ඉන්දියාව ශ්‍රී ලංකාවේ ස්වෛරීයභාවයට ගරු කළ යුතුයි

ශ්‍රී ලංකාව හා ඉන්දියාව ඔවුනොවුන්ගේ ස්වෛරීභාවයට ගරු කළ යුතු බව අතුරුදහන්වූවන් පිළිබඳ සොයාබැලීම සඳහා පත්කරන ලද ජනාධිපති කොමිෂන් සභාවට උපදෙස්දීම සඳහා පත්කරනු ලැබූ විශේෂඥ කමිටු සාමාජික අවුදාශ් කෞසාල් පවසයි.

එබැවින් ඉන්දියාවද, දෙමළ ජාතීන්ගේ ප්‍රශ්නය විසඳීමට සහය දක්වන අතරේ ශ්‍රී ලංකාවේ ස්වෛරීයභාවයට ගරු කළ යුතුව ඇති බව හෙතෙම NIE පුවත් සේවයට පවසා තිබේ.


තමන් ඇවිළෙන ගින්නට පිදුරු දැමිය යුතු නැති බවත්, එසේ වුවද ප්‍රශ්නය විසඳීම සඳහා සහයවිය යුතු බවත් ඔහු පෙන්වාදී ඇත.


13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය තුළින් ඉදිරිපත් කර ඇති පළාත්සභාවලට බලය බෙදාහැරීමේ විධිවිධාන වඩා සක්‍රීය කරනුවස් ශ්‍රී ලංකාව එකඟකරවා ගැනීමටත්, එය ඉදිරියට රැගෙනයාමට සහයවීමත් කළ යුතුව ඇති බව අවුදාශ් කෞසාල් සඳහන් කරයි.


ශ්‍රී ලංකාවේ පවත්නා නීතියට හා ව්‍යවස්ථාවට අදාළව කටයුතු කෙරෙනු ඇති බවත්, ශ්‍රී ලංකාවේ ද්‍රවිඩ ජනයාට උතුරේ පොලිස්බලය පිළිබඳ විමසීමට නොහැකි බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියි.



Post a Comment