කොළඹ ප්‍රධාන පෙළේ පාසලක ගුරු විවේකාගාරයට අද (03) පෙරවරුවේ දේශපාලනඥයෙකුගේ බිරිඳක් කඩාවැදී එහි සිටි ගුරුවරියකට පහරදීමක් සිදුකර තිබේ.
මෙලෙස ප්‍රහාරයට ලක්ව ඇත්තේ අදාළ දේශපාලනඥයා සමග සමීප ඇසුරක් පවත්වන බව කියන එම පාසලේ සේවය කරන ගුරුවරියකි.
ප්‍රහාරය එල්ල වන අවස්ථාවේදී ගුරු විවේකාගාරයේ තවත් ගුරුවරුන් කිහිප දෙනෙකු ද සිට ඇතැයි වාර්තා වේ.
මේ අතර මෙම සිද්ධිය සැලවීමත් සමග අදාළ දේශපාලනඥයා සිය හිතවත් ගුරුවරියට වෙනත් පාසලක ස්ථාන මාරුවක් ලබාගැනීම සඳහා අද අධ්‍යාපන අමාත්‍යංශයට ද ගොස් ඇත.
කෙසේ වුවද මැතිවරණයක් ප්‍රකාශයට පත් කර ඇති අවස්ථාවක රාජ්‍ය සේවයේ ස්ථාන මාරුවීම් නීති විරෝධිය.
Post a Comment