මහින්ද වෙනුවෙන් සුසිල් ඇප තියයි

ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකයා වශයෙන් මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් අද ඇප මුදල් තැන්පත් කර තිබේ.

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් මහතා රාජගිරියේ පිහිටි මැතිවරණ මහ ලේකම් කාර්යාලයේ දී අද පෙරවරුවේ ඇප මුදල් තැන්පත් කර ඇත.


එම අවස්ථාවට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මැති ඇමතිවරුන් පිරිසක්ද සහභාගි වුණි.


මේ වන විට ජනාධිපතිවරණයට අදාළව දේශපාලන පක්ෂ කිහිපයක් ඇප මුදල් තැන්පත් කර තිබේ.



Post a Comment