දෙහිවල ටෝනි භාරකරුගේ දබරැඟිල්ලෙන් කොටසක්‌ කඩා දමයි

දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ "ටෝනි" නමැති චිම්පන්සියා කුඩා කල සිට රැක බලා ගත් තිලක්‌ පුෂ්පකුමාර නමැති සත්ව භාරකරුගේ දකුණු දඹරැඟිල්ලේ කොටසක්‌ වෙන් වනසේ කඩා දැමීම නිසා ප්‍රතිකාර සඳහා දකුණු කොළඹ ශික්‍ෂණ රෝහලේ හදිසි අනතුරු ඒකකයට 29 දා සවස ඇතුළත් කරනු ලැබ ඇත.

කුඩා කල සිට තමන් රැකබලාගත් සත්වයා කෙරෙහි ඇති වූ ලෙන්ගතුකම හේතුවෙන් ටෝනිට ටොපියක්‌ ලබා දීමේ දී එක්‌වරම ටොපිය සමග ඇඟිල්ල කඩා දමා ඇත.සිද්ධියෙන් පසු සතා එම ස්‌ථානයෙන් ඉවත් කර කැඩුණු ඇඟිලි කොටස සමග රෝහල වෙත රැගෙන ගියද ස්‌නායු ඇදීම හේතුවෙන් ඇඟිල්ල බද්ධ කිරීම පිළිබඳ අවිනිශ්චිත බවක්‌ ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

ටෝනි නැමති චිම්පන්සියා මව, කිරි දීම ප්‍රතික්‍ෂ්ප කිරීම හේතුවෙන් සත්වෝද්‍යානයේ පැටවුන් රැක බලා ගැනීමේ මධ්‍යස්‌ථානයේ කිරි පොවා ඇති දැඩි කළ සත්වයෙකි. එදා සෑම දෙනා "ටෝනි කොහොමද? යෑයි ආමන්ත්‍රණය කර හිස අත ගා ගිය හැටි මිනිසුන්ට අමතක වුවද සත්වයාගේ මතකයේ තවමත් රැඳී ඇති බව නොඅනුමානය.

ඒත් අද තත්ත්වය ඊට වඩා හාත්පසින්ම වෙනස්‌ වී ඇත. උදේට හවසට කෑම ලබා දෙන වෙලාවට පමණක්‌ අද ටෝනිට කතා කරනු ලැබුවත් ආදරය කිරීමට කිසිවකු නොමැත. කුඩා කූඩුවක සිර කර තැබීමට බලධාරීන් පියවර ගෙන ඇති අතර තම වර්ගයා සමග වාසය කිරීමට මෙම සත්වයාට වාසනාව නැත. ඒ නිසාම මෙම සත්වයා සෑම විටෙකම දැඩි අසහනයකින් සිටින බව එහි ගිය අපි කිහිප විටක දැක ඇත්තෙමු.

මෙම සත්වයා පමණක්‌ නොව වසර කිහිපයක්‌ම ක්‍රීඩා සංදර්ශන පවත්වමින් නරඹන්නන් සතුටු කළ සංජු නැමති චිම්පන්සියාටද මෙම ඉරණමට මුහුණ පාන්නට සිදුව තිබේ.

සතුනට ආහාර ලබා නොදෙන ලෙස දැන්වීම් පුවරු සවිකර තිබුණද එය බැලීමට කෙනකු නොමැත. නරඹන්නන් ලබාදීම නවත්වන්නේ ද නැත. නරඹන්නකුට මෙවන් අනතුරක්‌ සිදු වුවහොත් එහි වගකීම භාරගන්නේ කවුරුන්ද? එබැවින් මේ සඳහා විධිමත් වැඩපිළිවෙළක්‌ ක්‍රියාත්මක කිරීම දැන්වත් සිදු කිරීම නුවණට හුරුය.

IFTTT

Put the internet to work for you.

via Personal Recipe 6136013

මර්වින් වැනි ජෝකරයකුට ජනාධිපතිව සමාන කිරීම සරත් ෆොන්සේකාට නොවටිනා ජාතිද්‍රෝහී ක්‍රියාවක්

මර්වින් සිල්වා අමාත්‍යවරයා යනු ජෝකර් කෙනෙක්. එවන් පුද්ගලයකුගේ මයිලක් තරම්වත් ජනාධිපතිවරයා නොවටිනා බව හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා මහතා කළ ප්‍රකාශය ජාතිද්‍රෝහී ප්‍රකාශයක් බව පවසන හිටපු දකුණු පළාත් සභා මන්ත්‍රි අජිත් ප්‍රසන්න මහතා සරත් ෆොන්සේකා මහතාගේ ප්‍රකාශය දැඩි ලෙස හෙළා දකී.
පුවත්පත් කාටුන්වල කඩුවක් රැගෙන දකින්නට ලැබෙන මර්වින් සිල්වා අමාත්‍යවරයා අෑදා ෆොන්සේකා මහතාගේ මෙම ප්‍රකාශය ඔහු කළ ඉතා බරපතළ වරදක් බව අජිත් ප්‍රසන්න මහතා ප්‍රකාශ කළේ පසුගියදා කොළඹ නිපොන් හෝටලයේදී පැවැති මාධ්‍ය හමුවකදීය.

