බැංකුව ඉදිරිපිටදී පිහියෙන් අනියි - තුවාලකරු රෝහලේ

මැණික් ගනුදෙනුවක් සම්බන්ධ ආරවුලක් දුරදිග යාමෙන් රත්නපුර මහජන බැංකුව ඉදිරිපිටදී සිදුවූ පිහි ඇනුමකින් තුවාල ලැබූ පුද්ගලයෙකු රත්නපුර රෝහලට ඇතුළත් කර තිබේ.

පිහි ඇනුම සිදුකළ බව කියන පුද්ගලයා විසින් තුවාල ලබා ඇති පුද්ගලයාට මැණික් ගලක් විකිණීමට ලබාදී ඇතැයි කියන සිද්ධියක් මීට මුල්වී ඇත.


මැණික් ගල විකුණු බව කියන නාලක නැමැත්තා එහි මුදල් වංචා කර ඇති බව කියමින් එහි හිමිකරු බව පැවසෙන රත්නපුර, හිදැල්ලන තෙපුලන්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරු එලෙස පිහියකින් ඇන ඇතැයි ද පොලීසිය කියයි.


කෙසේ හෝ සිද්ධිය සම්බන්ධයෙන් පිහි ඇනුම සිදුකළ පුද්ගලයා පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර මේ සමග බැංකුවේ ගනුදෙනු කටයුතු තාවකාලිකව අත්හිටුවා ඇත.



Post a Comment