රත්නපුර මැණික් පතලක් කඩාවැටී 4ක් මරුට


රත්නපුර, ගිලීමලේ තට්ටු 20ක පමණ මැණික් පතලක කොටසක් කඩා වැටීමෙන් පුද්ගලයින් සිව්දෙනෙකු මියගොස් තිබේ.


මෙම අනතුරින් තවත් අයෙකු තුවාල ලබා ඇති අතර ඔහු මේවන විට රත්නපුර රෝහලේ ප්‍රතිකාර ලබයි.


අද පෙරවරු 9ට පමණ මෙම අනතුර සිදුව ඇත.


වයස අවුරුදු 30- 55ත් අතර සිව්දෙනෙකු මෙලෙස මියගොස් ඇති බව පොලිස් මාධ්‍ය ඒකකය පැවසීය.



Post a Comment