මම ඒ තනතුරු භාර ගන්නේ නෑ

මම ඒ තනතුරු භාර ගන්නේ නෑ


එක්සත් ජාතික පක්‍ෂය විසින් ඊයේ දිනයේදී පත් කළ නායකත්ව මණ්ඩලයේ සාමාජික ධුරය තමන් බාර නොගත් බව රත්නපුර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී තලතා අතුකෝරල මහත්මිය පවසයි.




ඇය විසින් මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා සිටියේ තමාගේ නම යෝජනා කර ඇතත් එය තමන් පිළිනොගත් බව ද ඇය පවසා සිටියේ. ඇය වැඩිදුරටත් පවසා සිටියේ තමා බලාපොරොත්තු වු නායකත්ව මණ්ඩලයක් නොතිබීම මෙයට හේතු වු බවයි. ජනතාව වෙනුවෙන් හා පක්‍ෂයේ දියුණුව වෙනුවෙන් කැප වීමක් සිදු වන නමුත් මෙවැනි තනතුරු බාර ගැනීමට තමන් බලාපොරොත්තු නොවු බවත් ඇය වැඩිදුරටත් පැවසීය.



Post a Comment