ප්‍රභාකරන් 'අපේ පවුල්වලින්' පළිගත්තේ නැහැයි ෆොන්සේකා මහතා ප්‍රකාශ කළද ප්‍රභාකරන් යනු රටේ දෙමළ, මුස්ලිම්, සිංහල සෑම ජනතාවකගේම පවුල්වලින් පළිගත් අයකු බව කී හෙතෙම වැඩිදුරටත් මෙසේද කීය. පසුගිය කාලෙ ශ්‍රී ලංකාවේ යුද්ධය සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්‍ෂණයක් අවශ්‍ය බව බි්‍රතාන්‍ය අගමැති, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් නවනීදන් පිල්ලේ පවසා තිබීම රටට හානිකරයි. ඒ නිසයි ඉතා ලැජ්ජා විය යුතු රාජ්‍යයක් වන ස්වාසිලන්තයට පවා ජනාධිපතිවරයා ගියේ ඒ ජිනීවා මානව හිමිකම් කොමිසම විසින් ශ්‍රී ලංකාවට එරෙහි චෝදනා ගෙනාවොත් අපේ රටට අනෙක් රටවලින් සහාය ගන්න.


එහෙම මොහොතකයි හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා මහත්තයා මර්වින් සිල්වාගෙ මයිලක් තරම් ජනපති නොවටින බවට බරපතළ ප්‍රකාශයක් කරන්නෙ. ඔහු එදා හිටපු දේශප්‍රේමී ෆොන්සේකා නෙවේ. ඔහු දෙමළ ඩයස්පෝරාවට සහාය දෙනවා. මෙය සරල නැහැ. ජනාධිපතිතුමා දැන් සංවර්ධනය වෙනුවෙන් හැමදේම කරනවා. මේ පාවාදීම අපි හෙළා දකිනවා.'

IFTTT

Put the internet to work for you.

via Personal Recipe 6136013

ලාදුරු රෝගය යළි හිස ඔසවයි

ආසියානු රටවල් සියල්ල අබිබවා යමින් මෙරට ලාදුරු රෝගය බෝවීමේ ප්‍රතිශතය සියයට හත දක්වා වර්ධනය වී තිබේ. ජාතික ලාදුරු මර්දන ඒකකයේ නවතම නිල වාර්තාව අනුව එම තොරතුරු තහවුරු වන්නේ යැයි පවසන බළපිටිය මූලික රෝහලේ චර්මරෝග විශේෂඥ අජිත් ප්‍රසන්න කන්නන්ගර මහතා ඒ අනුව ලාදුරු රොගය බෝවීමේ ප්‍රවණතාවයේ ආසියාතික වාර්තාව මේ වනවිට ශ්‍රී ලංකාවට හිමිව ඇතැයි පවසයි.

මෙහි වඩාත්ම බියකරු හා භයානක අන්තරාදායක තත්ත්වය වී ඇත්තේ පසුගිය වර්ෂයේ (2013) සොයාගත් අලුත් රෝගීන්ගෙන් 75-90ක්ව බෝවන ලාදුරු රෝගීන් වීම යැයිද එයටත් වඩා අනතුරුදායක වී ඇත්තේ ලාදුරු රෝගයට භාජන වී සිටින ළමයින් 86 දෙනාගෙන් 80-90 ක්ම බෝවන ලාදුරු රෝගීන් වීම යැයි ඒ මහතා පැවැසීය.අලුත්ම දත්ත අනුව 2012 වසරේ ලංකාවේ සිටි අලුත් රෝගීන් ගණන 2211ක් වී කුඩා ළමයින් ගණන 163ක් වී ඇති අතර මෙය 2013 වනවිට නව රෝගීන්ගේ ගණන 2032 ක් වන විට ළමයින්ගේ ගණන 177ක් වී ඇත.

2012 වසරේ සොයාගත් රෝගීන්ගෙන් 50%කට වැඩි සංඛ්‍යාවක් බෝ නොවන රෝගීන් වූ අතර 2013 දී වාර්තා වූවන්ගෙන් 75%ක්ම බෝවන රෝගයට ගොදුරුවීම යැයි ඒ මහතා කීය. මේ තත්ත්වයට හේතුව මේ රෝගය පිළිබඳ අපේ සෞඛ්‍ය අංශ 2009 සිට නොසලකා හැරීම යැයිද ඒ මහතා පෙන්නා දුන්නේය.

මේ අතර කුඩා ළමයින්ගේ රෝග බෝ වීමට හේතුව මන්ද පෝෂණය බවත් අනෙක රටේ පවත්නා දිලිඳුතාව හා දරිද්‍රතාව බවද ඒ මහතා පැවැසීය.

