නීති විරෝධී ලෙස මෙරට නිපදවන ලද බඳින තුවක්කු තුනක්(03) සහ බෝර දෙකකින් යුක්ත ගල් කටස් වර්ගයේ ගිනි අවියක් සමග සැකකරුවෙකු පුත්තලම පොලීසියේ රථ වාහන අංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඊයේ (12)සවස පුත්තලම - ගල්කුලිය ප්රදේශයේදී මෙම සැකකරුව අත්අඩංගුවට ගැනීමට පොලිස් නිලධාරීන් සමත්වී ඇති අතර සැකකරුද එම ප්රදේශයේම පදිංචිකරුවෙකු බව අද දෙරණ වාර්තාකරු පවසයි.
සැකකරු තමන්ට අයත් බව කියන යතුරු පැදියකින් මෙම ගිනි අවි රැගෙන යමින් සිටින විට අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
සැකකරු සහ ඔහු සතුව තිබියදී පොලිස් බාරයට ගෙන ඇති ගිනි අවි පුත්තලම දිසා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
පුත්තලම පොලීසිය වැඩිදුර විමර්ශන කටයුතු කරගෙන යයි.
Post a Comment