ගාල්ලේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු වැඩ වර්ජනයක

ගාල්ල මහ නගර සභාවේ මහජන සෞඛ‍්‍ය පරීක්ෂකවරු අද (27) දිනය පුරා වැඩ වර්ජනයක් දියත් කර තිබේ.

මහජන සෞඛ්‍ය පරීක්ෂකයෙකුට විරුද්ධව ඉහළ නිලධාරියෙකු සිදු කරන අන්තනෝමතික පළිගැනීමට විරෝධය දක්වා සහ මහජන සෞඛ්‍ය පරීක්ෂවරුන්ට වෙන් කරන ලද නිල කාමරයක් තිබුනද එය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට භාවිතා කිරීමට අදාළ ඉහළ නිලධාරියා ඉඩ ලබා නොදීමට එරෙහිව වර්ජනය දියත් කර ඇති බව වාර්තා වෙයි.


බද්දේගම, ගාල්ල, අක්මීමන ඇතුළු කාර්යාලවල සේවයේ නියුතු මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් උදෑසන සේවයට වාර්තා කර මෙලෙස මෙ‍ෙරාජකාරී නොකිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹ තිබේ.



Post a Comment