උසස් පෙළ ප්‍රතිඵල 27 හෝ 28 නිකුත් කරනවාලු

2014 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල ලබන 27 හෝ 28 නිකුත් කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.එම්.එන්.ජේ. පුෂ්පකුමාර මහතා පැවසුවේ පිළිතුරු පත්‍ර ඇගයීමේ කටයුතු අවසන් කීරීමෙන් අනතුරුව මේ වන විට ප්‍රතිඵල නිකුත් කිරීම සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කරමින් සිටින බවයි.


මේ අතර 2014 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීමේ කටයුතු ලබන 28වනදා ආරම්භ කරන බව විභාග කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කරයි.


පිළිතුරු පත්‍ර ඇගයීමේ කටයුතු ජනවාරි මස 05 දක්වා සිදු කෙරෙන බව ඩබ්ලිව්.එම්.එන්.ජේ. පුෂ්ප කුමාර මහතා කියයි.



Post a Comment