රුවන්වැල්ලේ අභිරහස් මරණ 3ක්

රුවන්වැල්ලේ අභිරහස් මරණ 3ක්


රුවන්වැල්ල ,ගල්පාත ප‍්‍රදේශයේ නිවසක තිබියදි පිරිමි පුද්ගලයෙකුගේ , කාන්තාවකගේ සහ කුඩා දරුවෙකුගේ මළ සිරුරු 03ක් රුවන්වැල්ල පොලිසිය විසින් ඊයේ (30) සොයා ගෙන තිබේ.




මිය ගොස් තිබෙන්නේ වයස අවුරුදු 48ක් වයසැති ගල්පාත ප්‍රදේශයේ පදිංචි විමලදාස,අවුරුදු 35ක් වයසැති එම ප්‍රදේශයේම පදිංචි රේණුකා ප්‍රියදර්ශනි සහ ඇයගේ දරුවා වන මාස 10 වයසැති විහග නෙත්සරයි. මරණකරු එම සිද්ධිය සිදුවු ස්ථානයේ පදිංචි කරුවෙක් වන අතර මරණයට පත්වු කාන්තාව සහ ඇයගේ පුතා අසල නිවසක පදිංචි වුවන් බව පොලිස් ආරංචි මාර්ග සදහන් කරයි. මරණකාරියගේ හා දරුවාගේ සිරුරේ කැපුම් තුවාල ඇති බවට නිරීක්‍ෂණයවී ඇති අතර එල්ලී මිය ගිය පුද්ගලයා විසින් කාන්තාව හා කුඩා දරුවා ඝාතනය කර ඇති බවට කරුණු අනාවරණයවී ඇත. මරණකාරියගේ සැමියා මේසන් වැඩ සඳහා උදෑසන නිවසින් පිටව ගොස් නැවත නිසට පැමිණ දරුවා සහ බිරිද සම්බන්ධයෙන් සොයා බැලීමේදි මෙම අපරාධය සම්බන්ධයෙන් අනාවරණයවී ඇත. මහේස්ත‍්‍රාත් පරීක්‍ෂණය මෙතෙක් අවසන්වි නොමැත. රුවන්වැල්ල පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වා ගෙන යනු ලබයි.



Post a Comment