය විශේෂයෙන් අපේක්‍ෂකයින්ගෙන් ඉල්ලා සිටී. මෙම විභාගයෙන් සමත්වන්නන් හට තමන් අපේක්‍ෂා කරන රැකියා වෙබ් අඩවියේ තමන් නමින් ගිණුමක් විවෘත කළ හැකි අතර ඒ සඳහා අවශ්‍ය වන්නේ ගමන් බලපත‍්‍ර අංකය හා විභාග අංකය පමණි.


කොළඹ නාලන්ද, ගෝතමී බාලිකා, අශෝක, ඞී. එස් සේනානායක, ඉසිතපන හා තර්ස්ටන් විද්‍යාල වලදී විභාගය පැවත්විණි. මෙවර විභාගය කොරියානු මානව සම්පත් දෙපාර්තමේන්තුවේ පූර්ණ අධීක්ෂණය යටතේ පැවැත් වූ අතර, විභාගයේ සියලූ කටයුතු ශ‍්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ මෙහෙය වීම යටතේ සිදු කර තිබේ.



රූපය දිරන හේතුව සොයයි

රූපය දිරන හේතුව සොයයි


දිවයින පුරා පිහිටි රූපලාවන්‍යාගාර පරීක්‍ෂා කිරීමට රජය තීරණය කර තිබෙනවා.




ඒ අනුව අද සිට පාරිභෝගික කටයුතු අධිකාරිය මෙම පරික්‍ෂණ කටයුතු ආරම්භ කිරීමට නියමිතයි. පසුගියදා කොළඹ ප‍්‍රදේශ කිහිපයක සිදු කළ හදිසි වැටළිම් වලදී රූපලාවන්‍යාගාර 12 ක තිබි කල් ඉකුත් වු අලේපන හා ක‍්‍රිම් වර්ග රැසක් සොයා ගෙන තිබේ. ඒ අනුව රූපලාවන්‍යාගාර පරික්‍ෂා කොට ප‍්‍රමිතියෙන් තොර අලේපන වර්ග භාවිතා කරන්නනට එරෙහිව නීති තදින්ම ක‍්‍රියාත්මක කරන ලෙස සමුපකාර හා අභ්‍යන්තර අමාත්‍ය ජොන්ස්ටන් ප‍්‍රනාන්දු මහතා පාරිභෝගික අධිකාරියට නියෝගයක් නිකුත් කර තිබේ.



ඩයස්පොරාවද? විග්නේෂ්වරම්ද?

ඩයස්පොරාවද? විග්නේෂ්වරම්ද?


පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව වර්ජනය කරන ලෙසට බල කරමින් ඉන්දිය රජයට එරෙහිව ගෙන යන සටනට ස්තුති කරමින් දෙමළ ඩයස් පෝරාව තමිල්නාඩු මහඇමැති ජයලලිතා ජයරම්ට ලිපියක් යොමු කර තිබෙනවා.




කෙසේ හෝ ශ‍්‍රී ලංකාවේ පැවැත්වෙන රාජ්‍ය නායක සමුළුවට ඉන්දීය රාජ්‍ය නායකයන් සහභාගී වීම නතර වීම තම එකම අරමුණ බවද දෙමළ ඩයස්පොර්ව එම ලිපිය මඟින් දන්වා තිබේ. එම අරගලය වෙනුවෙන් ජයලලිතා ජයරම් ගන්නා ක‍්‍රියාමාර්ග එම ලිපිය මඟින් පැසසුමට ලක් කර තිබේ. සමුළුව ලංකාවේ පැවැත්වීම තුළින් රට තුළ මානව හිමිකම් සුරැකෙන බවට ලෝකය හමුවේ තහවුරු වීම වැලැක්වීම තම අරමුණ බව ද එම ලිපිය මඟින් දන්වා තිබේ.


මේ අතර උතුරු පළාත් මහ ඇමැති සී.විග්නේෂ්වරම් මහතා ඉන්දීය අග‍්‍රාමාත්‍ය මන් මෝහන් සිං හට ලිපියක් යවමින් පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට අනිවාර්යෙන්ම සහභාගී වන ලෙස ඉල්ලා තිබේ. මීට පෙර විග්නේෂ්වරම් මහතා සමුළුව සම්බන්ධයෙන් දැරු ස්ථාවරය මේ හරහා වෙනස් කර තිබේ. උතුරේ මැතිවරණය පැවැත්වීමට ඉන්දීය රජය ලබා දුන් සහයෝගය ද මෙම ලිපිය මඟින් අගය කොට ඇති අතර යාපනය සහ මධ්‍යම රජය අතර සබඳතාවය වර්ධනය කර ගැනීම සඳහා ඉන්දිය රජයේ සහයෝගය තවදුරටත් ඔහු ඉල්ලා තිබේ.


උතුරු පලාත් මහ ඇමැති සී.විග්නේෂ්වරම් මහතා ඉන්දිය අගමැතිවරයාට අවධාරණය කර ඇත්තේ දකුණු ඉන්දියානු දේශපාලඥයාන්ගේ පරස්පර කතා කිසිවිටකත් ගණන් නොගන්නා ලෙයසි.



