හවුලියෑන් සූ - මංගල හමුව අද



දිවයිනට පැමිණ සිටින එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩටහනේ ආසියා ශාන්තිකර කලාපීය කාර්යංශයේ අධ්‍යක්ෂ හවුලියෑන් සූ මහතා අද විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා හමුවීමට නියමිතව තිබේ.

පසුගිය සෙනසුරාදා දිනයේ දිවයිනට පැමිණි හවුලියෑන් සූ මහතා ඊයේ උතුරු පළාතේ සංචාරයක නිරත වුණි.


එහිදී උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන් මහතා හමුවී උතුරේ සංවර්ධන කටයුතු පිළිබඳවද සොයා බලා තිබේ.


හවුලියෑන් සූ මහතා උතුරු සංචාරයේදී පළාතේ දේශීය නිෂ්පාදන පිළිබඳව සොයා බලා ඇති අතර එම කටයුතු සඳහා සහයෝගය ලබා දීමටද එකඟතාව පළ කර ඇතැයි වාර්තා වේ.


එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ කලාපීය අධ්‍යක්ෂ හවුලියෑන් සූ මහතා හෙට දිනයේ දිවයිනෙන් පිටත්ව යාමට නියමිත අතර ඊට පෙර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු රජයේ ඉහළ පෙලේ නිළධාරීන් හමුවී සාකච්ඡා පැවැත්වීමටද නියමිතය.



Post a Comment