මම මාලනීට බැන්නේ නෑ


තමන් මාලනී ෆොන්සේකා මහත්මියට අපහාස වන අයුරින් ප්‍රකාශයක් සිදු නොකළ බව නියෝජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා පවසයි.


නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වාදෙන්නේ එලෙස ප්‍රකාශයක් සිදුකළේ නම් ඒ පිළිබඳව පරීක්ෂණයක් පවත්වන ලෙස කථානායකවරයාගෙන් ඉල්ලීමක් කරන බවයි.


සුජීව සේනසිංහ නියෝජ්‍ය අමාත්‍යවරයා තමාගේ පෞද්ගලික ජීවිතයට අපහාස වන අයුරින් ප්‍රකාශයක් සිදුකළ බව පාර්ලිමේන්තු මන්ත්‍රිනී මාලනී ෆොන්සේකා මහත්මිය ඊයේ පාර්මේන්තුවේ පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.


එහෙත් තමන් එවන් ප්‍රකාශයක් නොකළ බව සුජීව සේනසිංහ මහතා සඳහන් කළේය.



Post a Comment