නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම මහතාගේ රියදුරු පොලිසියට බාර වී තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා සඳහන් කළේ අද පස්වරුවේ ඔහු උඩුගම පොලිසියට බාර වි ඇති බවයි.
වඳුරඹ ප්‍රදේශයේ මෛත්‍රිපාල සිරිසේන මහතාගේ වේදිකාවකට අලාභහානි සිදු කිරිමේ සිද්ධියට අදාළව නිශාන්ත මුතුහෙට්ටිගම මහතාගේ රියදුරුට බද්දේගම මහේස්ත්‍රාත් අධිකරණය විසින් වරෙන්තු නිකුත් කර තිබුණි.
සැකකරු හෙට දිනයේ අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට පියවර ගන්නා බව අජිත් රෝහණ මහතා සඳහන් කළේය.

Post a Comment