එල්.ටී.ටී.ඊයට අයත් තෙල් බැරල් තොගයක් මතුවෙයි

එල්.ටී.ටී.ඊ. සංවිධානය විසින් මුලතිව් වෙල්ලමුල්ලිවයික්කාල් ප්‍රදේශයේ වළදමා තිබු ලිහිසි තෙල් බැරල් නවයක් යුද හමුදාව විසින් සොයාගෙන තිබේ.

681 වැනි බලසේනා මූලස්ථානයේ සෙබලුන් පිරිසක් වෙල්ලමුල්ලිවයික්කාල් වෙරළ ප්‍රදේශයේ භූමියක් සකස් කරමින් සිටියදී මෙම තෙල් බැරල් සොයාගෙන ඇති බව සඳහන්ය.


යුද ගැටුම් අවසන් සමයේ මුහුදු කොටි බලකාය විසින් ඔවුන්ගේ යාත්‍රා සඳහා යොදාගැනීමට මෙම ලිහිසි තෙල් බැරල් වළදමා තබන්ට ඇති බව යුද හමුදාව සඳහන් කළේය.


පසුගිය යුද සමයේ අදාළ ප්‍රදේශයේ මුහුදු කොටි බලකා කඳවුරක් ද පැවති බවට ආරක්ෂක අංශ අනාවරණය කරගෙන තිබුණි.



Post a Comment