බස් රථයක් පෙරළී 8ක් රෝහලේ

නානුඔය, හෝටන්තැන්න ප්‍රදේශයේ දි සිදුවු බස් රථ අනතුරකින් කාන්තාවන් 06 දෙනෙකු ඇතුළු පුද්ගලයින් 08 දෙනෙකු තුවාල ලබා තිබේ.

විනෝද චාරිකාවක් පැමිණි බස් රථයක් රියදුරුට පාලනය කරගැනිමට නොහැකි වි මාර්ගයෙන් ඉවතට පැන පෙරළීමෙන් මෙම අනතුර සිදුව ඇති බව වාර්තා වෙයි.


අනතුරෙන් තුවාල ලැබුවන් නුවරඑළිය රෝහලේ ප්‍රතිකාර ලබන බව පොලිසිය පැවසුවේය.


ඔවුන් කුලියාපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර නානුඔය පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.



Post a Comment