කැබිනට් රැස්වීමට පළාත් ප‍්‍රධාන අමාත්‍යවරුත් සහභාගී වේ

කැබිනට් රැස්වීමට පළාත් ප‍්‍රධාන අමාත්‍යවරුත් සහභාගී වේ


අද පැවැත්වෙන කැබිනට් මණ්ඩල රැස්වීම සඳහා සියළුම පළාත්වල ප‍්‍රධාන අමාත්‍යවරුන් සහභාගී වන ලෙස ආරධනා කර තිබේ.




ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රධානත්න්වයෙන් පැවැත්වෙන කැබිනට් මණ්ඩල රැස්වීම පැවැත්වේ. සෑම මසකම අවසාන සතියේ රැස්වන කැබිනට් මණ්ඩලය සඳහා පලාත් ප‍්‍රධාන අමාත්‍යවරුන් සහභාගී කරගැනීමට රජය තීරණය කර තිබේ.



CHOGM වර්ජනය කලොත් පොදු රාජ්‍ය මණ්ඩලයට පහරක් එල්ල වනවා

CHOGM වර්ජනය කලොත් පොදු රාජ්‍ය මණ්ඩලයට පහරක් එල්ල වනවා


මෙවර ශ‍්‍රී ලංකාවේ පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩල සමුළුව වර්ජනය කලහොත් එයින් පොදු රාජ්‍ය මණ්ඩලයට එල්ල වන බරපතල ප‍්‍රහාරයක් බව බි‍්‍රතාන්‍ය රජය පවසයි.




ඊයේ පාර්ලිමේන්තුව අමතමින් එරට විදේශ ලේකම් විලියම් හේග් මේ බව පවසා සිටියේ විපක්‍ෂය සමුලූව වර්ජනය කළ යුතු බවට කරන ලද යෝජනවාට අනුවයි. ශ‍්‍රී ලංකාවේ මානව හිමිකම් පිළිබඳව අවබෝධයක් ලබා ගැනීමට මෙම සමුළුවට සහභාගී වීමෙන් හැකි වන බවද ඔහු එහිදී වැඩිදුරටත් පවසා සිටියා.



මාගල්ල අයිස් නිෂ්පාදනාගාරයේ ගින්නක්

මාගල්ල අයිස් නිෂ්පාදනාගාරයේ ගින්නක්


මාගාල්ල ප්‍රදේශයේ අද(31) අළුයම ධීවර සංස්ථාවකට අයත් අයිස් නිෂ්පාදනාගාරයක් තුළ ගින්නක් හටගෙන තිබේ.




මෙම ගෑස් කාන්දුව හේතුවෙන් 55 හැවිරිදි පිළියන්දල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු ජිවිතක්ෂයට පත්ව තිබේ.


අනතුරින් තුවාල ලැබූ පුද්ගලයින් දෙදෙනෙකු කරාපිටිය රෝහලට ඇතුළත් කර තිබේ. බරපතල තත්ත්වයේ පසු වූ මෙම පුද්ගලයා මෙලෙස මියගොස් ඇති බවයි ගාල්ල වරාය පොලිසිය සඳහන් කළේ. ගාල්ල නගර සභා ගිනි නිවීමේ ඒකකය සහ විදුලි බල මණ්ඩලයේ සහය ඇතිව ගින්න මැඩපවත්වා ඇති අතර ගෑස් කාන්දුව ද පාලනය කර ඇති බව පොලීසිය පවසයි. සිද්ධිය සම්බන්ධයෙන් මාගාල්ල පොලීසිය පරීක්ෂණ පවත්වනු ලැබේ.



මහ ඇමතිකම අවශ්‍යනම් නම වෙනස් කරන්න!

මහ ඇමතිකම අවශ්‍යනම් නම වෙනස් කරන්න!


බස්නාහිර හෝ දකුණු පළාත් සභාවට ප්‍රධාන අමාත්‍ය ධූරය සඳහා ආණ්ඩුවෙන් කවුරුන් හෝ ඉදිරිපත් වන්නේ නම් ඔහුගේ නාමය වෙනස් කර ගත යුතු බව එක්සත් ජාතික පක්‍ෂ ඌව පළාත් සභා මන්ත්‍රී ජානක තිස්සකුට්ටිආරච්චි මහතා පවසයි.




ඊයේ(30)පැවති පුවත් සාකච්ඡාවේදි අදහස් දක්වමින් මන්ත්‍රිවරයා සදහන් කළේ ඌව පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍ය ධූරය දේශපාලනය පිළිබඳ කිසිඳු අත්දැකීමක් නොමැති ශශීන්ද්‍ර රාජපක්‍ෂට ලබා දුන් නමුත් මධ්‍යම පළාතේ වැඩිම මනාප ලබා ගත් අනුරාධ ජයරත්නට මහ ඇමැති ධූරය ලබා නොදුන් ආණ්ඩුව ඒ වෙනුවෙන් විවිධ හේතු ඉදිරිපත් කළ බවයි.