ලංකාවේ ලාදුරු රෝගීන්ගේ වැඩිම ගණන කොළඹ, ගම්පහ හා හම්බන්තොටින් වාර්තා වී ඇතැයිද ඒ මහතා කීය.

විශේෂඥ වෛද්‍ය කන්නන්ගර මහතා මේ කරුණු අනාවරණය කළේ ලාදුරු රෝග ජාතික දිනය නිමිත්තෙන් ගාල්ල දිස්ත්‍රිත් සෞඛ්‍ය කාර්යාලය විසින් උණවටුන සෞඛ්‍ය කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.



----------------------------------------------------------------------------------------------------------------


IFTTT

Put the internet to work for you.

via Personal Recipe 6136013

අනුරාධපුර පූජා පුරවරේ යළිත් පුරඟනෝ

මාස කිහිපයක සිට අනුරාධපුර පැරණි පූජා නගරයේ වෛශ්‍ය වෘත්තීය ව්‍යාප්ත වෙමින් පවතින බව අනුරාධපුර පැරණි නගරයේ ව්‍යාපාරික ජනතාව පෙන්වා දෙති. අනුරාධපුර මූලස්ථාන ‍පොලීසියේ විවිධ අංශ දීර්ඝ වශයෙන් ගණිකා වෘත්තියේ යෙදෙන්නන් අත්අඩංගුවට ගත් අතර මේ වන විට නව ක්‍රමයක් උපයෝගී කර ගනිමින් කාන්තාවන් මෙම වෘත්තියේ යෙදෙන බව ව්‍යාපාරිකයන් පෙන්වා දුන්හ. අනුරාධපුර පැරණි පූජා නගරය තුළ මෙම වෘත්තිය යළි හිස එසවීම හේතුවෙන් බොහෝ පිරිසක් දැඩි අපහසුතාවට පත්ව සිටින බවද ඔවුහු පෙන්වා දුන්හ. 

අනුරාධපුර මාර්කට් පෙදෙසේ සතොස වෙළෙඳසල ඉදිරිපිට පිහිටි ‍පොදු වෙළෙඳ සංකීර්ණයේ ඉදිරිපිටට සවස 05.00 පමණ වන විට පැමිණෙන මෙම කාන්තාවන් ගැනුම්කරුවන් පැමිණෙන තුරු බලා සිටින බවත් මෙම කාන්තාවන්ට ගනුදෙනුකරුවන් සොයා දීම සඳහා වෙනම ත්‍රිරෝද රථ කණ්ඩායමක් ක්‍රියාත්මක වන බවද ව්‍යාපාරිකයන් අප සමග පැවසූහ. 

වෛශ්‍ය වෘත්තියේ නිරත වන මෙම කාන්තාවන් සමග ත්‍රිරෝද රථ රියැදුරන් ඉතා කිට්ටු ඇසුරක් පවත්වනා බවත් එම කාන්තාවන්ට ගැනුම්කරුවන් සපයා දෙන්නේ එම ත්‍රිරෝද රථකරුවන් බවත් ව්‍යාපාරිකයෝ පවසති.
ත්‍රිරෝද රථ රියැදුරන්ගේ ප්‍රධාන ඉලක්කය බවට පත්ව ඇත්තේ නිවාඩු ලබා අනුරාධපුරය හරහා නිවෙස් කරා යන ආරක්ෂක අංශ සාමාජිකයන් බවත් ඔවුන්ව ගණිකා ඇසුරට ‍පොළඹවා ඔවුන් සතු මුදල් වලින් විශාල ප්‍රමාණයක් ත්‍රිරෝද රථකරුවන් ලබා ගන්නා බවද ව්‍යාපාරිකයන් පැවසූහ.

මේ සම්බන්ධව තතු දත් ව්‍යාපාරිකයෙකු අප සමග පැවසුවේ මෙම කාන්තාවක් සමග ඇසුරු පැවැත්වීම සඳහා ආරක්ෂක අංශ සාමාජිකයන්ගෙන් රුපියල් 5000ක වැනි මුදලක් ලබා ගන්නා බවත් ඉන් එම කාන්තාවට රුපියල් 1500ක් පමණ මුදලක් ලබා දෙන බවත් ඔවුන් නවාතැන් ගන්නා ස්ථානයට රුපියල් 500ක් ලබා දෙන බවත් ඉන් ඉතිරි වැඩිම කොටස ලබා ගන්නේ ත්‍රිරෝද රථකරුවන් බවත්ය.

මේ සම්බන්ධයෙන් ‍පොලිස් නිලධාරීන්ද දැනුවත් කළත් ඔවුන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් ඵලක් නොවන බව පැවසූ බවද ව්‍යාපාරිකයන් කිහිප දෙනෙකු අප සමග කියා සිටියහ. 

