කැලණි ගඟ දෙපැත්තේ ජනතාවටත් අනතුරු අඟවයි

ජලාශ කිහිපයක් පීටාර ගැලීම ආරම්භ කර ඇති බැවින් කැලණි ගඟ ආශ්‍රිත පහත්බිම්වල වෙසෙන ජනතාව අවධානයෙන් පසුවන ලෙස ලංකා විදුලිබල මණ්ඩලය දැනුම්දෙයි.

පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් කාසල් රී ජලාශය වාන් දමමින් පවතින අතර මාවුස්සාකැලේ ජලාශය පිටාර මට්ටමට පැමිණ ඇති බව එම මණ්ඩලය කියයි.


මීට අමතරව නෝර්ටන්, කැනියන් හා ලක්ෂපාන යන ජලාශ ද වාන් දමමින් පවතින බව සඳහන්ය.


එම ජලාශයන් හි ජලය කැලණි ගඟට එක්වන බැවින් එම ගංඟාව ආශ්‍රිත පහත්බිම්වල වෙසෙන ජනතාව දැඩි විමසිල්ලෙන් පසුවිය යුතු බව ලංකා විදුලිබල මණ්ඩලය දැනුම්දෙයි.



Post a Comment