"ආණ්ඩුව තුළ විවිධ ප්‍රශ්න තිබිය දී එක්සත් ජාතික පක්‍ෂයේ අර්බුදයක් තිබෙන බව හුවාදක්වන ක්‍රමවේදයක් පසුගිය කාලයක් මුළුල්ලේ සංවිධානාත්මක ලෙස ක්‍රියාත්මක වුණා. ආණ්ඩුව කියන තරම් අර්බුදයක් එක්සත් ජාතික පක්‍ෂය තුළ ඇත්තේ නැහැ. නමුත් පළාත් පාලන ආයතනවල සිට පාර්ලිමේන්තුව දක්වාම ආණ්ඩුව තුළ අර්බුද ඇති වෙලා.


රටක ආර්ථිකය ශක්තිමත් වීමට නම් ඒ රටට විදේශ ආයෝජන පැමිණිය යුතු වුවත් බදු සහන ලබා දී තිබියදී පවා අපේ රටට එවැනි ආයෝජන ලැබෙන්නේ නැහැ. එම නිසා රටට ආදායමක් නොලැබෙනවා සේම රැකියා අවස්ථාවන් ද බිහි වන්නේ නැහැ. නිෂ්පාදන ආර්ථිකයක් ගොඩනොනැගෙන නිසා රටේ ආර්ථිකය ශක්තිමත් වන්නේ නැහැ. ආර්ථිකය කඩා වැටුණු ලෝකයේ වෙනත් රටවල් අවසානයට ගසන ලද තුරුම්පුව කැසිනෝ ව්‍යාපාරයයි. සන්ධාන ආණ්ඩුවත් එවැනි ආර්ථිකයකට සූදානම් වෙනවා.


මෙරට තුළ ප්‍රජාතන්ත්‍රවාදයක් නොමැති නිසා ආයෝජකයින් නොඑන අතරම රට හැර යන තත්ත්වයක් උදා වෙලා. ඒකාධිපති පාලනයක් තුළ මානව හිමිකම් උල්ලංඝණය වන නිසා ව්‍යාපාර කර ගෙන යාමට නොහැකි වෙලා. රටවල් 33 ක රාජ්‍ය නායකයින් පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට පැමිණෙන බව ආණ්ඩුව ප්‍රකාශ කළත් එලෙස පැමිණෙන්නේ අප්‍රිකානු රටවල රාජ්‍ය නායකයින් බව කිව යුතුයි. ඔවුන්ගෙන් මේ රටට ලබා ගත හැකි ආයෝජන අවස්ථාවක් නැහැ. "



අධිවේගයට ගැමුණුගෙන් අභියෝගයක්!

අධිවේගයට ගැමුණුගෙන් අභියෝගයක්!


කොළඹ කටුනායක අධිවේගි මාර්ගය සදහා ලංගම බස් රථ වලට වඩා මුදල් ප්‍රමාණය අඩුවෙන් එම මාර්ගය සදහා පෞද්ගලික බස් රථ යෙදවිමට තමන් සුදානම් බව සමස්ත ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසයි.




අප කල විමසිමකදි ඔහු මේ බව ප්‍රකාශ කලා. ජනතාවගේ පහසුව තකා මගින්ට සහනශිලි වන අයුරින් පෞද්ගලික බස් රථ සේවාවකොළඹ කටුනායක අධිවේගි මාර්ගයට යෙදවිමට කටයුතු කිරිමට තමන් සුදනම් බවද අප කල විමසිමේදි ඔහු වැඩිදුරටත් සදහන් කලා.මේ සම්බන්ධයෙන් අවශ්‍ය බළධාරින්ට මේ වන විටත් දැනුම්දි ඇති අතර සේවාව ගුණාත්මක වන අයුරින් ලංගම බස් රථ වලට වඩා ගමන් වියදම අඩුවෙන් පෞද්ගලික බස් රථ සේවාව ලබා දිමට ඉදිරියේදි කටයුතු කරන බව ගැමුණු විජේරත්න මහතා වැඩිදුරටත් පවසයි.කොළඹ සිට කටුනායක දක්වා ලංගමයෙන් වැය කරන මුදල රුපියල් 150 නම් එම ප්‍රවාහන සේවාව රුපියල් 100 ලබා දිමට තමන් සුදානම් බවද ලක් පුවත් වෙත අදහස් දක්වමින් ගැමුණු විජේරත්න මහතා ප්‍රකාශ කලා.



දැරියන් දෙදෙනා කෙළෙසූ පියාට වසර 120ක සිරදඬුවමක්

දැරියන් දෙදෙනා කෙළෙසූ පියාට වසර 120ක සිරදඬුවමක්


හොරව්පතාන, කපුගොල්ලෑව ප්‍රදේශ‍යේ පදිංචි 40 හැවිරිදි පියෙකුට අද(30) අනුරාධපුර විශේෂ මහාධිකරණය වසර 120ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක් නියම කළා.




ඒ වයස අවුරුදු 13ක සහ වයස අවුරුදු 16 තම දියණියන් දෙදෙනා දීර්ඝ කාලයක් වරින් වර බරපතළ ලෙස දූෂණය කිරීමකට වැරදිකරු වීමෙනි.


තම බිරිඳට මරණ තර්ජන ඉදිරිපත් කරමින් මෙලෙස තම දරු දෙදෙනා අපයෝජනයට ලක් කර ඇති බව හොරව්පතාන පොලීසිය පවසයි. අගතියට ලක් දැරියන්ට රුපියල් ලක්ෂ 10 බැගින් වන්දියක් ගෙවන ලෙසත් අදාළ වන්දි මුදල ගෙවීම පැහැර හරින්නේ නම්, තවත් වසර 07ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක් ද මහාධිකරණ විනිසුරුවරිය විසින් එම පියාට නියෝග කළා.



