තලතා අතුකොරාලත් නායකත්ව මණ්ඩලයෙන් ඉල්ලා අස්වේ

එක්සත් ජාතික පක්‍ෂය ජයග්‍රාහී මාවතකට ගෙන එ්මට යයි කියමින් පක්‍ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අනුමැතිය මත පත් කරන ලද නායකත්ව මණ්ඩලයෙන් පාර්ලිමේන්තු මන්ත‍්‍රීනී තලතා අතුකොරාල මහත්මිය ඉල්ලා අස් වී තිබේ. 

ඇය පවසන්නේ මෙම මණ්ඩලය සඳහා පුද්ගලයන් පත් කිරීමේදී සිදු වූ අඩු පාඩු හේතුවෙන් මෙම තීරණය ගත් බවයි. මන්ත‍්‍රී සජිත් ප්‍රේමදාස මහතාද ඊයේ රාත‍්‍රියේම එම නායකත්ව මණ්ඩලයේ සාමාජිකත්වය බාර ගැනීම ප්‍රතික්ෂේප කරමින් පැවසුවේ මහා සංඝරත්නය සමග එකඟ වූ කරුණු ක්‍රියාත්මක වීමේ අඩුපාඩු පැවති බැවින් තමන් තනතුර බාර නොගන්නා බවයි. 

මේ අතර එජාප අභ්‍යන්තර ආරංචි මාර්ග පවසන්නේ නායක රනිල් වික‍්‍රමසිංහ මහතාගේ උවමනායක් මත රුවන් විජේවර්ධන මහතා මෙම නායකත්ව මණ්ඩලයට පත් කර ඇති බවයි. 

රුවන් විජේවර්ධන මහතා මීළඟ එජාප නායකයා කරවීම සඳහා වික‍්‍රමසිංහ මහතා සිය සැලසුම් වේගවත් කර ඇති බවද පවසන එම ආරංචි මාර්ග කිසිදු ජ්‍යෙෂ්ඨත්වයක් නැතිව ඔහු එජාපයේ නායකත්ව මණ්ඩල නව දෙනා අතරට පත් කිරීම එහි විශාල පියවරක් යයිද කියති.

IFTTT

Put the internet to work for you.

via Personal Recipe 6136013

Post a Comment