දැන් තියෙන ජනමාධ්‍ය සංවිධාන දේශපාලන පක්ෂ වගේ

දැන් තියෙන ජනමාධ්‍ය සංවිධාන දේශපාලන පක්ෂ වගේ


මීට කලින් ඉදිවුණු, සමහරක් ජනමාධ්‍ය සංවිධාන දේශපාලන පක්ෂ හා සමාන බව විදේශ රැකියා ප‍්‍රවර්ධන හා සුභසාධන අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා පවසයි.




අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද(30) කොළඹ මහවැලි කේන්ද්‍රයේ පැවති ජාතික මාධ්‍ය පදනමේ සමාරම්භක උත්සවයට එක්වෙමින්.


බොහෝ ජනමාධ්‍ය සංවිධාන නායකත්වය, එකමුතුකම, එකමතයක නොමැති වීම වැනි කාරණා හේතුකොට ගෙන එම සංවිධාන බිහි වී වැඩිකලක් යන්නට මත්තෙන් නැතිවී යන බව අමාත්‍යවරයා සඳහන් කළා.


නමුත් ජාතික මාධ්‍ය පදනමේ එම තත්ත්වය උදා නොවෙන අතර එයට හේතුව වශයෙන් අමාත්‍යවරයා සඳහන් කළේ මෙම පදනමේ අත්දැකීම් බහුල, විශය පිළිබඳව හොඳ අවබෝධයක් ඇති ජනමාධ්‍යවේදීන් ඉන්නා බවයි.


අමාත්‍යවරයා වැඩි දුරටත් පැවසුවේ අප රටේ ජනමාධ්‍යවේදීන් බොහෝ කලකට පෙර කොළඹට පමණක් කොටු වී සීමා වී සිටි බවයි. වර්තමානයේදී ජනමාධ්‍ය, තාක්ෂණයත් එක්ක එකට බැඳී ඉදිරියට ගමන් කළ නිසා දසතින් තොරතුරු ලබා ගත හැකි වීමෙන් ජනමාධ්‍ය තවත් ඉදිරියටම ගමන් කරන බවත් ඒ තත්ත්වයට සුභප්‍රාර්ථනා කරන බවද අමාත්‍යවරයා මෙහිදී පවසා සිටියා.



Post a Comment