ඉන්දියාවේ සරණාගත කඳවුරු 115ක වෙසෙන ලක්ෂයකට අධික ලාංකික සරණාගතයින්ට යළි ඔවුන්ගේ මව්බිමට යාමට උදව් කරන්නැයි ද්‍රවිඩ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝඩිගෙන් ඉල්ලීමක් කර තිබේ.
ද්‍රවිඩ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් ඇතුළු පිරිසක් මෑතකදී ඉන්දියාවේ සංචාරයක් ආරම්භ කළ අතර එම සංචාරය අතරතුර සේනාධිරාජා මන්ත්‍රීවරයා ඉන්දීය අගමැතිවරයාගෙන් මෙම ඉල්ලීම කර ඇති බව එරට “ද හින්දු” පුවත්පත වාර්තා කරයි.
යුද්ධයෙන් පසු උතුරේ ඉඩම් හමුදාව විසින් අත්පත් කරගෙන සිටින බවත් එම භූමිය ද්‍රවිඩ ජනතාවට ලබාදීමට ශ්‍රී ලංකා රජයට බලපෑම් කරන්නැයි ද හෙතෙම ඉන්දීය අගමැතිගෙන් ඉල්ලා ඇත.
යුද ගැටුම් පැවැති දශක 3ක කාලයේදී උතුරේ ද්‍රවිඩ ජනයා ශ්‍රී ලංකාව අතහැර ඉන්දියාවට පලාගිය බවද මෙහිදී සාකච්ඡාවට ගෙන තිබේ.
Post a Comment