චමල් ගැටලුව සුසිල්ට පවරයි


පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකවරයා සම්බන්ධයෙන් මතුව ඇති ගැටලුව හේතුවෙන් ඊට පත්කළ යුත්තේ කවුරුන්දැයි සාකච්ඡා කර තීරණයක් ගන්නා ලෙසට කථානායක චමල් රාජපක්ෂ මහතා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේම් ජයන්ත මහතාට දැනුම්දී තිබේ.


පාර්ලිමේන්තුව අද රැස්වූ අවස්ථාවේදී කථානායකවරයා මේ බව දැනුම්දී ඇත.


පාර්ලිමේන්තුවේ විපක්ෂයේ සිටින මන්ත්‍රීන් සමග සාකච්ඡා කර මේ සම්බන්ධයෙන් තීරණයක් ගන්නා ලෙසට ඔහු මෙම දැනුම්දීම කර තිබේ.


විපක්ෂනායක තනතුර මහජන එක්සත් පෙරමුණේ නායක දිනේෂ් ගුණවර්ධන මහතාට ලබාදෙන්නැයි සඳහන් අත්සන් 60ක ලියවිල්ලක් කථානායකවරයා වෙත කුමාර වෙල්ගම මන්ත්‍රීවරයා විසින් ඊයේ බාරදුන් බව ටී.බී ඒකනායක මහතා පවසා තිබුණි.


කෙසේ වෙතත් කථානායකවරයා ඊයේ කියා සිටියේ තමන්ට අදාළ ගැටලුව ගැන තවදුරටත් අධ්‍යයනය කිරීමට සිදුව ඇති බවකි.



Post a Comment