දේශමාමක බව පෙන්වා සම්පත් විකුණනවා

දේශමාමක බව පෙන්වා සම්පත් විකුණනවා


අධිරාජ්‍යවිරෝධී දේශමාමක බව පවසා ආණ්ඩුව අධිරාජ්‍යවාදී සමාගම්වලට රිසිසේ රටේ සම්පත් රැගෙන යෑම සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කර ඇත්තේ රටේ ජනතාව නොමග යවමින් බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී අනුර කුමාරදිසානායක මහතා පවසයි.




ඒ මහතා අද (05) ස්ථාවර නියෝග 23/2 යටතේ නගනු ලබන ප‍්‍රශ්නය පාර්ලිමේන්තුවේදී මෙසේ විමසා සිටියා.


2013 ඔක්තෝබර් මස 14 වන දින සිට 2013 නොවැම්බර් 4 දින දක්වා කාලය තුළ මාතලේ, මහනුවර, දඹුල්ල ප‍්‍රදේශවල වර්ග කිලෝමීටර් 207ක භූමි ප‍්‍රමාණයක ගුවන් විද්‍යුත් චුම්භක පරික්ෂාවක් (Versatile Time Domain electro Magnatic Survey) රජය මගින් සිදු කර එමගින් රටට මහා ආර්ථික වාසියක්, දැවැන්ත ආශ්චර්යයක් සිදු කරන බව හැඟවෙන ප‍්‍රකාශ පසුගිය සති කිහිපය පුරා මාධ්‍ය මගින් ප‍්‍රචාරය විය. එමෙන්ම හෙලිකොප්ටරයක් වෘත්තාකාර හැඩයේ උපකරණයක් සහිතව ගමන් කරන රූපරාමු සෑම රූපවාහිනි නාලිකාවකම විකාශනය විය. මෙම ගවේශනය සිදු කරන ප‍්‍රදේශයේ පුරාවස්තු පිළිබඳව ඉතා වැදගත් ප‍්‍රදේශයක් නිසා ඒවායෙහි නිදන් සෙවීමේ පරීක්ෂණයක් යැයි ජනතාව තුළ කුතුහලයක් සැකයක් ගොඩ නැගී ඇති බව යම් මාධ්‍ය මගින් ප‍්‍රකාශයට පත් විය. ඒ හෙයින් මෙම පරීක්ෂණ පිළිබඳ මෙම සභාවේ අවධානය යොමු කිරීමට කැමැත්තෙමු.


ලෝකයේ ඉදිරි වසර දශක කිහිපය තුළ බල ශක්ති ක්‍ෂෙත‍්‍රයේ විශාල පෙරළියක් සිදු වීමට නියමිතය. එහිදී නවීන මෝටර් රථ හා හයිබි‍්‍රඞ් වර්ගයේ වාහනවල බැටරි වලටත් ලිතියම්, කැඞ්මියම් යොදා නිපදවන බැටරිවල ආදේශකයක් ලෙසටත් න්‍යෂ්ටික බලශක්ති ක්‍ෂෙත‍්‍රයේදීද මිනිරන් විශාල ලෙස යොදා ගැනීමට නියමිතය. මෙම කර්මාන්ත සඳහා මිනිරන්වල පිරිසිදු බව ඉතා වැදගත්ය. අප රටේ මිනිරන්වල ගුණාත්මක බව හා කාබන් ප‍්‍රතිශතය 99% කට ආසන්න වීම ඉහත නිෂ්පාදන සඳහා ඉතා යෝග්‍යය. ඒ හෙයින් රටේ මිනිරන්වලට 1920, 1930 හා 1940 දශකවලදී විශේෂයෙන් දෙවන ලෝක යුධ සමයේ පැවති ඉල්ලූමට වඩා වැඩි ඉල්ලූමක් ඇති වන බව පැහැදිළිය. මේ බව හොඳින් හඳුනාගත් අධිරාජ්‍යවාදී සමාගම් විශේෂයෙන් නාමිකව ඕස්ටේ‍්‍රලියානු සමාගම් කිහිපයක් රට තුළ දැවැන්ත මිනිරන් ගවේශන මෙහෙයුමක් සිදු කරමින් සිටී. එයින් එක් සමාගමක් වනුයේ බෝරා බෝරා සමාගමය. (Bora Bora resource Limited) එය ශ‍්‍රී ලංකාවේ නාමික Plambago Lanka (pvt) Limited දේශීය නියෝජිතයා ලෙස ප‍්‍රකාශ කරමින් Geotech Airbone Geophysical Surveys yd Senok Aviationයන පෞද්ගලික සමාගම් මගින් මෙම ගුවන් විද්‍යුත් චුම්බක පරික්ෂාව සිදුකරමින් සිටී.


