2014 ඡන්ද හිමි නාමලේඛනයට අදාළව හිමිකම් ඉල්ලීම් 80,000ක් පමණ ලැබී ඇති බව මැතිවරණ මහලේකම් කාර්යාලය පවසයි.
ඔවුන් පෙන්වා දෙන්නේ ඡන්ද හිමි නාමලේඛනයට අදාළ විරෝධතා 137ක් ලැබී ඇති බවයි.
2014 ඡන්ද හිමි නාමලේඛනයේ ප්‍රතිශෝධන කටයුතු සඳහා හිමිකම් ඉල්ලීම් සහ විරෝධතා ගොණු කිරීමේ කාලය පසුගිය 30 වන දිනෙන් අවසන් වුණි.
ලැබී ඇති හිමිකම් ඉල්ලීම් සහ විරෝධතා සලකා බැලීම ඔක්තෝබර් මාසයේ දී සිදුකරන බව මැතිවරණ මහලේකම් කාර්යාලය සඳහන් කළේය.
අදාළ හිමිකම් ඉල්ලීම් සහ විරෝධතා සලකා බැලීමෙන් අනතුරුව ඔක්තෝබර් මස 31 වන දින 2014 වසරේ ඡන්ද හිමි නාමලේඛනය නිකුත් කිරීමට නියමිතය.

Post a Comment