කොම්පඤ්ඤ වීදියේ සූදු පොලක් වටලයි

කොම්පඤ්ඤ වීදියේ සූදු පොලක් වටලයි


කොම්පඤ්ඤවීදිය, ධර්මපාල මාවතේ පවත්වාගෙන යන සමාජ ශාලාවක සූදු පොලක් පසුගිය 03 වනදා රාත‍්‍රී 7 ට පමණ මාලිගාකන්ද මහේස්ත‍්‍රාත් අධිකරණයෙන් ලබා ගන්නා ලද සෝදිසි වරෙන්තුවක් අනුව සෝදිසි කර තිබේ.




එහිදී මුදල් ඔට්ටුවට සුදු කි‍්‍රඩා කල පුද්ගලයින් 42 දෙදෙනෙකු හා සුදු පොල පවත්වාගෙන ගිය තිදෙනෙකු සංවිධානාත්මක අපරාධ හා දුෂණ මර්ධන කොට්ඨාශයයේ නිළධාරින් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරුවන් සන්තකයේ තිබි බුරු කුට්ටම් 04 ක් මුදල් රුපියල් 130,150/- ක් සොයාගෙන තිබේ. සැකකරුවන් සහ දේපල වැඩිදුර විමර්ශන සදහා කොම්පක්‍ද්ක්‍දවිදිය පොලිස් ස්ථානයට භාර දි තිබේ. සැකකරුවන් අද දින මාලිගාකන්ද ගරු මහේස්ත‍්‍රාත් අධීකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතයි. සංවිධානාත්මක අපරාධ හා දුෂණ මර්ධන කොට්ඨාශය මගින් වැඩිදුර විමර්ශන පවත්වාගෙන යනු ලබයි.



Post a Comment