මවගේ අනියම් සැමියා අවුරුදු 5ක් තිස්සේ දැරියට අතවර කරලා


වසර 05ක කාලයක් තිස්සේ බාල වයස්කාර දැරියකට වරින් වර ලිංගික අතවර සිදු කළ බව කියන සැකකරුවෙකු හලාවත පොලීසියේ ළමා හා කාන්තා කාර්යංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.


අත්අඩංගුවට ගෙන ඇත්තේ ආරච්චිකට්ටුව - වෛරන්කට්ටුව ප්‍ර‍දේශයේ පදිංචි 48 හැවිරිදි අයෙකි.


පොලිස් ඇමතුම් (119) අංශයට ලද තොරතුරක් මත මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.


අතවරයට පත්ව ඇති ළමයාගේ වර්තමාන වයස අවුරුදු 16 කි.


ඇයගේ පියා මිය ගොසිනි.


සැමියා මිය යාමෙන් පසුව ඇයගේ මව පුරුෂයින් දෙදෙනෙකු අනියම් සැමියන් ලෙස ඇසුරු කර ඇත.


අත්අඩංගුවට ගෙන ඇති සැකකරු මව දෙවැනි වරට ඇසුරු කළ අනියම් සැමියා බව කියයි.

සැකකරු විසින් සිදු කරන මෙම අපරාධය සම්බන්ධයෙන් දැන ගත් අයෙකු ඒ බව පොලිස් හදිසි ඇමතුම් අංශයට දන්වා ඇත.


සැකකාර තම සුළු පියා 2010 වසරේ සිට මව නිවසේ නොමැති අවස්ථා වලදී තමන්ට අතවර කළ බව ඇය පොලීසිය හමුවේ පවසා තිබේ.


අතවරයට පත්ව ඇති තරුණිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා හලාවත මහා රෝහලට යොමු කර ඇත.


සැකකරු හලාවත දිසා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.


හලාවත පොලීසියේ ළමා හා කාන්තා කාර්යංශය වැඩිදුර විමර්ශන කටයුතු කරගෙන යයි.



Post a Comment