අනුරපුර ගුවන් හමුදා කඳවුර වැනසූ එල්.ටී.ටී.ඊ. බලගන නායකයා යළි රිමාන්ඩ්

අනුරාධපුර ගුවන් හමුදා කඳවුරට ප්‍රහාරයක් එල්ල කර ගුවන් යානා විනාශ කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අධි චෝදනා ලැබ සිටින එල්.ටී.ටී.ඊ. සංවිධානයේ ගුවන් බලගනයේ හිටපු නායකයා යළිත් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

රාසවල්ලන් තබෝරූබන් නමැති එල්.ටී.ටී.ඊ. නායකයෙකු මෙලෙස ඔත්තෝම්බර් මස 10 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.


අදාළ නඩුව අද (27) අනුරාධපුර විශේෂ මහාධිකරණ විනිසුරු කේමා ස්වර්ණාධිපති මහත්මිය ඉදිරියේ විභාගයට ගැනිණ.


එහිදී මෙම සිද්ධියට සම්බන්ධ තවත් හිටපු එල්.ටී.ටී.ඊ. සමාජිකයින් සිව්දෙනෙකුට එරෙහිව අධිචෝදනා ගොනු කිරීමට රහස් පොලිසියට අවසර ලබා දුන්නේය.


රහස් පොලිසිය මිට පෙර අධිකරණයට ඉදිරිපත් කළ කරුණු සැලකිල්ලට ගනිමින් අධිකරණය මෙම නියෝගය ලබා දී ඇත.


2007 වසරේ සැප්තැම්බර් 22 වන දින අළුයම අනුරාධපුර ගුවන් හමුදා කඳවුරට එල්.ටී.ටී.ඊ. සංවිධානය විසින් ප්‍රහාරයක් එල්ල කරන ලදී.



Post a Comment