ලක් රජය දෙමළ ජනතාවට සමාන අයිතිවාසිකම් දිය යුතුයි

දෙමළ ජනතාවට සමාන අයිතිවාසිකම් ලබාදීමට ශ්‍රී ලංකා රජය කටයුතු කළ යුතු බව ඉන්දියාව පවසයි.

ඉන්දීය නාගරික සංවර්ධන හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය එම්.වෙන්කයියානාඉදු මෙය ප්‍රකාශ කර ඇත.


නිවැරදි ව්‍යවස්ථානුකූලමය රාමුවක් ස්ථාපිත කිරිම තුළින් මෙම වෙනස ඇති කළ යුතු බව ඔහු ප්‍රකාශ කර තිබේ.


ප්‍රාන්ත මට්ටමින් භාරතීය ජනතා පක්ෂයේ සාමාජිකත්වය ලබාදීමේ අවස්ථාවකට එක්වෙමින් වෙන්කයියානාඉදු මෙය ප්‍රකාශ කර ඇති බව ඉන්දිය මාධ්‍ය වාර්තා කරයි.


මෙරටදී මරණ දඬුවම නියම වී තිබු ඉන්දීය ධිවරයින් 05 දෙනා නිදහස් කරගැනීමට ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සිදුකළ මැදිහත්වීම සම්බන්ධයෙන් ද එහිදී ඉන්දිය නාගරික සංවර්ධන හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යවරයා ප්‍රශංසාව පළ කර තිබේ.



Post a Comment