මීට දශක 02කට පමණ ඉහතදී අනුරාධපුර නගරය දැඩි ලෙසම ප්‍රසිද්ධියට පත්ව තිබුණේ ගණිකා වෘත්තිය පැවැත්වෙන නගරයක් ලෙසය. එය ක්‍රම ක්‍රමයෙන් මර්දනය කිරීමට උතුරු මැද පළාත භාරව සිටි ‍පොලිස් නිලධාරීන් කටුයතු කළ අතර මේ වන විට එය යළි හිස ඔසවමින් පවතී. අනුරාධපුර ජූජනීය නගරයේ පූජනීය භාවයද කෙලෙසන මෙම ගණිකා වෘත්තියට තිත තැබිම සඳහා අවැසි කටයුතු කරන ලෙස අනුරාධපුර නගරවාසීන් උසස් ‍පොලිස් නිලධාරීන්ගෙන්ද දැඩි ඉල්ලීමක් කරති.

IFTTT

Put the internet to work for you.

via Personal Recipe 6136013

බංග්ලාදේශය පරදා ශ‍්‍රී ලංකාවට යෝධ ජයක් - Sri Lanka defeat Bangladesh in first Test

සංචාරක ශ‍්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර එරටදී පැවැති පළමු ටෙස්ට් ක‍්‍රිකට් තරඟය ඉනිමකින් සහ ලකුණු 248 කින් ජයග‍්‍රහණය කිරීම ශ‍්‍රී ලංකා කණ්ඩාමහ සමත් විය.තරඟයේ මුලින් පන්දුවට පහර දුන් බංග්ලාදේශය සිය මුල් ඉනිමට සියල්ලන් දැවී ලකුණු 232ට පිළිතුරු ලෙස ශ‍්‍රී ලංකාව සිය මුල් ඉණිමට කඩුළු 06ක් පමණක් දැවී ලකුණු ලබා තිබියදී සිය ඉණිම අත්හිටුවීය.

දෙවැනි ඉනිම ක‍්‍රීඩා කල බංගලාදේශයට ලබා ගැනීමට හැකි වූයේ 250ක් පමණි.

Sri Lanka defeated Bangladesh by an innings and 248 runs with a day to spare in the first Test in Dhaka on Thursday to take the lead in the two-match series.Bangladesh, trailing by a huge 498-run margin on first innings, were bowled out for 250 in their second knock after lunch on the fourth day at the Sher-e-Bangla stadium.

The second Test starts in the port city of Chittagong on February 4.
Brief scores: Bangladesh 232 and 250; Sri Lanka 730-6 declared.

සම්පූර්ණ ලකුණු පුවරුව











IFTTT

Put the internet to work for you.

via Personal Recipe 6136013

ගයේෂා, ජින්ජර්, රුවන්ති ඡන්ද සටනින් ඉවතට.....

එළැඹෙන බස්නාහිර පළාත් සභා මැතිවරණය සඳහා එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරඟ වැදීමට අයදුම් කර ඇති ගයේෂ පෙරේරා, ටෙලි නාට්‍යය නිලි රුවන්ති මංගලා, ගායිකාවක වන ජින්ජර් හට නාම යෝජනා නොදීමට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නාම යෝජනා මණ්ඩලය විසින් තීරණය කර ඇති බව වාර්තාවේ.

ජනතාවගෙන් නැගුනු විරෝධය හා අපරසාදය එයට හේතුවී තිබේ.විශාල පිරිසක් සම්මුඛ පරීක්ෂණයට සහභාගී වුවද ඒ අතුරින් ඉතා සීමිත පිරිසකට පමණක් ඉඩකඩ ලබාදීමටත් ඒ අතුරින් නවක මුහුණු අඩු කිරීමටත් නාම යෝජනා මණ්ඩල තීරනයකොට තිබේ.

ඒ අනුව සම්මුඛ පරීක්ෂණය සඳහා පෑයූ තරු අතුරින් ඉත්රිව ඇත්තේ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර පමණි. ඇය නාම යෝජනා මණ්ඩලයට පැමිණීමට පෙර පටන්ට ඇයට නාම යෝජනා ලබාදෙන බවට පක්ෂය මගින් තීරණයකොට තිබුණි.ඒ අනුව ඇයගෙන් සම්මුඛ පරීක්ෂණයේදී වැඩිපුර ප්‍රශ්න විමසා තිබුනේද නැත. අවසානයේ හිරුනිකාගේ ජන්ද කැඩීම සඳහා දුමින්ද සිල්වා විසින් ඉදිරිපත් කල රුවන්තිගේ හා ජින්ජර්ගේ සැලැස්ම ව්‍යාර්ථ වී ඇත.

Two actresses and one songstress who applied for nominations to contest in the Colombo District from the Sri Lanka Freedom Party (SLFP) under the United People's Freedom Alliance (UPFA) would not be receiving nominations, according to the SLFP Headquarters sources.

The two actresses, Ruwanthi Mangala and Gayesha Perera and songstress Anne White alias Ginger had gone for interviews for nominations that were held at the SLFP Headquarters recently.

