සෞඛ්‍ය ක්ෂේස්ත්‍රයට අභියෝග රැසක්

සෞඛ්‍ය ක්ෂේස්ත්‍රයට අභියෝග රැසක්


රටේ අමාත්‍යාංශ අතුරින් ජනතාව වෙනුවෙන් වැඩිම මුදලක් වැය කරන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශය බව සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි.




ඊයේ (29) පැවති උත්සවයකදි අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කලා. එහිදි වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ, 2013 වර්ෂයේදි සෞඛ්‍ය අමාත්‍යාංශය බිලියන 135ක පමණ මුදලක් දේශිය අරමුදල් වලින් යොදවා ඇති බවයි.


එසේම සෞඛ්‍ය ක්ෂේස්ත්‍රය හමුවේ අද වන විට විශාල අභියෝග රැසක් පවතින බවද අමාත්‍යවරයා මෙහිදි පෙන්වා දුන්නා.ප්‍රාතමික සෞඛ්‍යසේවාව, රෝග වැළැක්වීම ,නිවාරණය සම්බන්ධයෙන් පුළුල් වැඩපිළිවෙලක් අවශ්‍ය වන බවද අමාත්‍යවරයා මෙහිදි පෙන්වා දුන්නා. සෞඛ්‍ය නිළධාරින් ඇතුළු සෙසු පිරිසක් අද වන විට රෝග නිවාරණ කටයුතු සදහා ජනතාව තුළ වැඩසටහන් දියත් කිරිමට පෙළඹි තිබුණද එය කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බව අමාත්‍යවරයා මෙහිදි පෙන්වා දුන්නා.


වාර්ෂිකව වැය කරන මුදල කොතරම් ඉහළ ගියද රෝග නිවාරණය පිළිබද වැඩසටන් හැකි ඉක්මණින් ක්‍රියාත්මක කිරිම අවශ්‍ය බව අමාත්‍යවරයා මෙහිදි පෙන්වා දුන්නා.



Post a Comment