වාසනාව සොයද්දි මාරකයක් ඇඟට වැටේ

නෝර්වුඩ්, ප්‍රෝටී‍්‍ර වතුයායේ පතලක් තුළ අනවසරයෙන් මැණික් ගරමින් සිටි වතුකම්කරුවන් දෙදෙනෙකු මතට ගලක් වැටීමෙන් එම වතු කම්කරුවන් දෙදෙනා අසාධ්‍ය තත්ත්වයෙන් රෝහල්ගත කර තිබේ.

අද අළුයම 3.30 ට පමණ මෙම අනතුර සිදුවී ඇත.


ඒ අසල තවත් අනවසරයෙන් මැණික් ගැරූ පිරිසක් විසින් පතලට යටවූ දෙදෙනා ගොඩගෙන දික්ඔය මූලික රෝහල වෙත ඇතුළත් කිරීමෙන් අනතුරුව ඔවුන් දෙදෙනාගේ තත්ත්වය බරපතළ නිසා ඔවුන් මහනුවර ශීක්ෂණ රෝහල වෙත මාරුකර යවා තිබේ.


මෙම මැණික් ගැරීමට සම්බන්ධ එක් අයෙකු නෝර්වුඩ් පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන ඇත.


මෙම අනවසර මැණික් ගැරූ ස්ථානය වතු කම්කරුවන්ගේ ද සහයෝගය ඇතුව වසාදැමීමට පියවර ගන්නා බව නෝර්වුඞ් පොලීසිය පවසයි.


ඡායා රූ - රංජිත් රාජපක්ෂ



Post a Comment