සංචාරක වීසා පෙන්නා ආ මාධ්‍යවේදින් දෙදෙනා පිටුවහල්!

සංචාරක වීසා පෙන්නා ආ මාධ්‍යවේදින් දෙදෙනා පිටුවහල්!


කොළඹ ප‍්‍රසිද්ධ හෝටලයක නිදහස් මාධ්‍ය ව්‍යාපාරය විසින් කැඳවු මාධ්‍ය හමුවට සහභාගී වු ජාත්‍යාන්තර මාධ්‍යවේදීන්ගේ සංගමයේ මාධ්‍යවේදීන් දෙදෙනෙකු හෙට (31) දිනයේදී රටින් පිටුවහල් කිරීමට ආගමන විගමන දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.




එම මාධ්‍යවේදීනියන් දෙදෙනා ශ‍්‍රි ලංකාවට පැමිණ තිබෙන්නේ සංචාරක වීසා මත නිසා බැවින් ඔවුන් වැඩමුළු සඳහා සහභාගී වී මෙසේ ඔවුන් රටින් පිටුවහල් කිරීමට හේතුව වී තිබේ. මෙසේ පිටුවහල් කර තිබෙන්නේ ජාත්‍යන්තර මාධ්‍යවේදීන්ගේ සංගමයේ ආසියා පැසිෆික් කලාපයේ අධ්‍යක්‍ෂිකා ජැක්ලීන් පාකර් සහ තවත් සාමාජිකාවකි.



ජනසෙවණ පෙන්නා මුදල් ගැරූ දෙදෙනෙක් අත්අඩංගුවට

ජනසෙවණ පෙන්නා මුදල් ගැරූ දෙදෙනෙක් අත්අඩංගුවට


ජනසෙවණ නිවාස ව්‍යාපෘති වලින් නිවාස ලබාදෙන බව පවසා ජනතාව රවටා මුදල් වංචා කරන කණ්ඩායමක් අත්අඩංගුවට ගැනීමට මිරිහාන පොලිසියේ වංචා විමර්ශන ඒකකය ඊයේ (29) රාත්‍රියේදී සමත් වී තිබේ.




මේ සම්බන්ධයෙන් පරීක්ෂණ ඇරඹූ මිරිහාන පොලිසියේ විමර්ශන අංශය සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් අතර මීට සම්බන්ධ තවත් පිරිසක් අත්අඩංගුවට ගැනීම සදහා පරීක්ෂණ පවත්වමින් සිටී.


මොරටුව, ලුනාව ජනසෙවණ නිවාස ව්‍යාපෘතියෙන් නිවසක් ලබාදීම සදහා එක් පුද්ගලයෙකුගෙන් රුපියල් ලක්ෂ 20 ක් ඉල්ලා ඇති බව විමර්ශනවලදී හෙළිවී ඇත. නිවාස අමාත්‍යවරයාට තමන්ගේ දුක්ගැණවිල්ල කියා ලිපියක් ඉදිරිපත් කරන ලෙසටත් ඒ සමග රුපියල් ලක්ෂ 1 ½ ක මුදලක් අවශ්‍ය බව වංචාව සිදු කළ කණ්ඩායම මෙම පුද්ගලයාගෙන් ඉල්ලා ඇත. එම ලිපිය භාරදී දින 16 ක් ඇතුළත නිවාස අමාත්‍යවරයාගේ අත්සනින් නිවස ලබාදෙන බව පවසා ලිපියක් ලබාදෙන බවත් ඒ සදහා රුපියල් ලක්ෂ 12 ක මුදලක් අවශ්‍ය බවත් දන්වා ඇත. මාස 6 කට පසු වර්ග අඩි 650 කින් යුත් නව නිවසේ යතුර භාරදී හිමිකම් පත්‍රය භාරදීම සදහා ඉතිරි ලක්ෂ 6 ½ ක මුදල අවශ්‍ය බව එම වංචාවට සම්බන්ධ කණ්ඩායම මෙම පුද්ගලයාට පවසා ඇති බව පොලිස් විමර්ශන වලදී හෙළිවී ඇත.


මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබේ.


විශේෂයෙන්ම ජාතික නිවාස සංවර්ධන අධිකාරිය හා නාගරික ජනාවාස සංවර්ධන අධිකාරිය විසින් ඉඳිකරනු ලබමින් පවතින මහල් නිවාස ව්‍යාපෘතිවලින් නිවාස ලබාදෙන බවට ජනතාව මුලාකර මුදල් ලබාගත් බවට පැමිණිළි දිවයිනේ විවිධ ප්‍රදේශවලින් ජාතික නිවාස සංවර්ධන අධිකාරියට හා ඉදිකිරීම්,ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍යංශයට ලැබී ඇති බව එම අමාත්‍යංශය පවසයි.


ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ හා ඉදිකිරීම්,ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍යංශයේ නම පාවිච්චි කර යම් යම් පුද්ගලයින් නිවාස ලබාදෙන බවට කරගෙන යන ප්‍රචාරයන් අසත්‍ය ඒවා බවත් කිසිවෙකු හෝ එවන් අසත්‍ය ප්‍රචාර සිදුකරන්නේ නම් ඒ පිළිබදව ඉතා ඉක්මණින් ළගම ඇති පොලිසියට හෝ ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ කාර්යාලය වෙත 0112446566 / 0112446558 යන දුරකථන අංක ඔස්සේ දැනුම් දෙන මෙන් ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍යංශය ජනතාවගෙන් ඉල්ලා සිටී.



විග්නේෂ්වර්ම් රෝහලේ

විග්නේෂ්වර්ම් රෝහලේ


උතුරු පළාත් මහ ඇමැති සී.විග්නේෂ්වරම් මහතා ප‍්‍රතිකාර ලබා ගැනීම සඳහා යාපනය රෝහලට ඇතුළත් කර තිබේ.




යාපනය අප විශේෂ වාර්තාකරු සඳහන් කලේ විග්නේෂ්වරම් මහතාට කලක සිට පැවැති රෝගී තත්ත්වයක් සඳහා ප‍්‍රතිකාර ලබා ගැනීම සඳහා රෝහල් ගත කර ඇති බවයි. උතුරු පළාතේ මහ ඇමැති ධූරයට පත් වීමෙන් පසු විග්නේෂ්වරම් මහතා තම සන්ධානයේ සාමාජිකයින්ගෙන් බරපතල ලෙස පිඩනයට ලක් වු අතර මේ දක්වා උතුරු පලාතේ වැඩ කටයුතු කර ගැනීමට බාධ එල්ල කර තිබුණා.



ලබන 01 වෙනිදා දෙමළ මාධ්‍ය පාසල් නිවාඩු

ලබන 01 වෙනිදා දෙමළ මාධ්‍ය පාසල් නිවාඩු


එළැඹෙන නොවැම්බර් 01 වනදා දිවයින පුරා සියළුම දෙමළ මාධ්‍ය පාසල් සදහා නිවාඩු ලබා දෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.




එළැඹෙන 02 වන දින දීපවාලි උත්සවය නිමිත්තෙන් මෙලෙස දෙමළ මාධ්‍යයෙන් වැඩ කටයුතු සිදු කරන පාසල් වලට නිවාඩු ලබා දිමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ. එම උත්සවය වඩාත් අර්ථාන්විතව සැමරිම හේතු කොටගෙන මෙලෙස දෙමළ මාධ්‍යයෙන් වැඩ කටයුතු කරන පාසල් වලට නිවාඩු ලබා දිමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ.



පියෙක් හා දියණියක් ළිඳක් තුළ මිය ගොස් තිබේ

පියෙක් හා දියණියක් ළිඳක් තුළ මිය ගොස් තිබේ


පන්විල නගරයේ තැපැල් කාර්යාලය පිටුපස ළිඳක් තුල අද (30) පෙරවරු 7 ට පමණ පුද්ගලයෙකු සහ කුඩා ගැහැණු ළමයෙකුගේ මෘතශරිරයක් තිබි හමු වී ඇත.




සිද්ධිය සම්බන්ධයෙන් කළ පරික්‍ෂණවලින් අනාවරණ වී තිබෙන්නේ මිය ගොස් තිබෙන්නේ දසනායක මුදියන්සේලාගේ කුඩා බංඩා, වයස අවුරුදු 55 ක් අය හා නෙත්මිනි ගවේෂිකා වයස අවුරුදු 02 1/2 ක පන්විල ප‍්‍රදේශයේ පදිංචිකරුවන්ය.


සිද්ධිය සම්බන්ධයෙන් කළ පරික්‍ෂණවලින් හෙළී වී තිබෙන්නේ මෘතශරිර පශ්චාත් මරණ පරික්‍ෂණ කටයුතු සදහා මහනුවර රෝහලේ මෘත ශරිරාගාරයේ තැන්පත් කර තිබේ. මිය ගිය පුද්ගලයාගේ බිරිඳ විදේශ රැකියාවක නිරත වන අතර වයස අවුරුදු 6 ක ගැහැණු ළමයෙකු සහ අවුරුදු 12 ක පිරිමි ළමයෙකු සිටි.


මිය ගිය පියා විසින් පසුගිය දින කිහිපයකට පෙර නිවසේ තිබු ළමුන් විසින් අධ්‍යාපනය ලැබූ පොත් පත් ගිනි තබා විනාශ කොට මිය ගිය ගැහැණූ ළමයා රැගෙන නිවසින් පිටව ගොස් තිබේ. මේ සම්බන්ධව මිය ගිය පුද්ගලයාගේ වැඩිමල් දියණිය විසින් පන්විල පොලීසියට පැමිණිල්ලක් කර ඇත. පන්විල පොලීසිය මගින් මේ සමිබන්ධව පරීක්‍ෂණ සිදු කර අධිකරණයට කරුණු වාර්ථා කර තිබේ. ඒ අනුව අධිකරණය විසින් අවුරුදු 16 ක ගැහැණු ළමයා හා අවුරුදු 12ක පිරිමි ළමයා පරිවාස භාරයට පත් කර තිබේ. මෙය සියදිවි නසා ගැනිමක්ද යන්න පිලිබඳව පන්විල පොලීසිය මගින් වැඩිදුර විමර්ශන සිදු කරගෙන යනු ලබයි.