Party sources however said that they would not be asked to contest on their behalf. Giving reasons for this they had cited the overwhelming numbers that had sent in their names to be nominated as well as the objections of party seniors to their inclusion as the reasons for their non-inclusion. Additionally it was pointed out that in the electorate that two of them were asking for nominations there were two former Provincial Council Ministers also contesting and as such it would be almost impossible to give them nominations due to logistical considerations, they said.

IFTTT

Put the internet to work for you.

via Personal Recipe 6136013

දිවා කාලයේ ලයිට් දමාගෙන යාමෙන් යතුරු පැදි අනතුරුවල ශීඝ්‍ර අඩුවීමක්

ශීඝ්‍රයෙන් ඉහළ යන රිය අනතුරු අවම කර ගැනීමේ අරමුණින් දිවා කාලයේදීද මහමග ගමන් ගන්නා යතුරු පැදිවල ප්‍රධාන විදුලි ලාම්පුව ක්‍රියාත්මක කරගෙන යන ලෙස පොලිස් රථවාහන අංශය කළ ඉල්ලීමට අනුව ප්‍රධාන විදුලි ලාම්පුව දල්වාගෙන යෑමෙන් යතුරු පැදිවලින් සිදුවන අනතුරුවල ශීඝ්‍ර පහළ යෑමක් සිදුවී ඇතැයි පොලිස් රථවාහන මූලස්ථානය පවසයි.

මූලික පෙරහුරුවක් ලෙස බස්නාහිර පළාත තුළ මෙය සිදු කරන ලෙස යතුරු පැදිකරුවන්ගෙන් කළ ඉල්ලීමට ඉහළ ප්‍රතිචාර ලැබී ඇති බවත් වාහන රියැදුරන්ද යතුරු පැදිකරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ක්ෂණික අවධානය මෙයට යොමුවී ඇති බව පොලිස් රථවාහන අංශයේ නිලධරයකු පැවසීය. මෙය ඉදිරියේදී අනෙක් පළාත්වලද ක්‍රියාත්මක කර එහි ප්‍රගතිය පිළිබඳ සොයා බලන බවද එම නිලධරයා පැවසීය.

මෙම ක්‍රමය ඉතා සාර්ථක ක්‍රමවේදයක් බවත් යතුරු පැදි ධාවනයේදී ධාවකයාට අනිවාර්ය වූ ආරක්ෂක හිස්වැසුමෙන්ම ප්‍රධාන විදුලි ලාම්පුව දල්වාගෙන යාමද ඉදිරියේදී නීතිගත කිරීමට ද මෙමගින් හොඳ පිටුබලයක් ලැබෙන බවද එම නිලධරයා පැවසීය

IFTTT

Put the internet to work for you.

via Personal Recipe 6136013

පොලිස් පරීක්ෂකවරිය එක් දරු පියා පැහැරගෙන ගොස් ලිංගික අතවර කරලා

කැලණිය ‍පොලිස් කොට්ඨාසයේ කාන්තා ‍පොලිස් පරීක්ෂකවරියක් බිරිඳ සමග නිදියහනේ සිටි එක්දරු පියකු පැහැරගෙන ගොස් ලිංගික අතවරයක් කළ බවට බස්නාහිර උතුර පළාත් භාර නියෝජ්‍ය ‍පොලිස්පතිවරයාට ලද පැමිණිල්ලක් සම්බන්ධව පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබේ.පොලිස් පරීක්ෂකවරිය තම සැමියාට මරණීය තර්ජනය කර පැහැරගෙන ගිය බවට බිරිය පෙරේදා (28) රාත්‍රී පෑලියගොඩ ‍පොලීසියට පැමිණිලි කර ඇත.

‍පොලිස් පරීක්ෂකවරිය ත්‍රිරෝද රථයකින් පෙරේදා (28) පෙරවරුවේ එක්දරු පියාගේ නිවසට ගොස් තිබේ. එම නිවසේ කාමරයක් තුළ එක්දරු පියා, බිරිය හා දරුවා සමග ඇඳ මත සිට ඇත. ‍පොලිස් පරීක්ෂකවරිය එම කාමරයට ගොස් තමන් සමග එන ලෙස එක්දරු පියාට පවසා තිබේ. එහිදී බහින්බස් වීමක්ද සිදුවී ඇති අතර පසුව ඔහුගේ මෝටර් රථයෙන්ම එක්දරු පියාත් ‍පොලිස් පරීක්ෂකවරියත් වත්තල මුහුදු වෙරළට පැමිණ ඇත.

සැමියා නිවසට පැමිණීමෙන් පසු බිරිය ‍පොලිස් පරීක්ෂකවරිය කළ මරණීය තර්ජනය සම්බන්ධයෙන් පෑලියගොඩ ‍පොලීසියට පැමිණිලි කර තිබේ.පොලිස් පරීක්ෂකවරිය ‍පොලිස් අධිකාරිවරයකුගේ ‍ලේකම්වරියක ලෙස සේවය කරන අතර ඇය ලංකාවේ ප්‍රධාන පෙළේ ක්‍රීඩා ඉසව්වක විනිසුරුවරියක ලෙස කටයුතු කරයි.

