උප පොලිස් පරීක්ෂකවරයෙකුගේ ජීවිතය අහිමිවෙයි

මීරිගම - පස්යාල මාර්ගයේ ශාන්ත පීටර් දේවස්ථානය අසළ සිදුවු රිය අනතුරකින් උප පොලිස් පරීක්ෂකවරයෙකු මියගොස් තිබේ.

මාර්ගය අසළ නවතා තිබු ලොරි රථයක උප පොලිස් පරීක්ෂකවරයා ගමන්ගත් යතුරුපැදිය ගැටීමෙන් අද උදෑසන මෙම අනතුර සිදුව ඇති බව පොලීසිය සඳහන් කළේය.


ඒ අනුව අනතුරෙන් බරපතළ තුවාල ලැබු උප පොලිස් පරීක්ෂකවරයා මීරිගම රෝහලට ඇතුළත් කිරීමේ දී මියගොස් තිබේ.


මියගොස් ඇත්තේ වේල්ලවීදිය පොලීසියට අනුයුක්තව සේවය කළ 28 හැවිරිදි උප පොලිස් පරීක්ෂකවරයෙකි.


සිද්ධිය සම්බන්ධයෙන් මීරිගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.



Post a Comment