බදුල්ල අභිබවා මොණරාගල ඉදි‍රියෙන් - කැෆේට සිද්ධීන් 88ක්

පළාත් සභා මැතිවරණයට අදාළව මේ වනවිට සිදුවීම් 88ක් පිළිබඳව තොරතුරු වාර්තා වී ඇති බව කැෆේ සංවිධානය පවසයි.

ඒ මොණරාගල දිස්ත්‍රික්කයෙන් 63 ක් සහ බදුල්ල දිස්ත්‍රික්කයෙන් 19 ක් සහ වෙනත් සිදුවීම් 6 ක් වශයෙන් බව යැයිද එම සංවිධානය කියයි.


ගතවු දින දෙක තුළ මොණරාගල මැතිවරණ ප්‍රචණ්ඩත්වය සීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇති බවත්, මේ වනවිට මොණරාගල දිස්ත්‍රික්කයේ ගිනි අවි භාවිතයෙන් සිදු කරන ප්‍රචණ්ඩ ක්‍රියා ඉහළ ගොස් ඇති බවත් කැෆේ සංවිධානය පවසයි.


ඒ අනූව මෙම තත්ත්වය පාලනය කිරීමට මැදිහත් වන ලෙස මැතිවරණ කොමසාරිස්වරයාගෙන් සහ අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා ඇතැයි ද කැෆේ සංවිධානය කියයි.



Post a Comment