ස්වභාවික විපත් ගැන මෛත‍්‍රී මෙසේ කියයි

රාජපක්ෂ පාලනය විසින් ගෙවී ගිය වසර 10 තුළ ජනතාවගේ භෞතික හා අධ්‍යාත්මික සංවර්ධනයට අවශ්‍ය වැඩපිළිවෙළක් සිදු කර නොමැති බව පොදු අපේක්ෂක මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසයි.

අද (26) උදෑසන කාක දූපතේදී පැවති සුනාමි අනුස්මරණ වැඩසටහනට එක් වෙමින් හෙතෙම මේ බව ප්‍රකාශ කර ඇත.


එහිදී මෛත්‍රිපාල සිරිසේන මහතා දැක්වූ අදහස්, පොදු අපේක්ෂක මාධ්‍ය ඒකකය විසින් නිකුත් කළ නිවේදනයක මෙසේද සඳහන්ය.


එම නිවේදනය වැඩිදුරටත් පහත පරිදිය.


රාජපක්ෂ පාලනය විසින් ගෙවී ගිය වසර 10 තුළ ජනතාවගේ භෞතික හා අධ්‍යාත්මික සංවර්ධනයට අවශ්‍ය වැඩපිළිවෙලක් සිදු කර නොමැති බව පොදු අපේක්ෂක මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් අද (26) උදෑසන කාක දූපතේදී පැවති සුනාමි අනුස්මරණ වැඩසටහනට එක් වෙමින් ප‍්‍රකාශ කළේය.


‘‘මීට වසර 10 කට පෙර ඇති වූ සුනාමි තත්ත්වය වෙනුවෙන් හැමදෙනාම කඳුළු හෙළුවා. 40,000 කට ආසන්න ප‍්‍රමාණයකට ජීවිත අහිමි වූණා. භෞතික හා අධ්‍යාත්මික වශයෙන් බිඳ වැටුණු ජිවිත ගොඩ නැගීම සඳහා ජාතික වැඩපිළිවෙළක් අවශ්‍යයි. අද ස්වභාවික විපත්වලට අවිධිමත් සංවර්ධනයෙන් බලපෑම් ඇති වෙලා.


රට තුළ භෞතික පාරිසරික තත්ත්වයන් සැලකිල්ලට ගනිමින් තාක්ෂණික විශේෂඥයින් යොදා ගෙන රජයක් ලෙස වගකීමක් ගතහැකි වැඩපිළිවෙලක් ක‍්‍රියාත්මක කළ යුතුයි. ජනවාරි 8 වනදායින් පසු මෛත‍්‍රී ප‍්‍රතිපත්තිය තුළින් ඒ සඳහා අවශ්‍ය කටයුතු කිරීමට බලාපොරොත්තු වෙනවා.’’


මෙම අවස්ථාව සඳහා සම්බන්ධ වූ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා මෙලෙස ප‍්‍රකාශ කළේය. ‘‘1983 ත් 2004 ත් අහිමි වූ ජිවිත සියල්ලටම සමාන ජිවිත ප‍්‍රමාණයක් සුනාමි දින අපට අහිමි වුණා. රටක් වශයෙන් පමණක් නොව ලෝකයක් වශයෙන් එක්ව කටයුතු කළා. එහෙත් තවමත් සුනාමි නිසා මානසිකව පීඩාවට පත්වුණ ජනතාවක් සිටිනවා. ඔවුන්ගේ ජීවිත නඟා සිටුවීමට කිසිම වැඩපිළිවෙළක් නැහැ. තායිලන්තය, මැලේසියාව වැනි රටවල් මෙයට ජාතික උත්සවයක් පැවැත්වීමට ප‍්‍රමුඛත්වය ලබා දෙන විට අප ඒ සඳහා අවධානයවත් යොමු කර නැහැ.’’


මෙම අවස්ථාව සඳහා සම්බන්ධ වූ ජාතික හෙළ උරුමයේ මහලේකම් පාඨලි චම්පික රණවක මහතා :


‘‘මීට වසර 10 කට පෙර ඇති වූ මෙම ව්‍යවසනය ඉන්දුනීසියාවේ දරුණු භූ කම්පනයක් නිසා ඇති වූ බව අපි දන්නවා. අදටත් ඒ ප‍්‍රදේශ වල එම භූ කම්පනය සිද්ද වෙනවා. එහි ප‍්‍රතිඵල අඩු වැඩි වශයෙන් අපිට ලැබෙනවා. ඉතිහාසයේ ඉදන් අප තුළ තිබුණු පරාර්ථකාමී හා පරෝපකාරය නිසා අපිට බටහිර රටවලට වඩා ඉක්මනට අපේ ගොඩ නඟාගැනීමට හැකි වුණා. නමුත් මේ අනතුරු ඇති වීමට පෙර අපට දැනගැනීමට අවස්ථාව තියනවා. ස්වභාවික ව්‍යවසන සංවර්ධනයේ අතුරුඵල ලෙස ලැබෙමින් පවතිනවා. විද්‍යාඥයින්ගේ පුරෝකථන වලට අනුව මේ සියවස අවසන් වන විට මේ කලාපයේ ජල මට්ටම ඉහල යාමේ අවධානමක් තියනවා. අධි සුඛෝපබෝගී වෙළඳ සංකීරණ වෙනුවට, ජලය කළමණාකරණය කරන, සංරක්ෂණය කරන හදිසි විපත් වලට මුහුණ දීමට හැකි විධිමත් ජාතික සැලැස්මක් පාරිසරික ප‍්‍රතිපත්තියක් මෛත‍්‍රීපාලනයක් තුළ සිදු කිරීමට කටයුතු කරනවා.’’


මෙම අවස්ථාව සඳහා සම්බන්ධ වූ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය මෙලෙස ප‍්‍රකාශ කළාය. ‘‘සුනාමි ව්‍යවසනය නිසා නිවාස 70,000 ක් විනාශ වුණා. මහා මාර්ග, විදුලිය, පාසල් ආදී හැමදේකටම බලපෑම් එල්ල වුණා, නමුත් මේ සියල්ල ජයග‍්‍රහණ කරන්න අපිට හැකි වුණා. ඊට ජාත්‍යන්තර සහයෝගයත් ලැබුණා. වත්මන් රාජපක්ෂ පාලනය විසින් ඇති කර තිබෙන දේශපාලන විනාශය නිසා නැවත ඒ ආකාරයට එක්ව කටයුතු කළ නොහැකි මට්ටමක තිබෙනවා. හම්බන්තොට ප‍්‍රදේශයේ සුනාමි ව්‍යවසනය නිසා ‘‘හෙල්පින් හම්බන්තොට නමින් කළ ව්‍යාපෘතියෙන් සමහර පුද්ගලයින් මුදල් ලබා ගත්තා. එය රටේ කවුරුත් දන්නා රහසක්.’’



Post a Comment