සෞඛ්‍ය ක්ෂේස්ත්‍රයට අභියෝග රැසක්

සෞඛ්‍ය ක්ෂේස්ත්‍රයට අභියෝග රැසක්


රටේ අමාත්‍යාංශ අතුරින් ජනතාව වෙනුවෙන් වැඩිම මුදලක් වැය කරන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශය බව සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි.




ඊයේ (29) පැවති උත්සවයකදි අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කලා. එහිදි වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ, 2013 වර්ෂයේදි සෞඛ්‍ය අමාත්‍යාංශය බිලියන 135ක පමණ මුදලක් දේශිය අරමුදල් වලින් යොදවා ඇති බවයි.


එසේම සෞඛ්‍ය ක්ෂේස්ත්‍රය හමුවේ අද වන විට විශාල අභියෝග රැසක් පවතින බවද අමාත්‍යවරයා මෙහිදි පෙන්වා දුන්නා.ප්‍රාතමික සෞඛ්‍යසේවාව, රෝග වැළැක්වීම ,නිවාරණය සම්බන්ධයෙන් පුළුල් වැඩපිළිවෙලක් අවශ්‍ය වන බවද අමාත්‍යවරයා මෙහිදි පෙන්වා දුන්නා. සෞඛ්‍ය නිළධාරින් ඇතුළු සෙසු පිරිසක් අද වන විට රෝග නිවාරණ කටයුතු සදහා ජනතාව තුළ වැඩසටහන් දියත් කිරිමට පෙළඹි තිබුණද එය කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බව අමාත්‍යවරයා මෙහිදි පෙන්වා දුන්නා.


වාර්ෂිකව වැය කරන මුදල කොතරම් ඉහළ ගියද රෝග නිවාරණය පිළිබද වැඩසටන් හැකි ඉක්මණින් ක්‍රියාත්මක කිරිම අවශ්‍ය බව අමාත්‍යවරයා මෙහිදි පෙන්වා දුන්නා.



දැන් තියෙන ජනමාධ්‍ය සංවිධාන දේශපාලන පක්ෂ වගේ

දැන් තියෙන ජනමාධ්‍ය සංවිධාන දේශපාලන පක්ෂ වගේ


මීට කලින් ඉදිවුණු, සමහරක් ජනමාධ්‍ය සංවිධාන දේශපාලන පක්ෂ හා සමාන බව විදේශ රැකියා ප‍්‍රවර්ධන හා සුභසාධන අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා පවසයි.




අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද(30) කොළඹ මහවැලි කේන්ද්‍රයේ පැවති ජාතික මාධ්‍ය පදනමේ සමාරම්භක උත්සවයට එක්වෙමින්.


බොහෝ ජනමාධ්‍ය සංවිධාන නායකත්වය, එකමුතුකම, එකමතයක නොමැති වීම වැනි කාරණා හේතුකොට ගෙන එම සංවිධාන බිහි වී වැඩිකලක් යන්නට මත්තෙන් නැතිවී යන බව අමාත්‍යවරයා සඳහන් කළා.


නමුත් ජාතික මාධ්‍ය පදනමේ එම තත්ත්වය උදා නොවෙන අතර එයට හේතුව වශයෙන් අමාත්‍යවරයා සඳහන් කළේ මෙම පදනමේ අත්දැකීම් බහුල, විශය පිළිබඳව හොඳ අවබෝධයක් ඇති ජනමාධ්‍යවේදීන් ඉන්නා බවයි.


අමාත්‍යවරයා වැඩි දුරටත් පැවසුවේ අප රටේ ජනමාධ්‍යවේදීන් බොහෝ කලකට පෙර කොළඹට පමණක් කොටු වී සීමා වී සිටි බවයි. වර්තමානයේදී ජනමාධ්‍ය, තාක්ෂණයත් එක්ක එකට බැඳී ඉදිරියට ගමන් කළ නිසා දසතින් තොරතුරු ලබා ගත හැකි වීමෙන් ජනමාධ්‍ය තවත් ඉදිරියටම ගමන් කරන බවත් ඒ තත්ත්වයට සුභප්‍රාර්ථනා කරන බවද අමාත්‍යවරයා මෙහිදී පවසා සිටියා.



අත්දැකීම් නැති අය එක්ක කතා කරලා වැඩක් නෑ

අත්දැකීම් නැති අය එක්ක කතා කරලා වැඩක් නෑ


තමන් හැම විටම සාකච්ඡා කරනු ලබන්නේ තමන්ට කැප මාතෘකාවන් බව,නිදහස් වේදිකාවේ සම කැදවුම්කාරිනි සහ කාන්තා දේශපාලන පීඨයේ අධ්‍යක්ෂිකා නිමල්කා ප්‍රනාන්දු මහත්මිය පවසයි.




