මීගමු පාරේ හදිසි අලුත්වැඩියාවක් - වාහන ධාවනය එක් දිසාවකට පමණයි

මහබාගේ සිට ජාඇල දක්වා මීගමු පාරේ හදිසි අලුත්වැඩියාවක් හෙට සිදුකරන බැවින් එම මාර්ගයේ වාහන ගමනා ගමනය හෙට පෙරවරු 8.00 සිට රාත්‍රී 10.00 දක්වා එක් දිසාවකට පමණක් සිදුකිරීමට සිදුවන බව පොලීසිය පවසයි.

පොලිස් මූලස්ථානය විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනයක මේ බව දැක්වෙයි.


එම නිවේදනය වැඩිදුරටත් පහත පරිදිය.


මහබාගේ සිට ජාඇල දක්වා මීගමු පාරේ කිලෝ මීටර් 11ක පමණ මාර්ග කොටස තුළ කාපට් ඇතිරීමේ කටයුතු 2014.08.28 වනදින සිට සිදු කිරීමට නියමිත බවට මාර්ග සංවර්ධන අධිකාරිය විසින් දැනුම් දී ඇත.


මෙම කටයුතු හේතුවෙන් මීගමුව මාර්ගයේ ඉහත සඳහන් මාර්ග කොටසේ පැය 08.00 සිට පැය 22.00 දක්වා කාලය තුළ එක් පැත්තක වාහන ගමනා ගමනය සීමා කිරීමට සිදු වන බව දැනුම් දී තිබේ.


ඉහත මාර්ගයේ ගමන් කරන ජනතාවට සහ රියදුරන්ට සිදුවන අපහසුතාවය මඟහරවා ගැනීම සඳහා පියවර ගන්නා ලෙස පොලීසිය ජනතාවගෙන් ඉල්ලා සිටියි.



Post a Comment