අපි කිය කියා වැඩ කරන්නේ නෑ

අපි කිය කියා වැඩ කරන්නේ නෑ


ශ‍්‍රී ලංකාවේ පැවැත්වෙනපොදු රාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුවට සමඟාමිව මහා පරිමාන ව්‍යාපාරික සමුළුවක් පැවැත්වීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍ය ජි.එල්.පිරිස් මහතා පවසයි.




අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ මහනුවර පැවැති උත්සවයක් අමතමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක් වු අමාත්‍යවරයා පවසා සිටියේ වත්මන් රජය කිය කියා වැඩ නොකරන බවයි. රාජ්‍ය නායකයින් සහභාගී වෙන ගණන තමා නොකියන බවත් එය ඔවුන් පැමිණි පසු බලා ගත හැකි බවයි අමාත්‍යවරයා මෙහීදි පවසා සිටියේ. මෙම සමුළුව හරහා පවත්වන ව්‍යාපාරික සමුළුවෙන් මෙරටට පැමිණෙන විශාල අයෝජනය ප‍්‍රමාණයක් ලැබෙන බව ද ඔහු මෙහිදී පවසා සිටියා. මෙම සමුළුව සම්බන්ධයෙන් අසුභවාදීව සිතනා අයට මීට වඩා දිය හැකි පිළිතුරක් නැති බව ද අමාත්‍යවරයා මෙහිදී පවසා සිටියා.



Post a Comment