අප කල විමසිමකදි ඇය මේ බව කියා සිටියා. ගබ්සාව ,සහ ගණිකා වෘත්තිය මෙරට නිතිගත කල යුතුයි යන බවට තමන් ප්‍රකාශ කිරිමත් සමග නොයෙක් අත්දැකිම් නැති පුද්ගලයින් නොයෙක් ප්‍රකාශ කිරිම කණගාටුවට කරුණක් බවද ඇය වැඩිදුරටත් පවසයි. කැසිනෝ සංස්කෘතිය හරහා මෙරට ලංකාවේ කාන්තාවන්ට සිදුවන ලිංගික හිරිහැර හේතුකොටගෙන තමන් එම අනතුරු ඇගවිම සිදු කල බවයි ඇය ලක් පුවත් වෙත කියා සිටියේ. තමන් කිසිවිටෙකත් අකැප මාතෘකාවක් පිළිබද කතා නොකරන බවත්,මේ කාරණාව පිළිබද නොයෙකුත් දෙනා නොයෙක් මත පල කරනුයේ නොදන්නා කමට බවත් ඇය වැඩිදුරටත් සදහන් කරයි. තමන්ගේ පාරිභාෂික ශබ්ද කෝෂයේ ගණිකාව යන නම ඇතුළත් නොවන බවත්,කැසිනෝ සංස්කෘතිය සහ සංචාරක කාර්මාන්තයේදි කාන්තාවන්ට ලිංගික කටයුතු වල යෙදිමට සිදු වන නිසා ඇයගේ සෞඛ්‍ය ආරක්ෂාව උදෙසා තමන් ගබ්සාව සහ ගණිකා වෘත්තිය මෙරට ක්‍රියාත්මක කල යුතු බව ප්‍රකාශ කල බවයි ඇය කියා සිටියේ. එම කාරණය කෙරෙහි සමාජය නිවැරදි වැටහිමක් ලබා ගත යුතු බවයි ඇය පෙන්වා දුන්නේ.



බිත්තරයක තිබී පණුවෙකු හමුවේ - කුරුණෑගල

කිකිළි බිත්තරයක තිබී පණුවෙකු හමුවීමේ පුවතක් කුරුණෑගල - වාරියපොල ප‍්‍රදේශයෙන් ඊයේ (29) වාර්තා විය. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ප‍්‍රධාන ලේකම් සී.එස්. මුතුකුඩ මහතා සඳහන් කළේ මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදු කිරීමට මෙම බිත්තරය පශු වෛද්‍ය දෙපාර්තමේන්තුවේ ප‍්‍රාදේශීය රසායනාගාරය වෙත යොමුකළ බවයි. 

බිත්තරයේ සිට හමුවු පණුවා නෙමටෝඩා නැමැති පණු විශේෂයට අයත් බවත්, සාමාන්‍යයෙන් එම පණුවා කුකුළන්ගේ ශරීරයේ ජීවත්වන බවත් ඔහු සඳහන් කළේය. එහෙත් කිකිළි බිත්තරයක මෙම පණුවා සිටීම දුර්ලභ අවස්ථාවක් බවයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ප‍්‍රධාන ලේකම්වරයා කියා සිටියේය.

මෙම බිත්තරය මීට දින 04කට පෙර ප‍්‍රදේශයේ වෙළඳසැලකින් මිලදී ගත් බව මෙම සිද්ධියට මුහුණදුන් වාරියපොල අජන්තා කුමාරි මහත්මිය ප‍්‍රකාශ කළාය. මෙම සිද්ධිය පිළිබඳව විමර්ෂණ සිදුකරන වාරියපොල පශු විමර්ෂණ නිලධාරී වෛද්‍ය චින්තන කරුණාරත්න මහතා ගෙන් කල විමසීමකදී ඔහු කියා සිටියේ, මෙම පණුවා කුකුළන්ගේ ආහාර ජීර්ණ පද්ධතියේ සිටින්නෙකු බවට හඳුනාගෙන ඇති බවයි. 

 කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප‍්‍රකාශක වෛද්‍ය නවීන් ද සොයිසා මහතා ගෙන් කල විමසීමකදී ඔහු කියා සිටියේ, මෙවැනි පණු විශේෂ ඇතැම් විට ශරීරයට අහිතකර විය හැකි බවයි. එහෙත් ඇතැම් විට එවැනි පණු විශේෂයෙන්ගෙන් බලපෑමක් එල්ල නොවන බවද වෛද්‍ය නවීන් ද සොයිසා මහතා කියා සිටියේය. 

ඡායා - ලක්බිම

IFTTT

Put the internet to work for you.

via Personal Recipe 6136013

උතුරෙන් හමුදා ඉවත් කරන්නේ නැ -ජනපති

දෙමළ ජනතාවගේ ප්‍රශ්නවලට විසදුම් ලෙස ත්‍රිවිධ හමුදාව උතුරෙන් ඉවත් කරන්නැයි යෝජනා කළද ත්‍රිවිධ හමුදාව උතුරෙන් ඉවත් කළවිට විසඳෙන්නේ දෙමළ ජනතාවගේ කුමන ප්‍රශ්නයදැයි ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රශ්න කරයි. 