IFTTT

Put the internet to work for you.

via Personal Recipe 6136013

හොර පාරෙන් ඔස්ට්‍රේලියාවට එන ශ්‍රී ලාංකික පිරිස අඩුවෙලා

නීති විරෝධී ලෙස ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වන ශ්‍රී ලාංකික සංක්‍රමණිකයන්ගේ සංඛ්‍යාව විශාල වශයෙන් පහත වැටී තිබෙන බව ඔස්ට්‍රේලියාව පවසයි.එය ශ්‍රී ලංකා - ඔස්ට්‍රේලියා රජයන් ඒකාබද්ධව සිදුකළ ක්‍රියාදාමයක ප්‍රතිඵලයක් බව ශ්‍රී ලංකාවේ ඔස්ට්‍රේලියානු මහකොමසාරිස් කාර්යාලය ප්‍රකාශ කරයි.

ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වන පිරිස් සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පත්කළ විශේෂ කමිටුව සිදුකළ සමීක්ෂණයකින්මේ තොරතුරු අනාවරණය වී තිබෙන බවද එම මහකොමසාරිස් කාර්යාලය සඳහන් කරයි.එම සමීක්ෂණයට අනුව පසුගිය දින 36ක කාලය තුළ කිසිඳු ශ්‍රී ලාංකික සංක්‍රමණිකයෙකු ඔස්ට්‍රේලියාවට පැමිණ නොමැති බවට තොරතුරු අනාවරණය වී ඇති අතර 2009 වර්ෂයේ මාර්තු මාසයෙන් පසු නීත්‍යානුකූල නොවන ලෙස සංක්‍රමණිකයින් අවම පිරිසක් සංක්‍රමණය වු කාලය මෙය බවද ශ්‍රී ලංකාවේ ඔස්ට්‍රේලියානු මහකොමසාරිස් කාර්යාලය පවසයි.

අදාළ කමිටුව පත්කළ පළමු දින සියය ඇතුළත නීති විරෝධී ලෙස සංක්‍රමණය වූවන්ගේ ප්‍රතිශතය සියයට 80 කින් පමණ පහළ බැස ඇති බවද වාර්තාවෙයි. කෙසේ වුවද ඔස්ට්‍රේලියාවට නීති විරෝධීව පැමිණීමේදී අත්අඩංගුවට ගන්නා පිරිස් නාවුරු සහ මානුස් දූපත්වලට පිටත්කර හැරීම තවදුරටත් ක්‍රියාත්මක වන බවද මහකොමසාරිස් කාර්යාලය සඳහන් කරයි. ඊට අමතරව පුද්ගල ජාවාරම්කරුවන්ට එරෙහිව ඉදිරියටත් දැඩි පියවර ගැනීමට ඔස්ට්‍රේලියානු රජය කටයුතු කරනු ඇති බවද එම කාර්යාලය පවසයි.

IFTTT

Put the internet to work for you.

via Personal Recipe 6136013

කැකිරාවේ පාසල් බස්‌ අනතුරෙන් සිසුහු 18ක්‌ රෝහලේ තිදෙනකුට බරපතළයි

කැකිරාව තෙලිඹියාගම හන්දියේදී පාසල් සිසුන් ප්‍රවාහනය කළ බස්‌ රථයක්‌ මාර්ගයෙන් ඉවතට පැන මාර ගසක හා විදුලි කණුවක ආධාරකයක ගැටී සිදුවූ රිය අනතුරකින් පාසල් ළමුන් 18 දෙනකු තුවාල ලබා කැකිරාව රජයේ රෝහලට ඊයේ (27 දා) උදැසන ඇතුළත් කෙරිණි.

මෙම අනතුරෙන් තුවාල ලැබූ සිසුන් තිදෙනකු වැඩිදුර ප්‍රතිකාර සඳහා කැකිරාව රෝහලේ සිට අනුරාධපුර ශික්‌ෂණ රෝහල වෙත ගිලන් රථ මගින් ගෙන ආහ. බස්‌රථය ඉපලෝගම "රණජයපුර" යුද හමුදා නිවාස සංකීර්ණයේ සිට කැකිරාව මධ්‍ය මහා විද්‍යාලයට සිසුන් ප්‍රවාහනය කරද්දී මෙම අනතුර සිදුවී ඇත.

