රට අර්බුදයට ලක් කිරීමට කිසිවෙකුටත් ඉඩ දෙන්නේ නෑ

ස්ථාවර ආණ්ඩුවක් පෙරළා දමා රට අර්බුදයට ලක් කිරීමට කිසිවෙකුටත් ඉඩ නොදෙන බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද (11) අනුරාධපුරයේදී පැවසීය.

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මංගල ප්‍රචාරක රැළිය අද අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගණයේදී පැවැත්විණ.


හිසරදයට කෝට්ටය මාරු කිරීමෙන් ඵලක් නැති බවත්, මැදපෙරදිග රටවල රාජ්‍යයන් කඩා වැටුණු සැටි දුටු බවත්, ජනපති එහිදී කියා සිටියේය.


මේ නිසා සියලු දේශපාලන පක්ෂ අප සමග අත්වැල් බැඳගෙන සිටින බවත්, ජාතිය ආරක්ෂා කරමින්, රටේ එකීය භාවය ආරක්ෂා කරමින් රට ඉදිරියට ගෙනයාමට තමුන්නාසේලාගෙන් තෙවැනි වතාවටත් වරමක් ඉල්ලා සිටින බවත්, ජනපති පැවසීය.


තමන් ඇතුළු රට බේරාගත් රණ විරුවන් ජාත්‍යන්තරය හමුවට ගෙනයාමට ඇතැම් පිරිස් උත්සාහ කරමින් සිටින බවද ජනාධිපතිවරයා එහිදී කියා සිටියේය.


එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු පැවසුවේ රටේ විනය හා සාරධර්ම ගොඩනැගීම වෙනුවෙන් කැපවන බවයි.


පානීය ජලයෙන් පීඩා විදින අනුරාධපුර දිස්ති‍්‍රක්කයේ ජනතාවට නළ මාර්ගයෙන් ජලය ලබාදීමට පියවර ගන්නා බවද, මොරගහකන්ද යෝජනා ක‍්‍රමයේ වතුරින් නියඟය පරාජය කිරීමට හැකිවෙතැයි ද ජනාධිපතිවරයා එහිදී විශ්වාසය පළ කළේය.



Post a Comment