ජපානයෙන් ලංකාවට තෑගි පිරිනමයි

ශ්‍රි ලංකා රජයට මුර සංචාරක යාත්‍රා කිහිපයක් ලබාදිමට ජපන් රජය තීරණය කර තිබේ.

දකුණු ආසියානු රටවල සමූද්‍රීය ආවේක්ෂණ හැකියාව ශක්තිමත් කිරිමේ අරමුණින් ජපන් රජය මෙලෙස යාත්‍රා ලබාදිමට තිරණය කර ඇති බව එරට මාධ්‍ය වාර්තා කළේය.


ලබන සැප්තැම්බර් මාසයේදි ජපන් අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේගේ මෙරට සංචාරයේදි ඊට අවශ්‍ය සැලැස්ම ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙත පිළිගැන්විමට නියමිත බව වාර්තා වෙයි.


ජපන් බලධාරින් පෙන්වා දෙන්නේ මැදපෙරදිග රටවල සිට ජපානයට ඉන්ධන ප්‍රවාහනය කරන මුහුදු මාර්ගයේ ආරක්ෂාව තර කිරිම ද මෙමගින් අපේක්ෂා කරන බවයි.


ජපන් අග්‍රාමාත්‍යවරයා සහ මෙරට නියෝජිතයින් අතර පැවැත්වෙන සාකච්ඡාවලින් අනතුරුව මෙරට සඳහා අලුතින් නිපදවු යාත්‍රා ලබා දෙන්නේද නැතිනම් ජපන් වෙරළාරක්ෂක අංශයට අයත් යාත්‍රා ලබා දෙන්නේද යන්න සම්බන්ධයෙන් තිරණය කරන බව ජපන් බලධාරින් පවසයි.



Post a Comment