ලබන වසරේදී පාසලෙත් Exercise

ලබන වසරේදී පාසලෙත් Exercise


2014 වර්ෂයේ නව පාසල් වාරය ආරම්භ වන ජනවාරි 02 වැනි දා සිට දිවයිනේ සියලුම පාසල්වල පෙරවරුවේ විනාඩි 10ක කාලය තුළ ශරීර සුවතා වැඩසටහන ක්‍රියාත්මක කෙරෙන බව අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.




අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද(05) අධ්‍යාපන අමාත්‍යංශයේ පැවති 2017 පැවැත්වීමට නියමිත ආසියානු යොවුන් ක්‍රීඩා තරගාවලිය සඳහා පාසල් ක්‍රීඩක ක්‍රීඩිකාවන් තෝරා ගැනීම හා ඔවුන් පුහුණු කිරීම පිළිබඳ මූලික සාකච්ඡාවකට එක්වෙමින්.


මෙම ජාතික තරගාවලිය සඳහා සිසුන් තෝරා ගැනීමේදී දිවයිනේ සියලුම පාසල් ආවරණය වන පරිදි කිසිදු දරුවෙකුට අසාධාරණයක් නොවන ආකාරයෙන් තේරීම් සිදු කළ යුතු බව ප්‍රකාශ කළ අමාත්‍යවරයා අධ්‍යාපනයේ ‍දැවැන්ත වෙනසක් සිදුව මෙම කාලය තුළ පාසල් ක්‍රීඩා ද ඉහළ නැංවීම සඳහා කටයුතු කළ යුතු බව පෙන්වා දුන්නා. විභාග කේන්ද්‍රීය අධ්‍යාපන ක්‍රමයක් පැවැතීම හේතුවෙන් දරුවන් ක්‍රීඩාව සඳහා යොමු වීම අඩු මට්ටමක පවතින බවත් කන්නන්ගර චින්තනයෙන් බිහි වූ මධ්‍යම විද්‍යාවල අංග සම්පූර්ණ ක්‍රීඩා පිටියක් පැවති අතර ඒ තුළින් ගුණ, නැණ, බල, සුව සපිරි දරුවන් පිරිසක් බිහි කිරීම අරමුණ වූ බවත් අමාත්‍යවරයා සඳහන් කළා.


අමාත්‍යවරයා ප්‍රකාශ කළේ අමාත්‍යංශ ඒකාබද්ධ වෙමින් ජාතික ප්‍රතිපත්ති සකස් කරමින් කටයුතු කිරීමට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් ලබාදී ඇති බවයි.



Post a Comment