ස්විස්ටර්ලන්තයේදී මීට වසර 13ට ඉහතදී කවිතා කන්දයියා නැමැති 23 හැවිරිදි සිය පෙම්වතිය ඝාතනය කළ බවට සැකපිට ශ්‍රී ලාංකිකයෙකු නවසීලන්තයේදී අත්අඩංගුවට පත්ව තිබේ.
42 හැවිරිදි අදාළ පුද්ගලයා ඔහුගේ හිටපු පෙම්වතිය බව කියන අදාළ තරුණිය ඝාතනය කර ඇත්තේ 2000 දෙසැම්බර් 13 වැනිදා ස්විස්ටර්ලන්තයේ, ස්විස් නගරයේදීය.
අනතුරුව 2001 වසරේදී හෙතෙම නවසීලන්තයට පලාවිත් ඇත්තේ ව්‍යාජ ලියකියවිලි ඉදිරිපත් කරමින් වන අතර 2004 දී ඔහුට නවසීලන්තයේ පුරවැසිභාවය ද හිමිව තිබේ.
මෙම ඝාතනයත් සමග අතුරුදන්වූ එම සැකකරු ගැන ස්විස්ටර්ලන්ත පොලීසිය විමසිල්ලෙන් පසුවිය.
ඒ අනූව හෙතෙම නවසීලන්තයේ, ඕක්ලන්ඩ් හි වෙසෙන බවට පොලීසියට තොරතුරක් ලැබී ඇති අතර ඒ අනූව 2011 වසරේ සිට පොලීසිය ඔහු ගැන විමසිල්ලෙන් පසුව ඇත.
සැකකරු ඕක්ලන්ඩ් හි කුඩා ව්‍යාපාරයක් පවත්වාගෙන යන්නෙකු වන අතර අද (26) ඕක්ලන්ඩ් දිස්ත්‍රීක් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Post a Comment