රටපුරා හමුදා කඳවුරු පවතින බව පෙන්වාදෙන ඒ මහතා ඔවුන් ඒ යෝජනා ඉදිරිපත් කරන විට එදා උතුරේ පැවැති තත්ත්වය මතකයට නැඟෙන බවද සියාසිටී. එම තත්වය තුල කුමන බලපෑම් එල්ලවුවද, උතුරෙන් ආරක්ෂක හමුදා ඉවත් කිරීමට රජය සූදානම් නොමැති බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.  
ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මේ බව අවධාරණය කළේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී ඊයේ (29) පස්වරුවේ පැවැති කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයීය උපාධි ප්‍රදානෝත්සවය අමතමිනි. එම විශ්වවිද්‍යාලයේ 23 වැනි උපාධි ප්‍රදානෝත්සවය මෙය වන අතර එහිදී සාමාන්‍ය උපාධිය සහ පශ්චාත් උපාධිය හැදෑරූ 182 දෙනකු උපාධි ලබාගත්හ. සංවර්ධනයෙන් බෙදුම්වාදය පරාජය කරන බවද ජනාධිපතිවරයා එම උත්සවයේදී කියා සිටියේය. 

යුද සමයේ විදේශගතව සහ කොළඹට වී සිටි අය අද බෙදුම්වාදය වපුරණ බවත්, ත‍්‍රස්තවාදී නායකයන් ප‍්‍රජාතන්ත‍්‍රවාදය වැළඳ ගන්නා බවත් සඳහන් කළ ජනාධිපතිවරයා, වැටුණු වළේ දවල් වැටීමට සූදානම් නොමැති බව ද පැවසිය. 

මෙහිදී වැඩිදුරටත් අදහස් පළකළ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා, 1970 දශකයේ බෙදුම්වාදයට ආ වැඩු දෙමළ නායකයන්ට පසු කලෙක සිදු වු දේ මතකයේ පවතින බව සිහිපත් කළ මහින්ද රාජපක්ෂ මහතා වඩුක්කොඩෙයිහිදී එදා ඊළාම් යොජනාව ගෙන ආ අමිර්තලිංගම්ගේ සිට දෙමළ නායකයින් අවසානයේ බෙදුම්වාදයේ ගොදුරක් වී ඝාතනය වූ බවද සිංහල, දෙමළ, මුස්ලිම්, සියලු ජාතීන් මේ අතීතයෙන් පාඩම් ඉගෙන ගතයුතු බවද ප්‍රකාශ කළේය. 

වෙල්ලමුල්ලිවයික්කාල් සැමරුම් මධ්‍යස්ථානයක් බවට පත් කරගන්නට ඇතැමුන් කිහිපවතාවක්ම උත්සාහගත බව පැවසූ ඒ මහතා සාමය අගය කරන අප කා තුළත් මේ සම්බන්ධයෙන් ඇත්තේ බලවත් කනගාටුවක් බවද එම ප්‍රදේශය විවිධ ත්‍රස්ත ක්‍රියාකාරකම්වලට සම්බන්ධ වූ ත්‍රස්තවාදියා අවසන් ගමන ගිය ස්ථානය බවද අවධාරණය කළේය. 

එදා මුහමලේ සිට පාලනය වුණේ එල්.ටී.ටී.ඊයෙන් බව පෙන්වාදුන් මහින්ද රාජපක්ෂ මහතා, ඒ වාගේම නැඟෙනහිර පළාතේ තුනෙන් දෙකක බලය තිබුණේ ඔවුනට බවද මේ ප්‍රදේශවලට යන්න මේ රටේ ජනතාවට තහනම් වූ බවද සිහිපත් කළේය. 

පාරක් හදලා විවෘත කරන්නවත් යන්න නොහැකි තත්ත්වයක් පැවැති බවද එදා නිදහස් කර ගත්ත උතුරු අර්ධද්වීපය පාලනය කළේ වටේටම බංකර් පිහිටවලා එකම හමුදා කදවුරක් විදියට බවද පෙන්වා දුන්නේය. ආරක්ෂක හමුදාවලට දෙමළ ජාතිකයන් බැදෙන හැම අවස්ථාවකදීම එල්.ටී.ටී.ඊය ඊට බාධා කළේ වර්ගවාදී චෝදනා එල්ල කරන්න අවශ්‍ය නිසා යැයි පෙන්වාදුන් ජනාධිපතිවරයා, නමුත් අද එම බොරු චොදනාවෙන් ගැලවෙන්න අවශ්‍ය පියවර ගෙන තිබෙන බවද උතුර, නැඟෙනහිර දෙමළ ජනතාව විශාල වශයෙන් සිවිල් ආරක්ෂක සේවයට, පොලීසියට මෙන්ම හමුදාවට බැඳෙන බවද බෙදුම්වාදීන් එදා අපිව රාත්‍රියේ වට්ටවපු වළට දහවල් නොවැටී සිටීමට වඟබලා ගතයුතු බවද අවධාරණය කළේය. 

අගමැති දී.මූ ජයරත්න, රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිනී මහාචාර්ය ක්ෂණිකා හිරිඹුරේගම, කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ කුලපති රොහාන් දළුවත්ත, උපකුලපති මේජර් ජනරාල් මිලින්ද පීරිස්, ත්‍රිවිධ හමුදාපතිවරුන් ඇතුළු විශාල පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

IFTTT

Put the internet to work for you.

via Personal Recipe 6136013