ජත්‍යන්තර නිරීක්ෂකයින් හෙට වැඩ අරඹයි

දිවයිනට පැමිණ සිටින ජාත්‍යන්තර නිරික්ෂකයින් හෙට දිනයේ සිට සිය කටයුතු ආරම්භ කිරිමට නියමිත බව පැෆ්රල් සංවිධානය පවසයි.

මැතිවරණ කොමසාරිස්වරයාගේ උපදෙස් මත ආසියානු මැතිවරණ නිරික්ෂණ ජාලයේ නිරික්ෂකයින් 36 දෙනෙකු දිවයිනට පැමිණ තිබේ.


ඔවුන් අද දිනයේ එක්දින පුහුණු සැසියකට සහභාගි වීමට නියමිතය.


මේ අතර මැතිවරණ කොමසාරිස්වරයාගේ නියෝජිතයින්ට එල්ල වන බලපෑම් සහ කොළොන්නාව ප්‍රදේශයට අතිරේක පොලිස් නිලධාරින් යොදවන ලෙස ඉල්ලමින් පැෆ්රල් සංවිධානය පොලිස්පති එන්.කේ ඉලංගකෝන් මහතා වෙත ලිපියක් යොමු කර තිබේ.



Post a Comment