ලක්ෂ 100ට අකුණ සන්නායකයක් විකිණීමට ගොස් අතේ මාට්ටු

වසර 200කට වඩා පැරණි අකුණු සන්නායකයක් අලෙවි කිරීමට තැත්කළ පුද්ගලයෙකු පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ, හැටන් කොළඹ ප‍්‍රධාන මාර්ගයේ ගිනිගත්හේන ප‍්‍රදේශයේදී මෝටර් රථයකින් මෙම අකුණු සන්නායකයක රැගෙන යමින් සිටියදීය.


සැකකරු මෙම අකුණු සන්නායකය නෝර්වුඞ් ප‍්‍රදේශයේ වතු බංගලාවකින් ගලවාගෙන ඇති බවට සැකකරයි.


රුපියල් ලක්ෂ 100ක මුදලකට එම අකුණු සන්නායකය අලෙවි කිරීමට සැකකරු උත්සහ දරා ඇත.


තේ වතු ආශ‍්‍රිතව ඇති පැරණි බංගලාවල සහ තේ කර්මාන්තශාලාවල අකුණු සන්නායක විශාල ප‍්‍රමාණයක් දැනටමත් විවිධ පුද්ගලයින් විසින් ගලවා අලෙවි කර ඇති බව අද දෙරණ වාර්තාකරු පැවසුවේය.



Post a Comment