ඉහත සමීක්ෂණයෙන් ලබා ගන්නා දත්ත විශ්ලේෂණය කර මිනිරන් මෙන්ම වෙනත් ලෝහමය ඛනිජ නිධි පිළිබඳව මූලික හඳුනා ගැනීමක් සිදු කළ හැකිය. 1992 අංක 33 දරන ඛනිජ ද්‍රවය පනතට ප‍්‍රකාරව සමීක්ෂණ බලපත‍්‍රයක් ලැබ සමීක්ෂණ දත්ත මගින් උපයෝගී කොට කැණීම් බලපත‍්‍රයක් ලබාගෙන කැණීම් සිදුකර 5%ක රාජ්‍යභාගයක් ලබා දී මිනිරන් පිටරට පැටවිය හැක. දැනට විදෙස් සමාගමකට මුළු ලංකාවම ආවරණය වන පරිදි ගවේශන බලපත‍්‍රයක් ලැබ ඛනිජ අයිතිය තහවුරු කිරීමට වැය වනුවේ ඩොලර් මිලියන 1.4කි. එය බෝරා බෝරා වැනි සමාගමකට සොච්චම් මුදලකි. තවද දේශීය පුද්ගලයෙකුට හෝ සමාගමකට වර්ග කිලෝ මීටරයකට 3000ක් ගවේශන බලපත‍්‍රයකට ගෙවිය යුතු අතරම විදෙස් සමාගම්වලටද එම මුදලම ගෙවා වර්ග කිලෝ මීටරයක් සඳහා ගවේශන බලපත‍්‍රයක් ලබා ගැනීමට හැකිවීම රජයේ අධිරාජ්‍ය විරෝධයේ තරම කදිමට පැහැදිළි වේ.


ගරු කතානායක තුමනි, අධිරාජ්‍යවිරෝධී දේශමාමක යැයි පවසන ආණ්ඩුව අධිරාජ්‍යවාදී සමාගම්වලට රිසිසේ රටේ සම්පත් රැගෙන යෑම සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කර ඇත්තේ රටේ ජනතාව නොමග යවමිනි. ඒ සඳහා මෙම සමීක්ෂණය රජයේ වැඩක් යැයි හැඟවීමට භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යංශයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ජනතාව නොමග යවන ප‍්‍රකාශ නිකුත් කරයි. හාස්‍ය ජනක ප‍්‍රකාශය වනුයේ 1958දී වර්ග කිලෝමීටර් 20,000 ක් ආවරණය වන පරිදි ගුවන් චුම්භක ක්‍ෂේත‍්‍ර පරික්ෂාවක් භූ විද්‍යා දෙපාර්තමේන්තු විසින්ම සිදුකර ඇති විටත් රජයේ ආශ්චර්ය පෙන්වීමට මෙම බෝරා බෝරා සමාගම සිදු කරන පරීක්ෂණය ලංකාවේ පළමු ගුවන් භූ භෞතික පරීක්ෂණයක් යැයි පවසා ජනතාව මුලා කිරීමකි.


ගරු කතානායක තුමනි, මෙම ප්‍රෝඩාකාරී ගුවන් විද්‍යුත් චුම්භක පරීක්ෂාව පිළිබඳවත් බෝරා බෝරා සමාගමට ලබා දුන් ගවේශන බලපත‍්‍රයත් ශ‍්‍රී ලංකාවේ මිනිරන් ගවේශනය පිළිබඳවත් පහත ගැටළු සඳහා පිළිතුරු බලාපොරොත්තු වෙමු.


01. මෙම සමාගමට 207ණඵ2 ක වපසරියක් භූමි ප‍්‍රමාණයේ ඛනිජ සම්පත් ගවේශනය සඳහා ගවේශන බලපත‍්‍ර ලබා දීමේදී අදාල ප‍්‍රදේශයේ ආවරණය වන රජයේ හා පෞද්ගලික ඉඩම් හිමියන්ගේ අවසරය ලිඛිතව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යංශයේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට ලබා දී ඇතිද? එසේ නොවේ නම් මෙම ගවේශන බලපත‍්‍රය නීති විරෝධී නොවේද?


02. මෙම ගවේශන බලපත‍්‍රය සඳහා ඉල්ලූම් පත් ලබා දුන් දිනයත් ගවේශන බලපත‍්‍රය ලබා දුන් දිනයන් කවරේද ගවේශන බලපත‍්‍ර ලබාදීමට සාමාන්‍යයෙන් කොපමණ කාලයක් ගත වනුයේද පමා වන ගවේශන බලපත‍්‍රවලට හේතුව කුමක්ද?


03. මෙම ගවේශනය මගින් මිනිරන් හා ලෝහ නිධි හඳුනා ගැනීමට අමතරව ප‍්‍රදේශයේ ඇති නිධන් වස්තු පිළිබඳ තොරතුරු ලබා ගත හැකිඳ? පරීක්ෂණ සඳහා භාවිතා කරන උපරකණවල පිරිවිතර :ීචැජසසෙජ්එසදබ* පිළිබඳවත් ලබා ගන්නා දත්ත පිළිබඳවත් ගවේශනය සිදු කරනුයේ ගවේශන බලපත‍්‍රයට නියමිත ප‍්‍රදේශයේද යන්නත් සොයා බැලීම සඳහා එම තාක්ෂණික ඥාණයක් ඇති නිළධාරියෙකු භූ විද්‍යා හා පතල් කැනීම් කාර්යංශය නොයොදවන්නේ ඇයි?


04. මෙම ගවේශනය සිදු කරන ප‍්‍රදේශවල වෙනත් ගවේශන බලපත‍්‍රවලට අදාල භූමි ප‍්‍රමාණයන් අයත්ද මිණිරන් සඳහා ගවේශන බලපත‍්‍ර ලබාදී ඇති වෙනත් සමාගම් මොනවාද? එක් එක් සමාගම් දැනට ගවේශන සිදු කරන ප‍්‍රදේශ මොනවාද? ගවේශන බලපත‍්‍ර රහිතව විදෙස් සමාගම් මිනිරන් පිළිබඳ සමීක්ෂණ කටයුතු සිදු නොකරයිද?


අනුර දිසානායක (පා.ම.)

2013.11.05



Post a Comment