නාරම්මල - මාදම්පේ මාර්ගයේ බරිගොඩ ප්‍රදේශයේ දී සිදුවු යතුරුපැදි අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තිබේ.
යතුරුපැදි දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් අද අළුයම අනතුර සිදුව ඇති බව පොලිසිය පැවසුවේය.
අනතුරෙන් බරපතළ තුවාල ලැබු යතුරු පැදිකරුවන් දෙදෙනා කුලියාපිටිය රෝහලට ඇතුළත් කිරිමේ දී මියගොස් තිබේ.
මියගොස් ඇත්තේ 28 හැවිරිදි කුලියාපිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි පුද්ගලයෙකු සහ 31 හැවිරිදි නාරම්මල නක්කවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි පුද්ගලයෙකි.
අනතුරෙන් තුවාල ලැබු තවත් පුද්ගලයින් දෙදෙනෙකු කුලියාපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව එක් පුද්ගලයෙකු කොළඹ ජාතික රෝහලට මාරු කර යවා ඇත.

Post a Comment