උදැසන 6.30 ට පමණ රණජයපුරින් පිටත් වී කැකිරාව නගරයට එප්පාවල කැකිරාව මාර්ගයෙන් ගමන් කරද්දී හදිසියේ ඇති වූ කාර්මික දොaෂයකින් අනතුර සිදුවී ඇති බවට පොලිසිය සැක පහළ කරයි. තෙලිබියාගම හංදියේදී බස්‌රථය පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන මාර ගසේ සහ විදුලි කණු ආධාරකයේ ගැටී බරපතළ අලාභහානි සිදුවී තිබිණි.අනතුර සිදුවන අවස්‌ථාවේ බස්‌රථයේ දරුවන් තිස්‌දෙනකු පමණ ගමන් කර ඇත. අනතුරෙන් සිසුවියන් 9 දෙනකු හා සිසුන් 9 දෙනකු තුවාල ලැබූ අතර බරපතළ තත්ත්වයේ පසුවූ සිසුන් තිදෙනකු අනුරාධපුර රෝහලට ඇතුළත් කර ඇත.


අනුරාධපුර මහ රෝහලේ හයවැනි වාට්‌ටුවට ඇතුළත් කළ සිසුන් තිදෙනාගෙන් මුඩුහෙරුනගම කැකිරාව පදිංචි අවිශ්ක ෂෙහාන් කරුණාරත්න (13) සිසුවාගේ හිසට බරපතළ තුවාල සිදුවී තිබේ.

පාදයේ හා අස්‌ථි බිදී තිබූ අකිල ප්‍රභාත් දිසානායක (11) යන සිසුවාද ශල්‍යකර්මයකට භාජනය කරන ලදී. මොවුහු කැකිරාව මධ්‍ය මහා විද්‍යාලයේ ඉගෙනුම ලබයි.

කැකිරාව රෝහලේ ප්‍රතිකාර ලබන සිසුන් කීපදෙනකුගේ දත් කැඩී තුවාල සිදුව තිබෙන බවත් ඔවුන්ට ප්‍රතිකාර ලබාදීම සිදු කරන බවත් එම රෝහලේ ස්‌ථාන භාර නිලධාරි වෛද්‍ය ජයන්ත විමල් විඡේසූරිය මහතා සඳහන් කළේය.

මෙම අනතුර සම්බන්ධයෙන් පරීක්‍ෂණ සිදු කරන කැකිරාව මූලස්‌ථාන පොලිසියේ රථවාහන අංශය පැවසුයේ අනතුරට හේතුව කාර්මික දොaෂයක්‌ ද එසේත් නැතිනම් අධික වේගය නිසාද යන්න අනාවරණය කරගැනීම සඳහා පරීක්‍ෂණ සිදු කරන බවයි. බස්‌රථය පැදවූ රියෑදුරා රථවාහන අංශය මගින් අත්අඩංගුවට ගෙන තිබිණි.

IFTTT

Put the internet to work for you.

via Personal Recipe 6136013

විශ්ව සංගීතයේ මහා ඇගයුම ,56 වන Grammy සම්මාන උළෙල

http://email.ifttt.com/wf/click?upn=jGHDfwvrKDxaofcg5GVullWqJxUhhnIuGWo8LYzbHWk-3D_WtAhS0oxGZ8U7ti21O7JFqHWKTkBP6xz8RhZJ6u6groox7722j0ppk6RXWsEfeyIjIJ4l8gn-2F1A3ZThxALasYlMNJzsg8djQy1POP2W91xuwGNNBCk-2FKjg6KIWhE5VSQbgaMVC4oSoKGTDvEoaQ4iAyXjVPe5G3eddTplQD8ghmMqMmfRS-2FuqvcsnhOVAQIsuWTttO7ysJ8mKwtGpsqMpC2Lz6rGhiOARJ1FpNo3BKAJch2EaTUvm9EDEMLj2LUzS5ZE6N-2BbXRvHdClShJ-2BWu4XpA-2FL4RrRTiPGrLmcJy0nPd29WE0s08Xvyshg3yDMQ
විශ්ව සංගීතයේ මහා ඇගයුම , Grammy සම්මාන උළෙල පසුගිය දා උත්කර්ශවත් ලෙසින් පැවැත්වුනා. 56 වන වතාවටයි මෙවර එය පැවැත් වුණේ. මෙවර සම්මාන උළෙලේ සම්මාන 5ක් හිමිකරගත් Daft Punk හැමෝගෙම අවධානයට ලක් වුනා. Grammy සම්මාන උළෙලේ වටිනාම සම්මාන 2 වන Album of the Year සහ Record of the Year සම්මාන 2ම Daft Punk ට හිමිවීම කැපී පෙනුනා. අනිත් Grammy සම්මාන බෙදිලා ගියේ මේ විදිහටයි.

