අධිකරණය ඉදිරිපිටදීම තියුණු ආයුධයකින් පහරදීලා - 2ක් රෝහලේ

කොළඹ රථ වාහන මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිට දි තියුණු ආයුධයකින් සිදුකළ පහරදිමකින් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා තිබේ.

පොලිසිය පැවසුවේ නඩු විභාගයක් සඳහා පැමිණි දෙපාර්ශවයක් අතර හටගත් ආරවුලක් හේතුවෙන් පහරදීම සිදුව ඇති බවයි.


සිද්ධියෙන් තුවාල ලැබු පිරිමි පුද්ගලයෙකු සහ තරුණියක් ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.


පහරදීම සිදුකළ සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පැවසුවේය.



Post a Comment