මහ වැසි ගම් දනව් යට කළ හැටි උඩුගුවනේ සිට! - (ඡායා රූප)

මේ වනවිට රටේ පවතින කාලගුණික හා දේශගුණික තත්ත්වය මත ප‍්‍රදේශ කිහිපයක ඡනතාව දැඩි අපහසුතාවයකට පත්ව ඇති අතර දහස් ගණන් ඡනතාව තම නිවාස අහිමි වීමෙන් මේ වන විටත් අනාත කඳවුරු වල නවාතැන් ගෙන ඇත.

අනාත කඳවුරු සඳහා යාමට නොහැකිව අතරමං වු පිරිස් බේරා ගැනීම සඳහා බෙල් 212 හෙලිකොප්ටරයක් යොදාගනිමින් ශී‍්‍ර ලංකා ගුවන් හමුදාව සෝදිසි කිරීමේ හා මුදවා ගැනීමේ මෙහෙයුමක් ගුවන් හමුදා මුලික කඳවුර හිගුරක්ගොඩ විසින් සිදු කරන ලදී.


අවසන් දින දෙක තුළ ඇති වු ගංවතුර තත්ත්වය හේතුවෙන් රටේ බොහෝ පැතිවල දහස් ගණනින් ජනතාව විපතට පත් වී ඇති බව මේවන විට වාර්තා වී ඇති අතර එම ඡනතාව වෙනුවෙන් ඉතා ඉක්මනින් අත්‍යාවශ්‍ය භාණ්ඩ ලබාදීම සඳහා එම්.අයි 17 හෙලිකොප්ටරයක් යොදාගනිමින් ගුවන් හමුදා මුලික කඳවුර අනුරාධපුර විසින් ආපදා කළමණාකරන මධ්‍යස්ථානය හා සම්බන්ධව මන්නාරම දිස්ත‍්‍රික්කය තුළ විශේෂ වැඩ පිළිවෙළක් කි‍්‍රයාත්මක කරන ලදී.


ශී‍්‍ර ලංකා ගුවන් හමුදා මුලික කඳවුර හිඟුරක්ගොඩ විසින් ගංවතුරෙන් විපතට පත් ඡනතාවට සහන සැලසීම සඳහා ගුවන් හමුදා සාමාඡික සාමාඡිකාවන් විශාල පිරිසක් දිස්ත‍්‍රික් ආපදා කළමණාකරන මධ්‍යස්ථානය සමග හා පොළොන්නරුව දිස්ත‍්‍රික්කයේ රජයේ අදාළ පිරිස් සමග එක්ව පානීය ජලය හා පිසින ලද ආහාර විපතට පත් ජනතාව සඳහා බෙදා හැරීම මේවන විටත් සිදු කරනු ලබයි.



Post a Comment