කොරියානු විභාගයේ ප‍්‍රථිඵල හෙට

කොරියානු විභාගයේ ප‍්‍රථිඵල හෙට


පසුගිය ඔක්තෝම්බර් 19 හා 20 දෙදින පැවති කොරියානු භාෂා ප‍්‍රවීනතා විභාගයේ ප‍්‍රථිඵල හෙට (01) දිනයේ නිකුත් කරන බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.




එම කාර්යාංශය සඳහන් කලේ කොරියානු රජයේ රැකියාවක් ලබා ගැනීම සඳහා වන මූලික සුදුසුකම වන මෙම විභාගය සඳහා අපේක්ෂකයන් 20492 දෙනෙකු පෙනී සිටි බවයි.


විභාග ප‍්‍රතිඵල www.slbfe.lk, www.eps.go.kr, www.hrdkorea.or.kr යන වෙබ් අඩවි මගින් ප‍්‍රකාශයට පත්කෙරේ. විභාගයේදී ලකුණු 200න් අවම වශයෙන් ලකුණු 80ක් හෝ ඊට වැඩි ප‍්‍රමාණයක් ලබා ගත යුතු අතර, කඩඉම් ලකුණු ප‍්‍රමාණය කොරියානු මානව සම්පත් දෙපාර්තමේන්තුව මඟින් පසුව ප‍්‍රකාශයට පත් කෙරේ. කොරියානු රැකියා ලබා ගැනීම සම්බන්ධයෙන් පුද්ගලයින් ගෙන යන ව්‍යාජ කි‍්‍රයාකාරකම් හේතුවෙන් තමාගේ විභාග අංකය හා ගමන් බලපත‍්‍ර අංකය බාහිර පුද්ගලයින්ට ලබා දීමෙන් වලකින ලෙස කාර්යාංශය විශේෂයෙන් අපේක්‍ෂකයින්ගෙන් ඉල්ලා සිටී. මෙම විභාගයෙන් සමත්වන්නන් හට තමන් අපේක්‍ෂා කරන රැකියා වෙබ් අඩවියේ තමන් නමින් ගිණුමක් විවෘත කළ හැකි අතර ඒ සඳහා අවශ්‍ය වන්නේ ගමන් බලපත‍්‍ර අංකය හා විභාග අංකය පමණි.


කොළඹ නාලන්ද, ගෝතමී බාලිකා, අශෝක, ඞී. එස් සේනානායක, ඉසිතපන හා තර්ස්ටන් විද්‍යාල වලදී විභාගය පැවත්විණි. මෙවර විභාගය කොරියානු මානව සම්පත් දෙපාර්තමේන්තුවේ පූර්ණ අධීක්ෂණය යටතේ පැවැත් වූ අතර, විභාගයේ සියලූ කටයුතු ශ‍්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ මෙහෙය වීම යටතේ සිදු කර තිබේ.



Post a Comment