පීඩාවට පත් ජනතාවට කඩිනම් සහන සලසන්න

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පීඩාවට පත්ව සිටින ජනතාවට කඩිනම් සහන සැලසීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා උපදෙස් ලබාදී තිබේ.

දිවයිනේ දිස්ත්‍රීක්ක 17ට බලපා ඇති මෙම වැසි තත්ත්වය හේතුවෙන් දැනටමත් පුද්ගලයින් හයලක්ෂ පනස්දහසකට වැඩි සංඛ්‍යාවක් පීඩාවට පත්ව ඇත.


මේ අතර පවතින අධික වර්ෂාවත් සමඟ මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක ගමනාගමනයට බාධා එල්ල වී තිබේ.


කුරුණෑගල - මහනුවර ප්‍රධාන මාර්ගයේ ගමනාගමනය ගලගෙදර ප්‍රදේශයෙන් අවහිර වී ඇති අතර මහියංගනය 18 වංගුව මාර්ගයේ ගමනාගමනයට ද බාධා එල්ල වී ඇති බව මහනුවර දිස්ත්‍රික් ලේකම් ගාමිණි සෙනවිරත්න මහතා පැවසුවේය.


මේ අතර උඩරට දුම්රිය මාර්ගය ද ස්ථාන කිහිපයකින් ජලයෙන් යටවී ඇති බව මහනුවර දිස්ත්‍රික් ලේකම්වරයා සඳහන් කළේය.


දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක පවතින ගංවතුර තත්ත්වය හේතුවෙන් පවුල් 1000ට අධික පිරිසක් ආරක්ෂිත ස්ථාන කරා යොමුකර ඇති බව ගාමිණි සෙනවිරත්න මහතා පැවසුවේය.



Post a Comment