Song of the Year:
Lorde ගේ "Royals" ගීතය

Best Country Album:
Kacey Musgraves ගේ Same Trailer Different Park ඇල්බමය

Best Pop Vocal Album:
Bruno Mars ගේ Unorthodox Jukebox ඇල්බමය


Best Rap/Sung Collaboration:
Justin Timberlake ගේ "Holy Grail"

Best Pop Solo Performance:
Lorde ගේ "Royals"

Best Rock Song:
Dave Grohl, Paul McCartney, Krist Novoselic සහ Pat Smear ගේ "Cut Me Some Slack"

Best Pop Duo/Group Performance:
Daft Punk Featuring Pharrell Williams සහ Nile Rodgers ගේ "Get Lucky"

Best New Artist:
Macklemore සහ Ryan Lewis

Best Rock Album:
Led Zeppelin ගේ Celebration Day ඇල්බමය

Best Music Film:
Paul McCartney ගේ Live Kisses චිත්‍රපටය

Best Music Video:
Justin Timberlake Featuring Jay Z ගේ "Suit and Tie" වීඩියෝව

Best Blues Album:
Ben Harper සහ Charlie Musselwhite ගේ Get Up! ඇල්බමය

Best R&B Album:
Alicia Keys ගේ Girl on Fire ඇල්බමය

Best Urban Contemporary Album:
Rihanna ගේ Unapologetic ඇල්බමය

Best R&B Song:
Justin Timberlake ගේ "Pusher Love Girl" ගීතය


http://ift.tt/1f5uebX

IFTTT

Put the internet to work for you.

via Personal Recipe 6136013

කිරිපිටි මිල රු. 200කින් වැඩි කරනවා සමාගම් රජයට කියයි

ලෝක වෙළඳපොළේ ආනයනික කිරිපිටි මෙට්‍රික් ටොන් එකක මිල ඩොලර් පන්දහසක් වන බැවින් එම කිරිපිටි මිල අනිවාර්යයෙන්ම වැඩි කළ යුතු බව ආනයනික කිරිපිටි සමාගම් නියෝජිතයෝ පවසති.

අද මේ වනවිට මෙරට ආනයනික කිරිපිටිවල මිල තීරණය වී තිබෙන්නේ එම කිරිපිටි මෙට්‍රික් ටොන් එකක් ලෝක වෙළඳපොළේ ඩොලර් 3500 පැවතියදී තීරණය වූ මිල වෙයි. එහෙත් ලෝක වෙළඳපලේ කිරිපිටි මිල ඩොලර් එක්දහස් පන්සියයකින් වැඩිවී තිබියදී එම පරණ මිලටම කිරිපිටි ලබාදිය නොහැකි තත්ත්වයක් ඇතිවී තිබෙන බවද එම සමාගම් තවදුරටත් සඳහන් කරයි.

ආනයනික කිරිපිටි සමාගම් ඉල්ලා සිටින‍්නේ කිරිපිටි ග්‍රෑම් 400 පැකට්ටුව රුපියල් දෙසීයකින් වැඩි කරන ලෙසයි. මේ වනවිට ඔවුන් රජයෙන් හයවතාවක් එම ඉල්ලීම කර තිබේ. රජය වසර එකහමාරකින් කිරිපිටි මිල වැඩිකර නැතැයි පවසන කිරිපිටි සමාගම්, ලෝක වෙළෙඳපොළේ කිරිපිටි මිල වැඩිවී මාස 7ක් පමණ ගතවී ඇතැයි ද ඔවුන් මේතාක්කල් පාරිභෝගිකයාට කිරිපිටි ලබාදුන්නේ පරණ මිල ගණන් යටතේ පාඩු ලබමින් බවද පවසති.


මෙරටට කිරිපිටි ආනයනය කරන සමාගම් 6ක් පමණ ඇත. ලෝක වෙළඳපොළේ කිරිපිටි මිල වැඩිවනවිට මෙරට මිල වැඩි නොකළහොත් සමාගම්වලට විශාල පාඩුවක් සිදුවෙයි. මෙම සමාගම්වල සේවකයෝ විශාල පිරිසක් වැඩ කරති.

ඔවුන්ට වැටුප් ආදියද ගෙවා ලාභයක් නොව පාඩුවක් නොවී සමාගම් පවත්වාගෙන යා හැකි තත්ත්වයක තබාගැනීමට නම් කිරිපිටි මිල මෙම ඉල්ලන මුදල් ප්‍රමාණයෙන්ම වැඩි කළ යුතු වෙයි. මේ වනවිටත් කිරිපිටි සමාගම් ගණනාවක් වැසෙන තත්ත්වයට පත්ව තිබේ. ඊට හේතුව බිස්නස් අඩුවීමයි.

කිරිපිටි මිල වැඩි කිරීමට සිදුවීම සම්බන්ධව රජයට දොස් පැවරීම වැරදියි. ඊට හේතුව කිරිපිටි මිල වැඩි වෙන්නේ ලෝක වෙළෙඳපොළේ මිල වැඩිවීම අනුවයි. ලෝක වෙළෙඳපොළේ මිල අඩු වැඩි වීම කිසි සේත් රජයට හෝ සමාගම්වලට පාලනය කළහැකි දෙයක් නොවේ. මෙම සමාගම් පවත්වාගෙන යාමට නම් එම සමාගම් ඉල්ලා සිටින ප්‍රමාණයෙන්ම වැඩිකළ යුතු බවද එම සමාගම් හිමියෝ පවසති.

.

IFTTT

Put the internet to work for you.

via Personal Recipe 6136013