බිරිඳ මරා සැමියා වසබොයි

ඇඹිලිපිටිය, පනාමුර ප්‍රදේශයේ දි තියුණු ආයුධයකින් පහරදි සිය බිරිඳ ඝාතනය කළ සැමියෙකු වස පානය කර සියදිවි හානි කරගැනිමට උත්සහ දරා තිබේ.

අදාළ කාන්තාව ප්‍රතිකාර ගැනිම සඳහා මාසයකට පමණ පෙර සිය දියණියගේ නිවසට පැමිණ ඇති බව වාර්තා වෙයි.


කාන්තාවගේ ස්වාමි පුරුෂයා ඊයේ(24) දින දියණියගේ නිවසට ගොස් තමා සමඟ පැමිණෙන ලෙස බිරිඳට දන්වා ඇති අතර ඊට ඇය අකමැති වීම හේතුවෙන් මෙම ඝාතනය සිදුකර ඇති බව පොලිසිය පැවසුවේය.


පසුව එම ස්වාමි පුරුෂයා ද වස පානය කර ඇති අතර ඔහු මේ වන විට පොලිස් ආරක්ෂාව යටතේ ඇඹිලිපිටිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියි.


මියගොස් ඇත්තේ 58 හැවිරිදි අම්පාර, නාමල්තලාව ප්‍රදේශයේ පදිංචිව සිටි කාන්තාවකි.


පනාමුර, පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.



Post a Comment